Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 26 වන බ්‍රහස්පතින්දා
(යොහාන් භාසුර)
වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා” යැයි ෆොන්සේකා මහතා ලංකාදීපයට පැවසීය. සිය තීරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න”
“සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”
“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ”
“අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
Mahesh Friday, 03 July 2020 08:54 AM
එහෙනම් ඉතින් මහින්දානන්දට එරෙහිව බොරු චෝදනා කරා කියලා නීතිමය පියවර ගන්න ඕනනේ. හිටපු ඇමති විදියට ඔහු කරේ ඉතා බරපතළ ප්‍රකාශයක්... ඔහුට මුදල් උපයාගත්තේ කොහොමද කියලත් ඔප්පුකරගන්න බැරි නීතිමය ගැටලුවකුත් තියෙනවානේ. අයිසිසි එක මේ ගැන අනිවාර්යයෙන්ම සොයා බලාවී...
Reply : 4 2251
Sanath Kandy Friday, 03 July 2020 10:29 AM
රටේ ඇත්ත ප්‍රශ්න යටගහන්න ඉහළම තැන්වල වුවමනාවට රඟදක්වන නාටක... ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කීර්ති නාමයට හානි කිරීමේ පාපය ජනතා විරෝධයක් ලෙස ආපසු කැරකී එන නිසා තමයි මේ පරීක්ෂණ නතර කළේ...
Reply : 6 1311
vinivida Friday, 03 July 2020 12:16 PM
සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වනවිට පත්වෙලා නොමැත. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වන්නේද නැත. සිදුවන්නේ ජරාජීර්ණ වූ ක්‍රීඩාව සහ මතුව ඇති සැකයන් පිළිබඳව රටේ ජනතාවට පැහැදිලි පිළිතුරක් ලබාදීම වේ. එසේ නොමැතිව අතරමග මෙම පරීක්ෂණ නතර කළහොත් මෙම පරීක්ෂණ නිසි ආකාරයට සිදුවීම් වළක්වාලීමට කුමන්ත්‍රණයක් සිදුව අැති බවට චෝදනා නැගෙන්නට පුළුවනි. මෙවැනි පරීක්ෂණ කිරීමෙන් ක්‍රීඩකයින්ගේ කීර්තිනාමයට කැළලක් වන්නේ නැත. කුලියට බෝඩ් එල්ලාගෙන සිටින පිරිසක් ඕනෑම තැනක දැකිය හැකිය. විශේෂත්වය නම් කිසිම ක්‍රීඩකයකු පරීක්ෂණ කිරීම අනවශ්‍ය බව සහ ඒවාට නොපැමිණෙන බව හෝ වර්ජනය කර හෝ නොමැත. ඔවුන්ද මේවාට සහභාගී වන්නේ ඉතාම කැමැත්තෙනි. අපේ ක්‍රීඩකයින්ගේ සහ අපේ ක්‍රීඩාවේ අපකීර්තිය නැතිකර ගැනීමට මෙම පරීක්ෂණ පවත්වා රටට සත්‍ය හෙළි නොකළහොත් අනාගතයේදීද මෙවන් චෝදනා එල්ලවනු ඇත. රටේ අනාගත පාසල් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රීඩාව අරක්ෂා කිරිම වර්තමාන ක්‍රීඩකයන්ගේ වගකීමකි..
221 12
සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 July 2020 08:56 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය වේවා...!!! සාධාරණ පරීක්ෂණයක් කෙරූ පරීක්ෂණ කණ්ඩායමටද ස්තූති වේවා..!!! මෙවන් බොළඳ උත්සාහයන් කරන දේශපාලකයන් රට නොමග යැවීමේ යටි උගුල් මින් ඉදිරියට හෝ නොකරාවි යැයි අප සිතනවා..." බැරි දේ පුලුවන්ද දත්මිටි කෑවාට..."
Reply : 303 1145
සෑම් Friday, 03 July 2020 11:24 AM
මෝඩ කථා කියන්න එපා. සාධාරණ පරීක්ෂණයක් කරේ නැහැ. මේක අග්ගිස්සේ රාජපක්ෂලා ඉන්න නිසා පරීක්ෂණ යට ගැහැව්වා. කාලකණ්ණි පාලකයෝ, රටේ මෝඩ මිනිස්සු මුන්ට මෙවර ඡන්දෙ දුන්නොත් ඉස්සරහට තියන ඔක්කොම දුෂණ විමර්ශන යට ගහනවා...
Reply : 303 1709
සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 July 2020 05:05 PM
මෝඩ.. කවුද සෑම් මෝඩ.. තමන්ගේ මිම්මෙන් අනුන්ව මනින්න එපා මං දන්නවා මීට පෙරත් ඔබ මේ වගේ දේවල්වලට කොක්ක දාගත්තා. ඔබ දේශපාලන ගත්තෙක් වුණාට මා මොනම පැත්තක එවැනි අයෙකු නොවේ. ඒ බැවින් ඔබගේ අදහස ඔබ වෙනම ප්‍රකාශ කරන්න මින් අනතුරුව... මෝඩයෙක් නිතරම දකින්නේ අනුන් මෝඩයි කියා.. එහෙත් ඤාණවන්තයෙක් නිතරම හිතන්නේ අනුන්ද නුවණැත්තන් කියා... කරුණාකර මින් ඉදිරියටවත් ඔය දේශපාලන අන්ධකාරයෙන් මිදී නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුරුදු වෙන්න.. මන් කිව්වේ මාගේ අදහස.. ඔබේ මෝඩකම කියන්නේ ඔබ අදාළ අදහස වෙනම කියන්නේ නැතිව වෙනත් අයෙකු කී දෙයක එල්ලෙනවා. හැබෑටම අප දෙනාගෙන් කව්ද මෝඩ...?
0 0
සපුමල්. Friday, 03 July 2020 07:39 PM
මේ සෑම් නැමැති අන්තවාදී ජෙප්පන් කොහේ ගියත් ඇද ගන්නේ බාල්දියක්මයි. තමන්ගේ අදහස කෙලින්ම කීමට බිය ඔහු සැමදා කරන්නේ දේශපාලනයට සම්බන්ධ නොමැති අයගේ ඇඟේ එල්ලීමයි. සෑම් මෝඩවුණාට ඔහු හිතන්නේ අන් අයත් මෝඩයි කියායි. කොහොමත් ඉතින් මෝඩකමට බෙහෙත් නැහැනේ... නේද?
0 0
ආනන්ද Friday, 03 July 2020 09:10 AM
කොහු පැමිණිල්ලක් නම් පැමිණිලි කරුට එරෙහිව අධිකරණය හමුවේ විභාගයක් සිදුකළ යුතුයි...
Reply : 0 837
Asanga Friday, 03 July 2020 09:32 AM
බොරු චෝදනා කරපු ඇමැතිට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක වියයුතුයි. එතකොටවත් අනිත් දේශපාලකයෝත් බොරු නාට්‍ය සංදර්ශන නවත්වයිනේ...
Reply : 0 518
ජගත් ලියනගේ Friday, 03 July 2020 09:33 AM
නටපු නැටුමකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ කියන්නේ ඔන්න ඔය වගේ දේවල්වලට... ජනතාවට දැන්වත් හිතන්න කාලය ඇවිල්ලා, විශේෂයෙන් මේ දවස්වල දේශපාලන කාරයි කියන ඒවා පිළිගන්නවාද නැද්ද කියන එක... මොකද ඒ ගොල්ලන් ජීවත් වන්නේ බොරුවෙන්මයි... එක පක්ෂයක් ඇරෙන්න.
Reply : 0 646
Wasudewa Friday, 03 July 2020 09:41 AM
අපේ රටේ බිහිවූ ලෝක පූජිත ක්‍රිකට් සුපිරි තරු දෙකක් වන සංගක්කාර සහ මහේලලාට මේ කරපු අපහාසයට... කෝටි ගාණක වන්දියක් ඉල්ලලා නඩු දාන්න තියෙන්නේ... මේක සමස්ත ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටම කරපු ඉතිහාසයේම නොවෙච්ච කලු පැල්ලමක්.. මේකේ පස්සේ හිටපු අර බුකීකාරයින්ට සහ හොර දේශපාලකයින්ට සමස්ත ක්‍රීඩා ඔන්ලයින්ම ඉදිරි ඡන්දයේදී නියම දඬුවම දෙන්න.
Reply : 0 1245
පෙරේරා Friday, 03 July 2020 10:06 AM
පරීක්ශණය ක්ෂණික නූඩ්ල්ස් වගේ. මාර ෆාස්ට්. ICC බලනව ඇති මේ මොකක්ද මේ පරීක්ශනේ කියලා.
Reply : 12 265
Kooralage Sunday, 05 July 2020 02:51 AM
මේ රස්තියාදුකාර ආණ්ඩුව ලෝකයා ඉදිරියේ පීචං වෙනවා. ඡන්දෙ දිනන්න කරන මෝඩ පාට් මොන තරම් ජාතියම පාවාදීමක්ද? මේ 8 පාස් නැති දේශපාලුවන්ට ඡන්දෙ දෙන අයට පුන්නක්කු තමයි කන්න දෙන්න ඕනේ..
Reply : 0 0
Anuruddha Friday, 03 July 2020 10:25 AM
රාජිතගේ සුදු වෑන් වගේ... මේකේ පැමිණිලි කාරයා රිමාන්ඩ් කරන්න බැරිද.?
Reply : 16 527
මෝ Friday, 03 July 2020 10:25 AM
මේ වගේ පැමිනිලි කොහොමත් ඉදිරියට යන්නෙ නෑ. ඉන්දියාවනෙ ඉන්නෙ අනිත් පැත්තෙ. කොහොමත් ඒ ගොල්ලා මේ පරීක්ශන වලට කැමතිවෙන්න්නනෙ නෑ. පරීක්ශන කමිටුවට ඉහලින් නියෝගයක් එන්න ඇති ඔය ඇති කියලා. දැන් ඉතිං හිතා ගනිමු මැච් එක හරියට ගැහැව්ව්වවා කියලා. කොහොමත් ගිය දේ ගියාවෙ.
Reply : 26 251
බද්රානි Friday, 03 July 2020 10:40 AM
මහින්දානන්ද මේ කතාව කිව්වේ, සාක්ෂි සහිතව ඔහුට එය ඔප්පු කළහැකි බවයි. බැරි වෙලාවත් ඔහුට එය ඔප්පු කිරීමට නොහැකි නම්, ඒ බරපතල චෝදනාවේ සම්පූර්ණ වගකීම ඔහු භාරගත යුතු වෙනවා. ලෝකයා ඉදිරියේ රට හා මේ රටේ කීර්තිමත් ක්‍රීඩකයින්ට අපහාස කළ මේ දේශද්‍රෝහියාව වහාම අත්අඩංගුවට ගත යුතු වෙනවා. ක්‍රීඩකයින්ගේ ප්‍රකාශ සටහන් කරගෙන පරීක්ෂණ යට ගැසෙනවා නම් එහි තිබෙන නීතිමය පදනම කුමක්ද? එක එකාගේ කට වාචාලකම්වලට මේ රටේ කීර්ති නාමය බිලිදිය යුතුද?
Reply : 9 805
Sachin Friday, 03 July 2020 10:42 AM
මේ අනිත් පරීක්ෂණ ටිකත් මෙහෙම ඉක්මණට කරන්න බැරිද? බැංකු කොල්ලකෑම, කුඩු පරීක්ෂණ, දූෂණ, කොමිෂන් ගැනීම වගේ ඒවත්...
Reply : 74 546
Dil Perera Friday, 03 July 2020 11:03 AM
අපිට දේශපාලනයක් අවශ්‍ය නැහැ.
Reply : 0 0
SANJEEWA Friday, 03 July 2020 11:32 AM
මහින්දානන්දව අත්අඩංගුවට ගතයුතුයි. අපේ රටේ කීර්තියටත්, ක්‍රීඩකයින්ගේ කීර්ති නාමයටත් කැළැලක් කළා.. දේශපාලනයටත් නුසුදුසුයි.
Reply : 0 132
Buddika Friday, 03 July 2020 11:39 AM
රටට ජාත්‍යන්තර කීර්තිය ගෙනාවා.. විදේශ විනිමය ගේනවා ක්‍රීඩකයින්ට එරෙහිව මේ චෝදනා කරපු ඇමැතිට එරෙහිව නඩු පැවරිය යුතුයි. ඡන්දය කාලේ ප්‍රසිද්ධිය ගන්න කරන තුට්ටු දෙකේ දේශපාලකයෝ... මේ අය තමයි රට කන්නේ...
Reply : 0 130
Raman Friday, 03 July 2020 11:47 AM
මහින්දානන්දට ඡන්දෙ දෙන්න එපා...
Reply : 0 149
ජයම්පති Friday, 03 July 2020 02:02 PM
කළ වින්නැහියක්... මහජන මුදල් නාස්තියක්...
Reply : 0 15
Nimal Friday, 03 July 2020 02:12 PM
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනතාවට ඉදිරිපත් කරන්න මේ ටෙලි නාට්‍යයේ කොටස් තුන හතරට කොච්චර වියදමක් මහජන මුදල් වලින් වැය වුණාද කියලා මින් මතුවටත් මේ වගේ විකාර නවත්වන්න මෙය හොඳ පාඩමක්..
Reply : 0 11
wasantha Friday, 03 July 2020 02:25 PM
බොරු චෝදනා නගමින් දේශපාලනයට පැනයාමට ඉඩ නොදිය යුතුයි. රජය උසාවි ගාස්තු අය කළ යුතු අතර ඇමතිවරයාගෙන් අපහාස කිරීම සඳහා වන හානිය අය කළ යුතුයි.
Reply : 0 9
Hafeel Friday, 03 July 2020 03:30 PM
මේ චෝදනාව සජිත් පාර්ශවයෙන් හෝ ජවිපෙ හෝ කළා නම්.., අද ඔවුන් හිරේ. මේකද එකම රට, එකම නීතිය..?
Reply : 0 62
Perera Friday, 03 July 2020 03:57 PM
මහින්දානන්දට ඔහොම කිරීමට අවශ්‍යතාවයක් නැත.. මේ වෙලාවේ වුවමනාවක්ද නැත. ඔහුකලේ ඔහුට ලැබුණු අණ පමණයි.
Reply : 0 44
ජනමන Friday, 03 July 2020 11:01 PM
වාචාලයාගේ මගඩි නාටකය පාරා වළල්ලක් බවට පෙරලී ඇත. අපි සාදු කියමු...!
Reply : 0 0
බණ්ඩා Saturday, 04 July 2020 01:27 AM
ජන්දෙ ලං වෙන්න වෙන්න පරීක්ෂණ ක්ෂණික නූඩ්ල්ස් වගේ නේ. බැරි ද අවුරුදු ගනන් ඇදෙන, හැමදාම කල් යන නඩුත් මේ වගේ ඉවර කරලා දාන්න. මේ පාර හොම්බෙන් යන්න වෙන්නේ.
Reply : 0 0
Demuni Uduwara Saturday, 04 July 2020 02:46 AM
ආසන්න මැතිවරණයක් සඳහා සංවිධානාත්මක කුමන්ත්‍රණයක් සංවිධානය කර ඇත.
Reply : 0 0
mohomed Saturday, 04 July 2020 03:28 AM
අම්මපා ඉන්න හිටින්න නියම රට
Reply : 0 0