
(නිමල කොඩිතුවක්කු )
ආණ්ඩුවට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සමගි ජන බලවේගයට සහයෝගය ලබාදීමට තීරණය කර ඇත.
ඔවුන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසීමේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්,ෆයිසල් කාසීම් යන මහත්වරුන් සහ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු මෙලෙස සමගි ජන බලවේගය සමග යළි එක්ව තිබේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ මෙම මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුව සමග එක්වූහ.
රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සමගි ජන බලවේගය සමග එක්ව සිදුකරන බවද මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතීන් අනුව වර්තමානයේ දේශපාලන පක්ෂ බිහිව තිබේ. එමනිසා රටතුල ජාතිවාදය ආගම්වාදය සහ දේශපාලන අස්ථාවරත්වය ඇතිව තිබේ. එදිරියේදී අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමේදී ප්‍රධාන පක්ෂ මුලිකව පාර්ලිමේන්තුවට සියලු ජාතීන්ගේ නියෝජනයක් පත්වන්නේනම් රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවීම මත විදේශය සබදතා සහ පවතින රජය කෙරෙහි විස්වාසය ගොඩනැගෙ. ජාතීන් අනුව වර්තමානයේ පක්ෂ බිහිවීමක් නොමැතිනම් කිසිවකු රට තුල බෙදීම් පිලිබදව හෝ බලය පිලිබදව හෝ අර්බුද ඇති කර ගන්නේ නැත.
මේ අය නැවත විස්වාස නොකරන්න. තව මාසෙකින් ඔය අය යනවා.
මණ්ඩුක න්‍යාය (ගෙම්බන්ගේ ගතිය) ශ්‍රී ලාංකීය දේශපාලන කලාවයි, දේශපාළුවන් හැමවිටම එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් පනිති. මහජනතාවට ඇති අප්‍රමාණ ආදරය නිසා ඔවුහු එසේ කරති.
ඔන්න පැන්නා.., ඔය ජාතියේ හැටි... වාසි පැත්තට හේත්තු වෙනවා... තමන්ගේ වැඩ කරගන්න...
තොප්පිය ඒ පැත්තට හැරිලා. වෙනම බලප්‍රදේශයක් දෙන්නම් කියලා පොරොන්දු වෙන්න ඇතිද?
ආණ්ඩුවේ ඇමතිකම් නැති නිසා එහෙම වෙනවා.