
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (21) පස්වරුවේ තීරණය කළේය.
අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණයට එළඹි අතර එම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන බලපෑම් ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම ද තව දුරටත් බලපැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ක්‍රිකට් හදන එක කෙසේවෙතත් මිනිස්ටර් ට ගෙදර යන්න වෙන්නේ ශම්මි සිල්වාට වෙන ලෝගෝ එකක් දාගෙන ප්‍රයිවට් ටීම් හදාගෙන ක්‍රිකට් ගහන්න ඒක අපිට හොඳ හොරු බලවත් ලංකාවේ
ශ්‍රිලංකාවේ ක්‍රිකට් ඉන්දියානුවන්ගේ සල්ලි වලට යට කරලා තියන බවට මේක හොඳම උදාහරණයක් .ශම්මි ඇතුළු කල්ලිය අත්අඩංගුවට අරන් අපරාධ චෝදනා ගොනු කල යුතුයි
කතෝලික හොර ශම්මි පාලනයෙන් ක්‍රිකට් බේරා ගමු .ශම්මි රටෙන් එලවමු .
අපේ කොල්ලන්ට දක්ෂතා තිබුනත් බුකි කාරයෝ , ශාම්මිල වගේ ඩිල් කාරයෝ නිසා අපි පරදවෙනවා , පරදවෙලා නිකන් කිච වෙනවට වැඩිය හොඳය ගෙදරට වෙලා නිකන් ඉන්න එක , ICC එකට බම්බු ගහගන්න කියල අපි අපේ ක්‍රිකට් දුශිතයන්ගෙන් ගලවගන්න ඕනේ , සුද්ද පවිත්‍ර කරගන්න ඕනේ , නැතිනම් අපට වෙන්නේ බටහිර ඉන්දීය කොදෙවුවන්ට වුන දෙය, දැනට ICC එකේ බලය ඉන්දියාවට තිබෙන නිසා ශාම්මිල බලවත් නමුත් ඉන්දියාවට ඕනේ විදිහට ලෝකේ ක්‍රිකට් විනාශ කරන්න ඉඩ දීල නවසිලන්තේ , ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ ඉන්න සුද්දෝ කැමති වෙන එකක නැහැ , පකිස්තනෙනුත් යම්කිසි සහයෝගයක් ඔවුන්ට ලැබේවි , එම නිසා ඉදිරියට අපට යම්කිසි සහනයක් ලැබේවි
හින්දියෙන් දැන් සැපද කියලා අහන්නේ කොහොමද කියලා කවුරු හරි දන්නවනම් කියන්නකෝ
සිල්වා කාරයාව කොටු කරන්න රටේ නීතියක් ඇත්තෙම නැද්ද ?
මොකා තහනම් උනත් කමක් නැහැ ක්‍රිකට් සුද්ද කරන අවංකව .අවංක නැත්නම් මොකා කලත් වැඩක් නැහැ
ඒකට කමක් නෑ.සහභාගිවෙන්න නොලැබුනත් කමක් නෑ.සුද්දයක් වෙන්නම ඕන.මේ පාලන රජයන් යටතේ තවත් හොරෙක් ඔතනට එනවා මිස වෙන දෙයක් වෙන්නේ නෑ.ජාජබ රජයක් යටතේ මුලුරටේම සිදුවන වෙනස්කම් සමග පිරිසිදු ක්‍රිකට් ඇතිවේවි.තව මාස කීපයක් ඉවසාසිටිමු.ඒ ජනාදිපති වරනය තෙක්.
ලංකාවේ පක්ෂ විපක්ෂ මෝඩ දේශපාලකයන් වලිගේ පාග ගෙන කරන විගඩම් නිසා වෙන දේවල්. ICC තරග වලට යන්න නමි ඒ අයගේ නිති වලට අපට යටත් වෙන්න සිදු වෙනවා. අපි මොන සද්දෙ දැම්මත් ඒවා වලංගු මේ රට තුල පමනයි.
එහෙම උන එක හොද දෙයක්.ඔක්කොටම කලින් මෙ කාලකන්නි හොරු ටික එලවල දාන්න ඔනි.ප්‍රස්නය මුලු රටම උන් හිරු බව කියද්දිත් රජය එ හොරු රැකිම
විගණකාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයථා මූල්‍ය ක්‍රියාකාරකම් වාර්තා කර ඇති බැවින් තමාට සහ පාර්ලිමේන්තුවට පියවර ගැනීමට සිදු වූ බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා ICC වෙත ලිඛිතව ලිවිය යුතුය. අවශ්‍ය නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට සහ පාර්ලිමේන්තුවට අයිතිය ඇත. දුර්වල කළමනාකාරිත්වයේ සහ දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ඉන්දියාවේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් දුර්වල දස්කම් දැක්වීම නිසා අනාගත ලෝකයට සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දීමට සිදුවන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළ යුතුය. කෝප්ප. ICC හි අනෙකුත් සියලුම පූර්ණ සාමාජිකයින්ට සෘජුවම ආරාධනා කරන අතර එවැනි අවමානයකට ලක්වීමට සිදු වන ICC හි එකම පූර්ණ සාමාජිකයා ශ්‍රී ලංකාවයි.
ජනපති ,අගමැති ,සභාපති , සහ ක්‍රීඩකයින් කෙලින්ම වගකිවයුතුයි .