(එෆ්.අස්ලම්)
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සහායට දැඩි විරෝධය පළකර සිටින දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාගේ එම උත්සහාය පරාජය කිරීම සඳහා නැගී සිටින බව අවධාරණය කර සිටී.
18 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති පාලනයක් බිහිකරන බවට ජනාධිපතිවරයා සඳහන් කිරීම පිළිගන්නා නමුදු 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ දේශපාලන අස්ථාවර බවක් ඇති කර ඇති බව නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද මෙම පක්ෂ අවධාරණය කරයි.
18 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතු අසීමිත ඒකාධිපති බලතල 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් අහෝසි කිරීමට හෝ සීමා කිරීමට හැකිව තිබේ. එම සංශෝධනය තුළින් පාර්ලිමේන්තුවට බලතල වැඩිකරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකිව තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
ඒකාධිපතිත්වය අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැප වෙමින් ජනාධිපතිවරයා කටයුතු කළ බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පාර්ලිමේන්තුව වෙත පැවරීමට එකඟත්වය පළකරමින් මූලික වී කටයුතු කළ නායකයා ද මෛත්‍රීපාල සිරිසේන මහතා බවද සුමන්තිරන් මහතා කීය.
එසේ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කළ ජනාධිපතිවරයා 19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් බවට මෙන්ම එතුළින් හා අරාජිකත්වයක් ඇතිකර තිබෙන බවට කරන ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානය වශයෙන් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානය 19 වන සංශෝධනය ඉවත් කිරීමට කිසිදු ආකාරයෙන් ඉඩනොදෙන බවත් සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්.අන්වර් මහතා පැවසුවේ ජනාධිපතිවරයා වත්මන් වාතාවරණයේ දී කටයුතු කරන ආකාරය ගැන සෑහීමට පත්විය නොහැකි බවයි.
රටේ දේශපාලන අස්ථාවරත්වය හටගැනීමට මූලික හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොවන බවත් පාලකයාගේ ඇති දුර්වලකම ඊට හේතුවී ඇති බවත් රට ශක්තිමත් වීමට නම් ආණ්ඩුව ශක්තිමත්ව පැවතිය යුතු බවත් හෙතෙම කීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් 19 වන සංශෝධනය අහෝසි කිරීමට කිසිදු ආකාරයෙන් සහය නොදක්වන බවත් හෙතෙම කීය.
ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති කළැයි ජනාධිපතිවරයා බවත් ජනාධිපතිවරයාගේ එම තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත කරනු ලැබුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට හිමි අසීමිත බලතල අහෝසි කිරීමෙන් යැයි ද මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක අන්වර් මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.
ඡායාරූපය - ඒඑෆ්පී (ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට එක තැන පල් වීමට අමතරව සුමන්තිරන්, හකීම්, බදිවුදීන් වැනි අන්ත ජාතිවාදීන්ට මේ රට නාටක මඩුවක් කිරීමට හැකි වී ඇත්තේ, එක පවුලකින් පලි ගැනීම අරමුණු කොට රැගෙන ආ මෙම අදූරදර්ශී 19 නමැති අට මගල නිසා ය. ඉන් ගැලවීමට හැකි නම් රටට සුබ දායක ය.
මෙයාලා මොකටද කට ඉස්සර කර ගත්තේ? දැන් ඉතින් අපේ සිංහල බෞද්ධ දේශප්‍රේමියෝ ටික අවි අමෝරාගෙන එයි ජනාධිපතිතුමාගේ සහයට...
රට අස්ථාවර වුනේ පාලකයන්ගේ අමන වැඩ නිසා මිසක් 19 වන ව්‍යවස්ථා සංශෝධන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වරදින් නොවේ. තමන්ගේ නිවටකම හා දුර්වලකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වහගන්න හිතනවා නම් එකත් තමන්ගේ අනුවණකම කියලා හිතාගත යුතුයි.
සිංහල බෞද්ධ රටේ බෞද්ධ අපිට ඕනෙ විදිහට ඉන්න.
අපේ රට ස්ථාවර වෙනවට මේ මිනිසුන් කවදද එකඟ වෙන්නෙ . කාලා බීලා නිදහසෙන් ඉන්න රටට වින කටින්න , කෑලි කඩන්න , ඔවුනගේ වර්ගයාටම අයිති කරගන්න මාන බල බලා ඉන්න තක්කඩි
ලංකාව වගේ රටක විධායක ජනාධිපති වරයෙක් සිටිය යුතුය. ජනාධිපතිවරයා සතු අසීමිත ඒකාධිපති බලතල ද තිබිය යුතුය. කොහොමත් සුළු ජාතින් කොහොමත් උත්සාහය ගන්නේ එයාලගේ බලතල වැඩි කරගන්න. අනේ පාර්ලිමේන්තුවේ සිටින්නේ කවලම් උන ය නිසා එයාල ගන්න තීරණ එතරම් රටේ අනාගතයට සුබ නැහැ. ඒ නිය තමා ගොඩක් අය උත්සහ ගන්නේ ප්‍රාන්ත වලට බෙදා ගන්න.එහෙම උනාම උතුරු නැගෙනහිර එයාලට ඕන කරන විදියට පාලනය කර ගන්න පුළුවන්.
ඉන්දියාවේ කකුලෙන් ඇදිල්ල ව්‍යවස්ථාව හරහා ඇවිල්ලා කියලයි මට නම් හිතෙන්නේ... ලංකාවේ ජනධිපතිලත් හිතන් ඉන්නේ ජනාධිපති වුණාම රජ්ජුරුවෝ කෙනක් කියලා... පරම්පරාවෙන් එන නායකත්වයයි, ජනතාවගේ කැමැත්තෙන් එන නායකත්වයයි වෙනස් කියලා හිතන්නේ නැහැ. රාජපක්ෂ ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් නොකර යුද්ධය දිනලා දෙවැනි වරින් අයින් වුණානම් මිනිසුන් අතර යම් කිසි විශ්වාසයක් ගොඩ නැගෙනවා. බදාගෙන කන්න ගියාම අනෙකුත් මිනිසුන්ටත් එපාවෙනවා.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යතාවය ඉතා වැදගත්වේ. මන්ද මෙරට බහු ආගමික, බහුජාතික, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් පරිශීලනය කරන ශ්‍රී ලාංකිකයන් පමණක් ජීවත් වෙන වෙනත් රටක් මේ ලෝකයේ නැත. එහෙයින් අපේ රටේ රාජ්‍ය නායකත්වය ශක්තිමත් විය යුතුය. ඊලග මැතිවරණයේ දී රාජ්‍ය නායකත්වයට පත් වන ජනාධිපති හා අගමැති මහජනතාවගේ කැමැත්තට අනුව සහ වෙනත් බාහිර දේශපාලන අන්තවාදී මතයන් හා විදේශීය පුද්ගලයන්ගේ මතයන් ස්ථානෝචිතව බැහැර කිරීමට හෝ සෘජු බුද්ධිමත් එඩිතර තීන්දු තීරණ ගැනීමට නම් හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය නිසි ලෙස ගෙන යාමට නම් එකී තනතුරු වල බලය තිබිය යුතුයි. 19 වන සංශෝධනය මගින් බල ශුන්‍ය කර ඇති ජනාධිපතිවරයාගේ බලතල බල සහිත කල යුතුයි. මූලිකව ජාතික ආරක්ෂාව පිලිබඳව හා රටේ නෛතික ක්‍රියාවලිය පිලිබඳව ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කොට ස්ථාවර කල යුතුය. රටේ ජනාධිපති හා අගමැතිවරයා ගේ බලය ස්ථාවර කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර එක්සත්කම හා ජාතික ආරක්ෂාව තහවුරු කල හැකි අතර ජාතිවාදී අන්තවාදී දේශපාලකයන්ගේ මතයන් වර්ධනය වීම වැළැක්විය හැක. කෙසේවුවද ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ මේරට පමණි.
MAX, ඔයා පළපුරුදු කෘර ආත්මාර්ථකාමියෙක් නැතහොත් ප්‍රයෝගිකව හෝ න්‍යායානුකුල දේශපාලනය නොදන්නා කෙනෙකි. ඔබ නොදන්නා කෙනෙකු නම් කීයලා දෙන්න යන එක නොකාපු දෙයක රස කියල දෙනවා වගේ වැඩක්. ඒ නිසා කාලම රස බලා ගන්න කරුණු කාරණා අපක්ෂපාතිව විමසා බලා අවබෝධ කරගන්නත් පුළුවන්. නොදැන අදහස් ප්‍රකාශ කිරීම වඳුරට දැලිපිහිය අහු උනා වගේ හැමතැනම කපාගන්නවා.