
ලුණුගල ප්‍රසන්න පත්මසිරි
පස්සර 13 කණුව අසළදි බස් රථයක් ප්‍රපාතයට පෙරළීමට ප්‍රධානම හේතුව බව කියන මාර්ගයට වැටී තිබෙන කළු ගල වහාම ඉවත් කරන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළේය.
පළාතේ ආයතන ප්‍රධානීන් සමග ආණ්ඩුකාරවරයා නිළ නිවසේ පැවති රුස්වීමකදි පළාතේ මාර්ග වල තිබෙන අවදානම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසද අදාල බළධාරීන් උපදෙස් දී තිබේ.
බස් රථ අනතුරින් මිය ගිය අයගේ පවුල් වල සාමාජිකයින්ට පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය,පළාත් ආණ්ඩුකාර අරමුදල සහ රක්ෂණ සමාගමකින් වන්දි මුදල් පරිත්‍යග කිරීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කිරීමට මෙතරම් කල්ගත්වුයේ මන්ද ? මෙය පය 24ක් ඇතුලත කලයුතු ක්‍රියාවක් උවත් මස ගණනක් ගතවුයේ නිලදාරීන්ගේ නොසලකිලිමත්බව නිසාද නොඑසේනම් අතයට ගනුදෙනුව නියමිත ආකාරයට සිදුනොවූ නිසාද ?
ඕක දැන් පෙරළන්න ඕන තැන ඉන්න අයගේ ඔලුවට තමයි.
සත 05ක වැඩක් නැති දේශපාලකයන් ඉන්න රටක ජනතාවට ඉතින් දෙයියන්ගේම පිහිට තමයි.
දැන්ද දැක්කෙ. ලංකාවේ බෝහෝ දේ සිදු වෙන්නේ මෙහෙම තමා. පාරවල් වල කාණු කපන එකෙත් සීමාවක් නැහැ. අබලන් පාරවල් හදන්නේ නැහැ. පළමු වර හැදුවාට පස්සේ ඒව කඩලා බිඳලා දානවා හොයන්න කෙනෙක් නැහැ. මේවා නිවැරදි විය යුතුයි.
වහාම ඉවත් කරන්න... අනේ එපා.. මැරිච්ච අයගේ නම් ටික කොටලා ස්මාරකයක් හදන්න. මාස 06ක් පරිස්සම් කරගෙන හිටියා වගේ ඉතුරු ටිකත් ඔහොම්ම යන්න. තව අනතුරු වෙලා මිනිස්සු මැරුණොත් එයාලගේ නමුත් කොටන්න ඉඩකඩ තියන්න. පස්සේ උත්සවාකාරයෙන් විවෘත කරන්න පුළුවන්නේ.
නොදකින්... අපතයින් සෙට් එකක්... දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරි.. මේ ඔක්කොගේම නැට්ට කපන්න ඕනෑ.. හරක් රැලක්නේ....
පස්සර අනතුරේ නොදකින පැත්ත පස්සර රිය අනතුර ඉතා ඛේදජනකයි, මෙහි සියලු වගකීම එම මාර්ගය අයත් (මර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය) බාරගත යුතුයි. ප්‍රධානම හේතුව එම වංගුව සහ එම පල්ලම සලකා ප්‍රමාණවත් ආරක්ෂක වැටක් නොමැති වීම. වහාම එම වංගුව සහිත පාර සැලසුම් නිලධාරියාට නඩු පැවරිය යුතුයි. විශේෂ මාර්ග කොන්ත්‍රාත්තු කරුවෙක් ලවා පාර සැකසුවේ නම් ඔහුගේ වගකීම එම වංගුවේ ආරක්ෂාව මදිකම අදාල ඉංජිනේරුවාට දැන්වීමයි. එ් නිසා එම ආයතනයටද නඩු පැවරිය යුතුයි. එවැනි අවදානමක් ඇති තැනට පොලිසිය කිසිම අවදානයක් යොමු නොකිරීම. අඩුගානේ පාරේ අහිංසකයෙක්ව මරාගන්න ඉන්න පොලිස් නිලධාරියෙක් නොයෙදීම.. පොලිස් රථවාහන OIC ගෙදර යැවිය යුතුයි. මොකද ඔහු මාර්ග සහ මහජනතාවගේ ආරක්ෂාවට වගකිව යුතුයි. රියදුරා නිවැරැදි කිරීමක් කරනවා නොවේ. මෙවැනි ස්ථාන බොහොමයක් ලංකාවේ තියෙනවා අඩුගානේ කොන්ක්‍රීට් තාප්පයක්වත් තිබිය යුතුයි. රියදුරෙකු විදිහට ඉදිරියේ එන වාහනය, ඉදිරියේ පාර, ගැන අවදානය යොමු කළාට අවසානයේ පාර අයිනේ පසේ ස්වභාවය හිතනකොට පෙරලිලා ඉවරයි. එම පාරට වැටුණු ගල ඉවත් කිරීම නොකළ නිලධාරින් වහාම සේවයෙන් සදාකලිකව පහකළ යුතුයි.