(ටෝනි කරුණානායක)

කඩවත පොලිස් වසමේ දී අවුරුදු 12 බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක්  මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.

එම සිර දඬුවමට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද නියම කෙරුණි අගතියට පත් සිසුවාට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද නියම කෙරුණි .

දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 06 ක සිර දඬුවමක්ද වන්දි මුදල් නොගෙවන්නේ නම් එක් වසරක සිර දඬුවමක් ද නියම විය .

කොලොන්න ඕමල්පේ ස්ථිර පදිංචිකරුවකු වන විතාරණගේ කීර්ති සම්පත් නැමැති (අවු.27) විත්තිකරුට මෙසේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම විය .

2015 වර්ෂයේ මැයි මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉහත චෝදනා සිදුකර තිබුණි .