‘සමෘද්ධි බැංකුව සක්විතිගේ මුල්‍ය ආයතනය වගේ’ - රාජිත
රටක පවතින සෑම බැංකුවක්ම මහ බැංකුව යටතේ පැවතිය යුතු බවත්, එසේ නොමැති සමෘද්ධි බැංකුව සක්විති රණසිංහගේ මූල්‍ය ආයතනය බඳු එකක් බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.