ලක්ෂ දෙකක අල්ලසක් ගත් ආනයන අපනයන පාලකයෙක් අත් අඩංගුවට
වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ජපානයෙන් වාහන දෙකක් අපනයනය කිරීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුව ලබා දී තිබූ නිර්දේශය අවලංගු කරන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගත් එම දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකයා අද (20) පන්නිපිටිය තලවතුගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.