



ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දිගින් මීටර් 185 කින් යුක්ත මෙම නෞකාව ටොන් 18000 ක ධාරිතාවයකින් යුක්ත වේ. එම නෞකාවේ නිලධාරීන් සහ නාවිකයන් 380 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.
තවද නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කමාන්ඩර් ආර්.සී ට්‍රයන් මහතා කටයුතු කරයි.
‘රුෂ්මෝර්’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.
එළඹෙන දෙසැම්බර් 26 වැනි දා මෙම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
2025 ඔක්තෝබර් මස 08
1682
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
506
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවේ ‘රුෂ්මෝර්’ නෞකාව කොළඹ වරායට
රවින් Saturday, 22 December 2018 12:02 AM
අපේ රටේ තියන වරායවල වටිනා කම පේනවා නේද? රුසියානු යුධ නැවු තුනක් දැනට කොළඹ වරායේ. ඇමරිකාවත් ඇවිල්ල. චිනේත් දකුනෙලු මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ සතියක් ඇතුලත.
jayasena Saturday, 22 December 2018 01:51 AM
අනේ මන්ද ඇමෙරිකාවේ උනාට මලකඩකාපු එකක්නේ .
මානෙල් අනෝදා Saturday, 22 December 2018 06:08 AM
මෙහෙමයි ඔය යමුනා නෞකාව තියෙන වෙලාවේ මේක ගෙන්න ගත්ත එක වැරදියි. වැරදිලාවත් දෙගොල්ලෝ වෙඩි පත්තු කරගත්තොත්? 3 වන ලෝක යුද්දේ අපි පටන් ගත්ත්ටා කියලා දොස් අහන්න වෙයි