(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 153 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු කිලිනොච්චිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිළධාරීන් විසින් අත්අංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකදී සැකකරු මරදනගර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැනීමට මුලතිව් සහ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් සමත් වූහ.
සැකකරු කිලිනොච්චිය මරදනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එල්. සුදාජීව නැමැති අයකු වන අතර සැකකරු විසින් අදාළ කේරළ ගංජා තොගය දකුණු පළාතට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවට පොලිස් විශේෂ කාර්ය බළකාය කීය.
(ඡායාරූප - සිතුම් චතුරංග හා රොමේෂ් මධුශංඛ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ හමුදා කදවුරු ඉවත් කරන්න කියන්නේ මේ වගේ ව්‍යාපාර වලටත් එක්ක තමා!
අත්අඩංගුවට ගැනීම ස්ථාන මාරුවකට මුලවී ඇත...