එමිල් රංජන් යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රැදවියන් 27 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ රඳවා සිටින, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය. 24 December 2018
සිරකරුවන්ට හෙරොයින් රැගෙන ආ ඖෂධ සංයෝජක රිමාන්ඩ් බන්ධනාගාරය තුළ විකිණීම සදහා වේදනා නාශක බෙහෙත් කරල් 19ක් තුළ සඟවා හෙරොයින් ග්‍රෑම් හතයි මිලිග්‍රෑම් 30ක් බන්ධනාගාරයට රැගෙන ආ බව කියන බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරයකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් කේ. වයි. පෙරේරා මහතා අද (24) නියෝග කළේය. 24 December 2018
‘ ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුදැයි තවම තීරණයක් නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව ඉදිරියේදී ගොඩනගන පුළුල් දේශපාලන සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නැතැයි එම පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 24 December 2018
විපක්ෂයක් ලෙස ශක්තිමත්ව මැතිවරණවලට මුහුණදීමට එජනිසයේ තීරණයක් විපක්ෂයක් ලෙස ශක්තිමත්ව කටයුතු කරමින් ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා පුළුල් පෙරමුණක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව අද (24) තීරණය කර ඇත. 24 December 2018
ත්‍රීවීල් ගාස්තුවත් පහළට ත්‍රීරෝද රථ ගාස්තුව ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ( 24) පැවසීය. 24 December 2018
නව කැබිනට් මණ්ඩලයේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රමාද වන ලකුණු නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 December 2018
සිරකරුවන්ට මත් කුඩු අලෙවි කළ ඖෂධ සංයෝජකයෙකු අත්අඩංගුවට වේදනා නාශක බෙහෙත් කරල් 19 ක අඩංගු ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකු බන්ධනාගාර නිලධාරීන් අද (24) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 24 December 2018
බස්නාහිර ඩෙංගු අවදානම ඉහළට බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ අවදානම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය,පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි. 24 December 2018
නව වසරේ පළමු කැබිනට් රැස්වීම 2වැනිදා නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පළවූ කැබිනට් රැස්වීම දෙසැම්බර් 20වැනිදා පෙරවරුවේ පැවැත්වූ අතර එය විනාඩි 20කට පමණ සීමා විය. 24 December 2018
‘කල්පිටිය කතුන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගුයි’ කල්පිටිය අර්ධද්වීපයේ කාන්තාවන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගු වන බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසයි. 24 December 2018
තිස්ස විතාරණ ආණ්ඩුව ගැන කියයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන ඉදිරි මහ මැතිවරණයෙන් අවසන් වන බව දන්නා නිසා රජය පවත්වාගෙන යෑම සඳහා හැම තැනකින්ම ආණ්ඩුව ණය ගන්නේ යැයි ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය. 24 December 2018
‘අතුරු සම්මත ගිණුම සම්මත කිරීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නැති බව තහවුරු වුණා‘ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවට එක්සත් ජාතික පක්ෂය පම්පෝරි ගැසුවද අතුරු සම්මත ගිණුම සම්මත කිරීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව තහවුරු වූ බව කලූතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24) පැවැසීය. 24 December 2018
ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපති මහාචාර්ය අමීර් යාරෝන් ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය අමීර් යාරෝන් පත් කර ඇත. යාරෝන් ඇමෙරිකා එක්සත් ජනපද මූල්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකි. 24 December 2018
ජනපති-ආසන සංවිධායකවරුන් අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 24 December 2018
පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 7ක සිර දඬුවමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාට එරට දූෂණ විරෝධී අධිකරණයක් මගින් අද (24) වසර හතක සිර දඬුවමක් නියම කළේය. 24 December 2018
ගැබිණි සේවිකාවට අතවර කිරීමට ගිය ආයතනයේ ලොක්කෙක් රිමාන්ඩ් පන්නල මාකදුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සිව්මස් ගැබිණියට අතවර කිරීම තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ආයතනයේ ප්‍රධාන නිළධාරියෙකු මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය. 24 December 2018
අජිත් පී පෙරේරා වැඩබාර ගනී ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීම අද (24) සිදුකෙරිණි . 24 December 2018
‘අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරනවා’ ජනතාවට සිතාගන්නට බැරි අදහාගන්න බැරි අයවැයක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(24) පැවැසීය. 24 December 2018
චන්ද්‍රානි බණ්ඩාර වැඩ බාර ගනී කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද(24) සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි එම අමාත්‍යාංශයේදී නව අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තාය. 24 December 2018
ලොව උසම ප්ලාස්ටික් නත්තල් ගස මෙක්සිකෝවෙන් ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් ලොව උසම නත්තල් ගස මෙක්සිකෝව විසින් නිර්මාණය නිර්මාණය කරනු ලැබ තිබේ. 24 December 2018
ගිනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට කුරුවිට පොලීසිය කුරුවිට ලෙල්ලගොඩ අතුරු මාර්ගයේ බේන්දලූව ප්‍රදේශයේ දී සිදුකළ වාහන සෝදිසියකදී පාරේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ රිපීටරයක්, උණ්ඩ තුනක්, ත්‍රිරෝද රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අද (24) අලූයම අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි. 24 December 2018
ජෝන් අමරතුංග වැඩ බාර ගනී සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (24) එම අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේය. 24 December 2018
මැතිවරණ වසරකට සුදානම් වන්නැයි ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට ජනපති දැනුම් දෙයි ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද (24) දැනුම් දී ඇත. 24 December 2018
පළාත් කිහිපයකට අදත් වැසි උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල අද (24 ) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2018
රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ අරඹයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) සිය අමාත්‍ය ධුරයේ වැඩබාර ගත්තේය. 24 December 2018
ගංවතුරෙන් උතුරේ පවුල් 18,585 ක් අවතැන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 18,585 කට අයත් පුද්ගලයින් 60,345 දෙනෙකු විපතට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 24 December 2018
කුලප්පු වූ අලියා ඇත්ගොව්වා මරා දමයි කරන්දෙණිය 6 කණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ මිහිඳු පෙරහැරේ ගමන් කරමින් සිටි අලියකු අද (24) අලුයම කුලප්පු වී ඇත් ගොව්වා මරා දමා තිබේ. 24 December 2018
බසයක ගැටී අලියෙක් මරුට පුත්තලම , අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් අලි පැටවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බස් රියෙහි කොන්දොස්තරවරයා තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 24 December 2018
ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාව යෙදීම ගැන වාර්තාවක් කැඳවයි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. 23 December 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026