ජ්‍යෙෂ්ඨයින් යැයි කියන පිරිස් බොහෝමයක් දවල් මිගෙල් රෑ ඩැනියෙල් අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හෝ ප්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ ඩැනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය. 07 August 2019
වී ගබඩා කිරීමෙන් කොපමණ පාඩු වී දැයි හොයන්න විශේෂ කණ්ඩායමක් මත්තලට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් එයට සිදුව ඇති පාඩුව කොපමණදැයි ගණනය කිරීම සඳහා වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් හෙට (08) පෙරවරු 8.30ට මත්තල ගුවන්තොටුපලට යෑමට නියමිත බව එම ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කරයි. 07 August 2019
ජනපති කොමිසමේ සාක්කි දුන් අධ්‍යාපන අධ්‍යක්ෂගේ ස්ථාන මාරුව අවලංගු කරයි රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දුන් අධ්‍යාපන අමාත්‍යංශයේ සැපයුම් අංශයේ අධ්යක්ෂ අයි බී සී කේ ඉලංගසිංහ මහතාට හදිසියේ ලබා දුන් ස්ථාන මාරුව වලංගු කරන අධ්‍යාපන ලේකම්වරයාගේ ලිපිය අද එම අධ්යක්ෂවරයා අතට ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 07 August 2019
නාත්තණ්ඩියේ පොහොට්ටු මන්ත්‍රීට ඇප නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රි උපුල් හේරත් රුපියල් ලක්ෂ පහ බැගින් වන සහතික ඇප දෙකක් මත මුදා හැරීමට මාරාවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා අද (7) දහවල් නියෝග කළේය. 07 August 2019
‘අගොස්තු අවසන් වන විට හිමි විය යුතු සෑම පවුලකටම සමෘද්ධිය දෙනවා‘ අගොස්තු මාසය අවසන් වනවිට සමෘද්ධි ප්රතිලාභ හිමිවිය යුතු සෑම පවුලකටම සමෘද්ධිය ලබා දෙන බව ප්‍රථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය. 07 August 2019
මරණ දඩුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල යැයි විශේෂ පෙත්සමක් මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ප්‍රකාශ කර , ඒ බව කතානායකවරයාට දැනුම් දෙන ලෙස ඉල්ලා මහාචාර්ය කමීනා ගුණරත්න මහත්මිය අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 07 August 2019
විදුහල්පතිවරුන්ට ඡාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් විදුහල්පතිවරුන්ට ඡාත්‍යන්තර මට්ටමේ විශේෂ පුහුණුවක් ලබාදී විදුහල්පති භූමිකාවේ විප්ලවීය වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 07 August 2019
පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලයි පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා ප්‍රහාරය පිටුපස සිටින බලවේගවලට දඬුවම් කිරීමට ස්වාධීන පරීක්ෂණ කොමිසමක් කඩිනමින් පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කළ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (7) පැවැසීය. 07 August 2019
පොහොට්ටුවේ සම්මේලනයට ශ්රීලනිපය එන්නේ නෑ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවීමට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (7) පැවැසීය. 07 August 2019
සණස බැංකු කළමනාකාරිණිය 20 තෙක් රිමාන්ඩ් බලන්ගොඩ මොරහැර උඩවෙල සණස බැංකුවේ තැම්පත්කරුවන්ගේ රුපියල් කෝටි 15 ක ආසන්න මුදලක් වංචා කර ඇතැයි චෝදනා ලැබ සිටින එම බැංකුවේ හිටපු කළමනාකාරිණිය අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (7) නියෝග කළේය. 07 August 2019
උපාලි තෙන්නකෝන් නඩුවෙන් හමුදාවේ 6ක් මුදාහරින්න යයි රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින යුද හමුදා සාමාජිකයන් අට දෙනාගෙන් හය දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නැති හෙයින් නීතිමය පියවර නොගන්නා බවට නීතිපති දැනුම් දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය. 07 August 2019
ජනපතිගේ ප්‍රකාශය වැරදි බව මන්ත්‍රීවරු කියති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා ලෙස රුපියල් ලක්ෂ හතරක් පමණ ලැබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණත් තමන්ට එතරම් දීමනා ලැබෙන්නේ නැතැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී අද (7) පැවසූහ. 07 August 2019
කසිප්පු විස වීමට හේතුව, නොයෙදිය යුතු පිපුම් කාරක භාවිතයයි දැනට වෙළෙඳපළේ පවත්නා, ’ආහාර සඳහා යෙදීමට නොව’ ලෙසින් සඳහන්ව ඇති පිපුම් කාරකයක් කසිප්පු පෙරීමේදී භාවිතයට ගන්නා බැවින් කසිප්පු විස වී ඇතැයි කසිප්පු පෙරීමේ නිරතවන්නෙක් පැවසීය. 07 August 2019
ගම්පහ මහ රෝහලේ ශල්‍යාගාර 6 ම වසා දමයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය යළිත් වරක් අක්‍රීයවීමෙන් ශල්‍යාගාර 6 ම අද (7) වසා දැමීමට සිදුවීම මත සියලුම ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇත. 07 August 2019
කොළඹ වරායේ අධි ආරක්ෂිත කලාපයේ ධීවර කටයුතුවල යෙදුණු 13 ක් දැලේ කොළඹ වරායට පිවිසෙන හා පිටවන මුහුදු මාර්ග අවහිර කරමින් අධි ආරක්ෂිත කලාපයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ධීවරයින් 13දෙනෙකු යාත්‍රා තුනක් සමග අද(07) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 07 August 2019
කසිප්පු බී මිය ගිය ගණන 14ට නගී බාදුරාගොඩ ප්‍රදේශයේදී අගෝස්තු (01) හා (02) යන දිනවල විස සහිත කසිප්පු පානය කර, රෝහල්ගතව සිටි තවත් පුද්ගලයකු අද(07) රාගම ශික්ෂණ රෝහලේදී මියයාමත් සමග එම සිද්ධියෙන් මියගිය ගණන 14 දක්වා ඉහළ ගොස් ඇත. 07 August 2019
‘රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන ඉදලා වැඩක් නැහැ‘ රාජපක්ෂ යුගයේ අත්සන් කළ ගිවිසුම්, ලබා ගත් ණය සහ රට පත්කළ ආගාධයෙන් ගොඩ ගැනීමට වත්මන් ආණ්ඩුවටම සිදුවන බැවින් රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන සිටීමෙන් ඵලක් නොවන බව ප්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය. 07 August 2019
ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ තවත් 3ක් අත්අඩංගුවට ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ, ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අද(07) අම්පාර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 07 August 2019
රජයේ ආයතන 4 ක තොරතුරු පරස්පරයි මධ්‍යම පරිසර අධිකාරිය කුඩා ජල විදුලි බලාගාර 256කට අනුමැතිය ලබා දී ඇතැයි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී අභියාචන විභාගයක දී අනාවරණය විය. 07 August 2019
ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 07 August 2019
කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීට අධි චෝදනා ගොනු කරයි රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි සැකකරුවකු ලෙස නම් කර සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතීපතිවරයා අද කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබේ. 07 August 2019
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමාල් වැඩ බාර ගනී දකුණු පළාත් සභාවේ 10වන ආණ්ඩුකාරවරයා ලෙස හේමාල් ගුණසේකර මහතා අද (07) වැඩ බාර ගත්තේය. 07 August 2019
ගුණතිලක - කරන්නාගොඩ ඉහළම තනතුරු ලබති විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාවේ මාර්ෂල් වරයා (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්) ලෙස උසස් කරනු ලැබ ඇත. 07 August 2019
චන්දිමාල් - අකිල ටෙස්ට් සංචිතයට නවසීලන්තයට එරෙහිව ලබන 14 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත්ව සිටිති. 07 August 2019
කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් නඩු භාණ්ඩ ලෙස තිබූ, ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 07 August 2019
ඇට වර්ගයක් විස වී ළමුන් 7ක් රෝහලේ මඩොල්සිම කොකාගල වතුයායේ කෝවිලකදී කිසියම් ඇට වර්ගයක් ආහාරයට ගත් කුඩා ළමුන් හත්දෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත්කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතයි මඩොල්සිම පොලීසිය පවසයි. 07 August 2019
රනිල් - සජිත් රහසේ හමුවෙති එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් අද (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. 06 August 2019
රුහුණු සරසවියේ සිසුවෙකුට නවක වධය දුන් සිසුන් 19 ක් රිමාන්ඩ් රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා අද (06) නියෝග කළේය. 06 August 2019
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් අද (06) රාත්‍රී 7.00 ට දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය. 06 August 2019
කෝටි 15ක් වංචා කළැයි සණස කළමනාකාරිනිය සැකපිට අත්අඩංගුවට බලංගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවෙන් රුපියල් කෝටි 15ක මුදලක් රැගෙන පළා ගිය බව කියන එහි හිටපු කළමනාකාරිනිය මාස අටකට පමණ පසු අද (06) සවස අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය කියයි. 06 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026