( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් එයට සිදුව ඇති පාඩුව කොපමණදැයි ගණනය කිරීම සඳහා වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් හෙට (08) පෙරවරු 8.30ට මත්තල ගුවන්තොටුපලට යෑමට නියමිත බව එම ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව එම ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරී ගෙන් යුතු කණ්ඩායමයක් මෙම ගුවන්තොටු පළට යන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.
මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සමබන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම කොමිසම මීට පෙර තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබිණි.
එම ගුවන්තොටුපළේ ඇතැම් ස්ථාන වලට හානි සිදුව ඇති ව එම පොලිස් නිලධාරීන් තොරතුරු ලබා ගෙන තිබූ අතර ඒ අනුව එම ගුවන්තොටුපළට සිදුවූ හානිය ගණනය කිරීම කොමිසම තීරණ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මහින්දව සුද්ද කරනවා නොවේ... වැරදි ලෙස මෙම අදහස් තේරුම් ගැනීමෙන් වළකින ලෙස සඳහන් කිරීමට කැමැත්තෙමු. අප කැමතියි ඒ කාලේ මේ තුන් ලෝකෙටම නද දීලා වී ගබඩා කිරීමට කෑ කෝ ගසපු පරයින්ගේ විස්තර, ඡායරූප දැක ගැනුමට..
යලට, මහට ගුවන් යානා පැමිණෙන ලෝකයේ එකම ගුවන් තොටුපල බවට පත්වෙලා තියෙන ඔය අටමඟලේ හදපු එකෙන් කොච්චර පාඩුවක් වුණාද කියලා හොයන්න අදහසක් එහෙම නැද්ද?
අපි දන්නා තරමින් ගුවන් තොටුපලේ වී ගබඩා කරලා තිබුනේ කාර්ගෝ ගබඩාවේ මිස මගි පර්යන්තයේ නොවේ.
ඕනෑම රටක ගුවන්තොටුපළවල් අවම වශයෙන් දෙකක්වත් තිබිය යුතුමයි. ප්‍රධාන තොටුපළ පාවිච්චි කළ නොහැකි ඕනෑම අවස්ථාවක ඊළඟ තොටුපළ භාවිතා කළ හැකියි. නැත්නම් ආසන්න රටට විශාල මුදලක් දී එහි ගුවන්තොටුපළ භාවිතා කරන්නට වෙයි. මේවා රටේ සම්පත්. හදපු කෙනා ගෙදර අරන් ගියේ නෑනේ. මෙහි වී ගබඩා කළේ ඊට අවමන් කිරීමේ කෘෘර මනසකින්. සියලු වන්දි පෞද්ගලිකව අයකර ගත යුතුයි.
සිරිමල්, ඔයාගේ සමනල් ප්‍රශ්නයට මට හිනාත් යනවා. මේ ආණ්ඩුවේ මොන වැඩෙන්ද ලාභ වුනේ කියන්නකෝ...
ඔව් නේද මාටියා ගැහුවත් මහින්ද වැඩක් කලානේ නේද?, ලාභද නැත්ද අදාල නෑනේ. ගත්ත ණය අපිනේ ගෙවන්නේ නේද? කොහෙද ඉස්කෝලෙ ගියේ ඔයා..?
සිදුවුණු අලාභය මත්තල හැදීමෙන් සිදුවුණා.. පාඩුව අඩු කළාම පිළිතුර ශුද්ධ ලාභයක් වෙනවා...
මේ ගොල්ලෝ වී ගබඩා කරලා දැන් අන්තිමට පරීක්ෂණත් පවත්වනවා. කාටද මේ විහිළු කරන්නේ. එක්කෝ පරීක්ෂණ පවත්වනවා නම් හොරෙන් කරන්න ඕනෑ...
මේ වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට බැරිවෙයිද මෑත කාලේ විදේශවලින් ආනයනය කරපු ශ්‍රී ලාංකික විදේශිකයින්ට රජයේ ප්රවෘත්ති කර්තෘ වරුන්ටත් ඉහළින් පත්වීම් දුන්නු හැටි හොයන්න...
වී ගබඩා කිරීමේ පාඩුව විතරද බලන්නේ? මේ ගුවන් තොටුපළ නිසා සිදුවුණු අනෙකුත් පාඩු නොබලන්නේ ඇයි? සම්පූර්ණ අධ්‍යයනයක් කළයුතුයි.
අතුරේ යන එකත් එතරම් ලේසි දෙයක් නෙවේ. ජීවිතේට බේරෙන්න බැරි චීන ණය උගුලට මුළු රටම අහුකරලා කරපු සංවර්ධනයේ ඇති ඵලය මොකද්ද? ලංකාව විතරක් නෙවේ අප්‍රිකාවේ, දකුණු ඇමෙරිකාවේ වෙරල බඩ රටවල් බටහිර ඉන්දීය දුපත් මේ උගුලට අහුවෙලා තියෙන්නේ. ජැමෙයිකාව වගේ රටවල් වල නුදුරේදී ජනගහනය අප්‍රිකානු සම්භවයක් ඇති පිරිසට අභිබවා චීන සම්භවයක් ඇති පිරිස වෙන බවයි අනාවැකි කියන්නේ. කොළඹ සිට ගාල්ලට පාරක් හැදුවා වගේ නෙවේ රටට උන විපත්තිය.
රටකට ජාත්‍යන්තර ගුවන්තොටුපල 2 වත් අවශ්‍ය බව සැබෑයි.. නමුත් වීරවිල හෝ ත්‍රිකුණාමලය වැනි ගුවන් පථයක් විශාලකර ජාත්‍යන්තර තත්වයට නවීකරණය කර කුඩා පරිමාණ පර්යන්තයක් ඉදිකළා නම් ප්‍රශ්නේ විසඳෙනවා... මේ වගේ චීනේ බැංකුවලින් සල්ලි පොලියට අරන් අලි ඉන්න කැලේ කපලා විනාශ කරලා එකේ මහාපරිමාණ ගුවන් පථයක් සහ පර්යන්ත ගොඩනැගිල්ලක් හදන්න කිසිම අවශ්‍යතාවයක් නැත. කිසිම අාදායමක් නැති මෙහි පරිපාලන, රෙපයාර් කටයුතු, කරන්න සහ ණය පොලී ගෙවන්න වැය වෙන්නේ අපේ බදු සල්ලි, අයවැය සම්පූර්ණ කරගන්න බැරුව සෑම වර්ෂයකම ණයට මුදල් ගන්න අපි වැනි රටකට මෙවැනි වැඩ ඔරොත්තු නොදේ...