විශ්රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාවේ මාර්ෂල් වරයා (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්) ලෙස උසස් කරනු ලැබ ඇත.
මෙම තනතුර ශ්රී ලංකා ගුවන් හමුදාවේ මෙම පන්තියේ පළමු තනතුර වන අතර ශ්රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල්වරයා ලෙස පත් වු පළමු නිලධාරීයා වන්නේ ද රෝෂාන් ගුණතිලක මහතාය.
විශ්රාමික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා තරු පහේ අද්මිරාල්වරයකු (අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) ලෙස උසස් කරනු ලැබ තිබේ.
මෙම තනතුර ද ශ්රී ලංකා නාවික හමුදාවේ පළමුවැනි තරු 5 තනතුරක් සහා උසස්වීමක් ලද පළමු ශ්රී ලාංකික නාවික හමුදා නිලධාරීයා වන්නේද වසන්ත කරන්නාගොඩ මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් තම කාර්ය හරියට කළ මිනිසුන්ට සැලකීම සත්පුරුෂ ගුණයකි
වැඩකාරයෝ දෙන්නෙක්. සුබ පැතුම්!!!!!
ඇත්තෙන්ම මොවුන්ගේ දායකත්වය යුද්දයේදී නිසි ලෙස ඇගයීමකට ලක්නොවු බව නම් සදහන් කිරීමට කැමැත්තෙමු...මාවී හෝ එලෙස ගත් ක්රියාව පිලිබදව අප අගය කරන්නෙමු...
යන්තම් කාටදෝ යුතුකම මතක්වෙලා.. මේ විරුවන් කළ සේවය දැන් අැගයීමට ලක්කිරීම ගැන අපගේ උත්තමාචාරය.... ඔබ දෙදෙනාට සුබපැතුම්...
ඇත්තටම සිව්වන ඊලාම් යුද්ධයේදී ලොකු කාර්යභාරයක් කල චරිත දෙකක්... අනික් කෙනා සරත් ෆොන්සේකා මහතා... පහුවෙලා හරි මේ ගත් තීරණය පැසසිය යුතු වගේම ජනපතිතුමාට කොන්දක් තියන බවත් මේකෙන් ඔප්පු වුණා..!
සුභ පැතුම් සර්
සුභ පැතුම්
දැන් යුද්දෙත් නැතුවම තරු ලැබෙනවා. සුබ පැතුම්.
කරලා තිබෙන නීති විරෝධී වැඩ අනුව මෙම තනතුරට සුදුසුද?
ඉතාම සුදුසු පියවරක්.... ජනපති ඇතුළු ඒ ගැන උනන්දු වූ සැමට ස්තුතියි...
මේ තනතුරු මේ දෙදෙනාට දෙන්න එපා කියලා හිටපු හමුදාපතිවරයකු විරුද්ධ වුණා. ඒ බව ප්රසිද්ධියේම කිව්වා. නමුත් මොවුන්ද මේ තනතුරුවලට සුදුස්සන්ය...
ඒ කියන්නේ දැන් වෙල් විදානෙලාම තුන්කට්ටුවක්?...අනේ හොඳා....
නුසුදුස්සන්ට උසස් වීම් දෙන එකම රට.
නුසුදුසු වෙන්න හේතුව?
සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුයි. ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විරුද්ධ වුනේ තමන් හා සමතැන් ගත්තාම තමන්ට විතරක් හිමි නම් ඒ තත්වය ඉහළින් ඉන්න පුළුවන් නිසා දැන් තුන්දෙනෙක්වූ නිසා ඔහුට අර මුලින් වගේ කෙවල් කිරිමේ බලය සියල්ල අහිමිවි යනවා.. එ් නිසා ජනාධිපතිට එරෙහිව කළ ප්රකාශයන් නිසා ෆොන්සේකා විරුද්ධ වෙද්දි අදාල තනතුරු ප්රදානය කළා.. ගහන්න ඕන වේලාව බලලා ජනාධිපති රිදෙන්න ගැහුවා.. එහෙම වුනොත් ජනාධිපති ෆිල්ඩ් මාර්ෂල් කම ගැසට් එකකින් ඉවත්කරන්නට බැරි නැහැ. හොඳම දේ ෆොන්සේකා නිහඬව ඉන්න එක තමයි..
ෆොන්සේකා කප්පම් ගත්ත ගෝලයන් ආරක්ෂා කලේ නැහැ. ආරක්ෂිත කැලෑවල නීති විරෝධී බංගලා හැදුවේ නැහැ. ඔය දෙන්නගේ සහ ෆොන්සේකා මහත්තයගේ වෙනස එයයි.