(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් සභාවේ 10වන ආණ්ඩුකාරවරයා ලෙස හේමාල් ගුණසේකර මහතා අද (07) වැඩ බාර ගත්තේය.
ඒ මහතා මෙයට පෙර දකුණු පළාත් සභාවේ ධීවර සත්ව නිෂ්පාදන කෘෂි කර්ම අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මහතා මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස මාරු කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් හේමාල් ගුණසේකර මහතා පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් හැකි ඉක්මනින් හොදම හොද වාහනයක් අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් අරගෙන දෙන්න හොදේ.......නැත්නම් දියවන්නාඔයේ 225 වගේ දියව් දියව් කියන්න පටන් ගනීවි.. පළාතටම මස්ත බාල්දුවනේ....
අපේ රටේ අපේ පාලකයින්ගේ රට විනාශයට ගෙනියන අයුරු දකිනවිට ඇතිවන්නේ දරුණු ශෝකයක්... මේ අයගේ කල්ක්‍රියා දන්නා අයට සුදුසුකම් අනුව මේ තනතුරුවලට සුදුසුද?
අනපු කාඩ් කුට්ටමේ මැජික් පෙන්නන්න ඇවිත්...
ළඟ හිටගෙන ඉන්න ඇරියා වගේ වම් අතටත්, දකුණු අතේ වගේම රත්තරන් වැටේවායි පතමි.
මේ ජනාධිපති පත්කරපු දහවෙනියාද?
ළඟ ඉන්න කෙනා වැඳගෙන ඉන්නේ ලැබෙන වරප්‍රසාද වලින් අපේ පවුලටම ගොඩයන්න ලැබේවා කියලා වෙන්න ඇති. අනේ මෙහෙම රටක් හා නිවට ජාතියක්...
මේ අර 2013දී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී දඩ කොලයක් දීපු පොලිස් නිලධාරියට ගෝලයෝ දමලා පහරදීලා වාහනය ගිනිතබපු මහත්මයා නේද? මෙයාට පළාතක් ආණ්ඩු කරන්න දුන්නාම හොඳට හිටීවි...