ටෝනි කරුණානායක
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින යුද හමුදා සාමාජිකයන් අට දෙනාගෙන් හය දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නැති හෙයින් නීතිමය පියවර නොගන්නා බවට නීතිපති දැනුම් දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මෝසමක් මගින් නඩුව කැඳවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට සහ බුද්ධි නිලධාරී රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව පමණක් අධිචෝදනා ගෝනු කිරීමට නියමිත බව නීතිපති දැනුම් දුන් බවයි.
ඉතිරි සැකකරුවන් හය දෙනාට එරෙහිව නීතිමය පියවර නොගන්නා හෙයින් ඔවුන් මෙම නඩුවෙන් මුදා හැරීම සඳහා අධිකරණයට කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව එම සැකකරුවන් හය දෙනාට ලබන 23 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා අද නොතීසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේ තෙන්නකෝන් මහත්තයා ඔහුටම ගහගත්තා වගේ වෙයිද?
උපාලි තෙන්නකෝන්ට එපා නම් අපට මොකටද කියලා හිතනවා වෙන්න ඇති.