(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාදුරාගොඩ ප‍්‍රදේශයේදී අගෝස්තු (01) හා (02) යන දිනවල විස සහිත කසිප්පු පානය කර, රෝහල්ගතව සිටි තවත් පුද්ගලයකු අද(07) රාගම ශික්ෂණ රෝහලේදී මියයාමත් සමග එම සිද්ධියෙන් මියගිය ගණන 14 දක්වා ඉහළ ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සුමිත් ආබෲ 56 නැමැති දෙදරු පියෙක් බව කොටදෙනියාව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් පසු රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද සුවය ලබා නිවෙස් කරා පැමිණ සිටී.
මේ අතර තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු රෝගීවීම හේතුවෙන් රෝහල්ගතවී ඇතැයිද, තවත් පිරිසක් හොර රහසේ පිටස්තර පෙදෙස්වල රෝහල්වලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබන බවද පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම සිදුවීමෙන් රෝගීවූ 30ක පමණ පිරිසක් තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවට පොලිසිය ගණන් බලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ.. කාටද ආඩම්බර...? කෝ එන්න සුපින්වත් කසිප්පු මුදලාලිලා, සුපින්වත් " බාර් කාරයන් " සහ සෑම වෙලාවේම මල්වට්ටි, නවගුණවැල, එකී මෙකි නොකී සියලුම දේවලින් සැරසී සිටින පින්බර, පින්වත් පින් කඳන් හැටියට නම් දරා සිටින හැලිවඳුරන් 225 ඉදිරියට එන්න. ඇවිත් කියන්න කසිප්පු බීම හොඳ නැහැ කියලා....