(වසන්ත චන්ද්‍රපාල)
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අද(07) අම්පාර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තිදෙනා සමඟ පසුගිය සතිය තුළ රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය මගින් එම සංවිධානයට අයත් පුද්ගලයින් 9දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මොහිදින් බාවා මොහමඩ් රෑම් යන සැකකරු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ පොළොන්නරුව නායකයා ලෙසද කටයුතු කර තිබේ. මොහු සහාරන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පැවත්වූ පුහුණු කඳවුරකට සහභාගි වී තිබේ. මෙම පුහුණුවෙන් පසුව අබු අභිරාන් යන අනුවර්ථ නාමය ලබාදී තිබේ. දැනට මොහු නාවල විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන බවද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය කියයි.
මොහමඩ් රියාල් මොහමඩ් සාජීද් යන අනෙක් සැකකරු මාවනැල්ල දානගම පදිංචිකරුවෙකි. මොහුද සහාරාන් විසින් පැවැත්වූ නුවරඑළිය පුහුණු කඳවුරට සහභාගි වී ඇති අතර අබු සල්මාන් නැමැති අනුවර්ථ නාමය ඔහුට යොදා තිබේ.
තුන්වෙනි සැකකරු වන මොහමඩි රම්සීන් රැෂ් දි අහමඩ් නාන්ගල්ල තුල්හිරිය වරකාපොල පදිංචිකරුවෙකි. මොහු සහාරන් විසින් පවත්වන ලද හම්බන්තොට පුහුණු කඳවුරට සහභාගි වී තිබේ. ඔහුට අබු අල් වකාර් යන නාමය ලබාදී ඇති බවද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි මාරපන මහතාගේ උපදෙස් මත කල්මුණේ පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගැනීම් ඉවරයක් නැති වුණාට ආණ්ඩුවේ ලොක්කන් දැන් සියල්ල යථා තත්වයට පැමිණ ඇති බවට සහතික දෙනවා නේද අපට..? වැඩ බැරි ආණ්ඩුව කාටද මේ බොරු කරන්නේ?
ජමාතේ මිල්තේ... මේ ඔක්කොම ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත ඇප නැති සිරගෙට යවන්න ඕනෑ.
අපි පොළොන්නරුවේ ගොයියට කියනවා... මරණීය දණ්ඩනය මොවුන්ගෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා.. මොකද මොවුන්ටනේ ෂරියා නීතිය ඕනෑ. එ් නිසා ඒ අනුව දඬුවම් කරන්න ඕනෑ...
දැන් අල්ලන්නේ අතිරේක ත්රස්තවාදීන්...!!!