ජනපතිගෙන් විදුලි ඇමති රවීට නියෝගයක් තුර්කි සමාගමකට අයත් විදුලි බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපති වාර්තාව සහ මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් අනුමැතිය දී ඇති වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතාට අද (06) පෙරවරුවේ දී දැනුම් දී ඇත. 06 August 2019
ටියුෂන්වලට අවශ්‍ය ආකාරයේ විෂය නිර්දේශ හදන්නේ නෑ ටියුෂන්වලට අවශ්‍ය ආකාරයෙන් හෝ ගුරුවරුන්ගේ පහසුව ගැන සිතා විෂය නිර්දේශ සකස් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය. 06 August 2019
රත්නපුර කෝටි තුනේ කොල්ලයට ගුරුවරු දෙදෙනකු ඇතුළු 5ක් සැකපිට රත්නපුර පැල්මඩුල්ලේ ව්‍යාපාරික ස්ථානයක සේප්පුවක් කඩා රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරන සොරා ගත්තේයැයි සැකපිට ගුරුවරුන් දෙදෙනකු , යුද හමුදාවේ හිටපු සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක මැණික්, ස්වර්ණාභරණ සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. 06 August 2019
මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව ලැබෙමින් තිබියදී තවත් අතිරේක දීමනාවක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවකට අත්සන් කිරීම තමා ප්‍රතික්ෂේප කළේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) කොළඹදී පැවැසීය. 06 August 2019
ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාට හදිසි මාරුවක් ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා අද (6) සිට වහා ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මුලස්ථානය වෙත ස්ථාන මාරු කර ඇත. 06 August 2019
සහනදායී වාහන බලපත්‍ර නොලැබුණු මන්ත්‍රීන් වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් දැනට පවතින සහ විසුරුවා හැර ඇති පළාත් සභා වල සිටි මන්ත්‍රීවරුන් කොටසකට පමණක් හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍ර සෙසු මන්ත්‍රීවරුන්ටත් ලබා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවැසීය. 06 August 2019
ලංකාදීප අභිවර්ධිත ස්වරූපය පාඨකයන් වෙතට ලංකාදීප පුවත් පතේ පළවන ප්රවෘත්ති සහ ඊට අදාළ වීඩියෝ නැරඹීමේ පහසුකම ලංකාදීපයට ලැදි පාඨකයන් වෙත පිරිනැමීමට විජය පුවත් පත් සමාගම කටයුතු යොදා තිබේ. 06 August 2019
බෞද්ධ බහුතරයක් වෙසෙන ඉන්දියාවේ පළමු ප්‍රාන්තය ලඩක් ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් ඉන්දීය රජය විසින් නම් කිරීමත් සමඟ බෞද්ධ බහුතරයකින් යුතු ඉන්දියාවේ ප්‍රථම ප්‍රාන්තය බවට ලඩක් ප්‍රදේශය පත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 06 August 2019
ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 40 වංචාවක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කෙරෙන කොළඹ නැගෙනහිර නගර සඳහා වූ ‘‘විශේෂ ජල ව්‍යපෘතියෙන්’’ එම මණ්ඩලයේ සභාපතිවරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් රුපියල් කෝටි 40කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත. 06 August 2019
සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන අතුරුදන්වීම ගැන විමර්ශන ඇරැඹේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන 575ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය කළ දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. 06 August 2019
‘‘කසල දැමීමට තැනක් සොයාගන්නැයි කොළඹ නගර සභාවට කීවේ ඉකුත් සැප්තැම්බරයේ‘‘ කෙරවලපිටිය කසල අංගනයේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා කසල දැමීමට විකල්ප ස්ථානයක් සොයා ගන්නා ලෙස කොළඹ නගර සභාවට දැනුම් දුන්නේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවැසීය. 06 August 2019
පාර්ලිමේන්තු මහ ලේකම් කොමිසමෙන් කල් ඉල්ලයි රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ විභාගය වන කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිට පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ පැමිණිල්ලට අදාළව යොමු කර තිබෙන ලිඛිත ප්‍රශ්න 15 ක පිළිතුරු ලබා දීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අද (6) එම කොමිසමෙන් තව දින තුනක් කාලයක් කල් ඉල්ලා ඇත. 06 August 2019
ක්‍රිකට් වලට සිදුවූ හානිය පුහුණුකරු ඉවත් කිරීමෙන් වළක්වා ගත නොහැකියි ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් ක්‍රීඩාවට කළ විනාශය පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පිට පැටවීම සාධාරණ නැතැයි හිටපු ක්‍රිකට් නායක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය. 06 August 2019
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත විවාදයට පෙර ඉල්ලා අස්කරගනී පාර්ලිමේන්තුවේදී අද (6) විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව පැය එක හමාරකට සීමා විය. 06 August 2019
පල්ලිවලින් ගත් කඩු - පිහි ආපසු දෙයි පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත. 06 August 2019
‘ප්‍රතිපත්තියක් ඇති ඕනෑම සන්ධානයක නායකයකුට සහය දෙනවා’ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා අදාළ නොවන බවත් අදාළ වෙන්නේ සන්ධානයක් එක්ක හරි ප්‍රතිපත්තියක් ඇතිව ආණ්ඩුවක් හදන්න පුළුවන් පුද්ගලයෙක් පමණක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය. 06 August 2019
දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට වන්දි දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහ මහනුවර දිගනදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධි වලින් පීඩාවට පත් ජනතාවට වන්දි ප්රදානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද ( 06 ) සිදු කෙරිණි. 06 August 2019
පොහොට්ටුව - අලියා හැර ශ්‍රීලනිපයට ඕනෑ තරම් විකල්ප තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ හා එජාපය හැර විකල්ප ඕන තරම් තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද (6) පැවසීය. 06 August 2019
සබරගමු සරසවිය වීඩියෝ කළ තරුණයාට ඇප සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරෙන් වීඩියෝ කළ තරුණයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (06) නියෝග කළේය. 06 August 2019
දරුවාට කිරි දෙන්න නම් කුඩු දෙන්නැයි මවක් පොලිසිය පෙරළයි මත් කුඩු ලබා දෙන්නේ නම් පමණක් දරුවාට මව් කිරි ලබා දෙන බව පවසමින්පොලිස් අත්අඩංගුවේ සිටි මවක් පොලීසිය දෙවනත් කරමින් කෑ ගෑසු පුවතක් අද (06) මින්නේරිය පෙලීසියෙන් වාර්තා විය. 06 August 2019
ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට ඇමෙරිකාවේ ටෙක්සාස්හි අගෝස්තු 4 වැනි දින සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ(05) මිය ගොස් ඇතැයි ද, ඒ අනුව ටෙක්සාස් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, පොලිසිය කියයි. 06 August 2019
‘‘දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නෑ‘‘ අද මේ රටේ දේශපාලනය, දේශපාලඥයෝ වගේම දේශපාලන පක්ෂ ජනතාවට එපා වෙලා තියෙනවා, අපිම කියනවා පාර්ලිමේන්තුවටම බෝම්බ ගහන්න ඕන 225 ම එපා කියලා. හැබැයි මේ දේශපාලනය අපිට එපා වුණාට දේශපාලනය නැතිව රටක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා උපාධිධාරීන් හමුවේ පැවසීය. 05 August 2019
කුරුඳු පොලු නඩුව කල්යයි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වූ කුරුදු පොලු ගැටුමට අදාළ නඩුවේ සැකකරුවන් නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම නඩුව තව වසර 25 ක් වත් ගතවන තෙක් අවසන් නොවනු ඇති බවත් එම නිසා මින් ඉදිරියට අධිකරණය හමුවේ නිසි ලෙස පෙනී නොසිටින සැකකරුවන් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර නඩු විභාගය සිදු කරන බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (05) එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ 05 August 2019
එජාප ජනපති අපේක්ෂකයා රනිල් - සජිත් එකඟතාවයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අද (05) යෝජනා විය. 05 August 2019
ගම්පහ නීතිවිරෝධී සුරාසැල් වටලන්න මෙහෙයුමක් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 05 August 2019
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (05) රාත්‍රී 7.02 ට ගමන් ආරම්භ විය. 05 August 2019
කෙරවලපිටිය අංගනය වෙත කසළ බාරගැනීම නවත්වයි කොළඹ නගරයේ කසල බැහැර කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීම අද (05) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංස්ථාව පවසයි. 05 August 2019
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 05 August 2019
ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ 3 ක් පොලිස් දැලේ රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ජාතික තව්පික් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලිසිය මගින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. 05 August 2019
‘‘එංගලන්තයෙන් අපද්‍රව්‍ය ගෙන්වූ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා‘‘ එංගලන්තයෙන් අපද්‍රව්‍ය මෙරටට රැගෙන ආ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී පැවසීය. 05 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026