මුහුදු සිංහයකු වෙරළට ගසා එයි මුහුදු සිංහයකු බවට සැලකෙන මුහුදු සත්වයකු අද (23) පස්වරුවේදි වැලිගම මිදිගම 87 කණුව පෙදෙසේ වෙරළ තීරයට ගොඩගසාගෙන ඇවිත් තිබූ බව වැලිගම පොලිසිය පවසයි. 23 November 2019
ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගාවලිය 20වැනි වරටත් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (23) පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මහකොමසාරිස් තරංජිට් සිං සන්ධු මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි. 23 November 2019
අගමැති දළදා වහන්සේ වැඳපුදා ගනියි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථමයෙන් අද (23) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. 23 November 2019
බෝක්කුවක් අසල හිමිනමකගේ සිරුරක් මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ මැටිගහතැන්න විහාරස්ථානයට නුදුරින් පිහිටි අඩි 15 ක පමණ ගැඹුරින් යුත් බෝක්කුවක් අසල තිබී අපවත් වූ හිමිනමකගේ මෘත දේහයක් අද (23) දහවල් සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි. 23 November 2019
චූඩා මාණික්‍යය වන්දනා කිරීමට සැදැහැවත්හු අනුරපුරයට එති රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍යය වන්දනා කිරීම සඳහා දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටියි. අද (23) සහ හෙට (24) එය දිවා රාත්‍රී රුවන්වැලි සෑ මළුවේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. එය 25 වැනිදා මහසෑයට පළඳවන අතර ස්වරණාලේපිත කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය නිරාවරණය කෙරෙන්නේ ලබන 26 වැනිදායි. 23 November 2019
ඇමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය. 22 November 2019
අල්ලස් ගත් පොලිස් ලොක්කා රිමාන්ඩ් කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට හලාවත වැඩබලන මහෙස්ත්‍රාත් බී.ඩබ්ලිව්. ශානක උදයංග මහතා අද (22) නියම කළේය. 22 November 2019
හෙරොයින් කිලෝ 10 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට හෙරොයින් කිලෝ 10 ක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 22 November 2019
අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයේ දී කාන්තාවකගෙන් අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයකු අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 November 2019
ගාලු මහාධිකරණයේ වහලේ තහඩු ගැලවෙයි ගාල්ල නගරයට අද (22) සවස ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ හමාගිය තද සුළං හා අකුණු ගැසීම් හේතුවෙන් ගාල්ල මහාධිකරණයේ වහලේ තහඩු කිහිපයක් ගැලවී ගසා ගෙන ගොස් තිබූ අයුරු දක්නට ලැබේ. 22 November 2019
අහම්බෙන් හමු වූ මැති-ඇමැතිවරු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු -ඇමැතිවරු පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද හමු වූ අවස්ථාවේදී එකිනෙකාට සුබ පතනා අයුරු දක්නට ලැබිණි. 22 November 2019
ලලිත් වීරතුංගගේ රට ගමන් තහනම ඉවතට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය. 22 November 2019
ආරුමුගන් තොණ්ඩමන් වැඩ අරඹයි ප්‍රජා සවිබලගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා අද (22) කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය. 22 November 2019
දි.මු ජයරත්නගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය ගුවන් මගින් අද ( 22) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවේය. 22 November 2019
ගම්මන්පිල ඇමැතිකම් එපා කියයි නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් මුහුණ දී සිටින දුෂ්කරතාව ගැඹුරින් කල්පනා කර කිසිම ඇමැති ධුරයක් බාර නොගැනීමට තීරණය කළ බව දන්වා පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 22 November 2019
කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල අද (22) නිකුත් විය. 22 November 2019
උසස් අධ්‍යාපන ඇමැති වැඩ අරඹයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන සහ නවෝත්පාදන සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රි් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාලන අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය. 22 November 2019
‘නව එජාපයක් බිහි කරනවා‘ පක්ෂයේ අනාගතය ගැන සිතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන නව නායකයන් සමග නව එක්සත් ජාතික පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(22) පැවැසීය. 22 November 2019
සජිත් ඉල්ලා පුද්ගලයෙක් සත්‍යග්‍රහයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයකු අද (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. 22 November 2019
පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 45 යි ජනාධිපතිවරණයෙන් පසු 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට ඊයේ ( 21) දහවල් 12 වන විට දිවයින පුරා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 45 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. 22 November 2019
ජල පීඩන රොකට් තරගාවලියට 6 ක් ජපානයට යති ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් පාසල් සිසු සිසුවියෝ 6 දෙනෙක් ජපානය බලා අද (22) පිටත්ව ගිය බව ආතර් සී.ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධක්ෂක (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. 22 November 2019
නව අධිකරණ ඇමැති වැඩ අරඹයි නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කිරීම අද (22) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදුවිය. 22 November 2019
රනිල් සජිත් පිලේ චෝදනා ප්‍රතික්ෂේප කරයි සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කර බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද (22) පැවසීය. 22 November 2019
සිමෙන්ති මිල ඉහළට සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභපති රංජිත් විතානගේ මහතා පවසයි. 22 November 2019
රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට වෘත්තීය සුදුසුකම් සොයයි රජය යටතේ පවතින සංස්ථා හා මණ්ඩල ආදීයෙහි සභාපතිවරු ,අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගැනීමේදී සුදුසුකම් , වෘත්තීය දැනුම ඇති පිරිස් පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 22 November 2019
හතු විස වීමෙන් එකම පවුලේ තුනක් රෝහලේ කැලෑවේ පිපි තිබූ විෂ හතු වර්ගයක් ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඒවා විස වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 22 November 2019
චෝදනාවට ලක් වෙන්න එපා යයි ජනපතිගෙන් ඇමැතිවරුන්ට අවවාද ‘ ‘පසුගිය වකවානුවේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ අමාත්‍යවරුන්ට පැවරී තිබුණේ මුළු දවසම අත්සන ප්‍රැක්ටිස් කරන්න විතරයි. ඒ අයට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඒ චොදනාවට ලක් වෙන්න එපා . රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ රාජකාරිය කරන්න අවස්ථාව දෙන්න‘ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 22 November 2019
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. 22 November 2019
අඟුලානේ ගොඩනැගිල්ලක ගින්නක් රත්මලාන, අඟුලාන හන්දියේ සිව්මහල් ගොඩනැගිල්ලක අද(22) අලුයම ගින්නක් හටගෙන ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි. 22 November 2019
ෆවුසි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්රීලනිපය තීරණය කරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 21 November 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026