(වියලුවේ නිශාන්ත කුමාර)
මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ මැටිගහතැන්න විහාරස්ථානයට නුදුරින් පිහිටි අඩි 15 ක පමණ ගැඹුරින් යුත් බෝක්කුවක් අසල තිබී අපවත් වූ හිමිනමකගේ මෘත දේහයක් අද (23) දහවල් සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.
සිද්ධියෙන් අපවත් ව ඇත්තේ මැටිගහතැන්න ඇකිරිය විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකි.
මෙම ස්වාමීන් වහන්සේ මැටිගහතැන්න විහාරස්ථානයේ සිට ඊයේ (22) රාත්රියේ දී ඇකිරිය විහාරස්ථානය වෙත වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අපවත්වූ ස්වාමීන්වහන්සේගේ මෘත දේහය මේ වන විටත් ඉවත් කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය හා බදුල්ල පොලිස් අපරාධ කොට්ඨාශ ඒකකය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි විපතක පෙරනිමිති...!!!
පාතාල කල්ලි දෙකක් අතර සිදුවෙන ආරාවුලක ප්රතිඵලයක් වෙන්නත් පුළුවන්...