ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය.
කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර එහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ කණ්ඩායම මුණ ගැසුණු බවත් ද්විපාර්ශවීය සබඳතා පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවත් එම සාර්ථකව අවසන් වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර එහි මෙසේ දැක්විණි.
“යහපාලනය මත පදනම් වූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන ස්වෛරී, ආරක්ෂිත සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර නව සබඳතා ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පළමු හමුව සිදුවුණා”.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කියමනක් තියෙනවා " කපන්න බැරි අත සිඹිමි" කියලා...
ගමේ කෙනානේ. මුණ නොගැහී කොහොමද?
මොනවා කළත් අර ගිවිසුම් එහෙම අත්සන් කරන්න එපා. ඒකට තමයි ඔය රවුමෙන් එන්නේ.
සිංහල මිනිසුන්ගේ ගුණවත් සිරිත් දෙගොල්ලම පිළිපදිනවා. එ්කේ ඇති වරද මොකද්ද?
ආවද හොරගල් අහුලන්න?
ඇමරිකන් ජනාධිපති මුණගැසෙන එක අලුත් දෙයක්ද? අමෙරිකාවෙන් ලංකාවේ ජනධිපතිට විශ්‍රාම වැටුප් ගෙවන වග දන්නේ නැද්ද? ඒ විතරක් නොවේ, අාර්යාව තවම ඇමෙරිකන් පුරවැසියෙක් නිසා සෑම වසරේම අදායම් බදු ගෙවන්න ඕනේ. එසේ නොකලොත් ඒ කෙනාට අයත් දේපළ රජයට පවරා ගන්නවා. මේ රටේ බදු එක්ක සෙල්ලම් කරන්න බැහැ.
"සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන ස්වෛරී, ආරක්ෂිත සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක්" මේ වචන සෙට් එකෙන් කියවෙන්නේ හැම රටක්ම අපට දෙන්න පුල පුලා බලා ඉන්න දේ වුණත්, ඒ වචනවලට මට නම් ඇත්තයම බය හිතෙනවා. "ලාංකික" සහ "ලංකාව" කියන වචනවලට ඇමෙරිකාවේ නම ආදේශ වෙයිදෝ කියන බය මිසක් වෙන මොකුත් නෑ.
මොනවා? ඔබ අදහස් කරන්නේ එයා මෙයාව මුණගැහෙන්න ආවේ ඒ හින්දා කියන එකද? එයා කවුද කියලා දන්නවද?
ගරු ජනපතිතුමනි, අපේ රාජකාරිය අහවරයි. දැන් ඔබේ වාරයයි.
මේක අපි පමණක් නොවේ ඇමරිකාවත් ලද ජයග්‍රහණයක්. දේශපාලන වේදිකාවේ කවුරු මොනවා කීවත් ජනාධිපතිතුමා දන්නවා MCC ගිවිසුමේ පවතින වටිනාකම ගැන...
මොකද මේ පැත්තේ ...? නැහැ .. අයියා දන්නවන්ගේ අපේ ලොකු අයියා මට කිව්වා ගිහින් බලලා වරෙන් හිච්චි අයියව කියලා.. වෙන නම් මුකුත් කිව්වේ නැහැ. පස්සේ කියයි එයාගේ සත්ගුණවත් උපාසක බිස්නස් වලට හා කියන්න කියලා. එහෙනම් ගිහින් එන්නම් හිච්චි අයියේ..
බලමුකෝ දැන් ගිවිසුම් අත්සන් නොකර ඉඳිද කියලා...
රටවැසියන් එකට මුණගැහිලා..
ඒකට නෙවෙයි එන්න ඇත්තේ... අපි ඔක්කොම ඇමරිකානුවෝ කියලා සතුට බෙදා ගන්න වෙන්න ඇති.
ඔවුන් ලැබූ එක්තරා ආකාරයක ජයක්නේ.. දැන් ඉතින් කියන විදියට වැඩකරන්නත් වෙයිද දන්නේ නෑ..
ගෝඨාභයගේ නියම පෞරුෂය තිබුණු තැනක්. සිනහව, බයනැතිකම සියල්ල එකට..
ඇමෙරිකාව වගේ රටකට මේ අත " කපන්න බැරි " එකක් නෙමෙයි. ඕනෑකමක් තියනවා නම්... ගඩාෆිට, සදාම්ට කරපු දේ (ෆිදෙල්ට කරන්න බැරි වූ දේ මතක නොවැ ඉතින්...) ඕනේ නම් මේ "අත " කපන එක කජුකනවා වගේ දෙයක්... අපි දැන් මේ අර විද්‍යාවේ එන "බල තුනක සමතුලිතතාවය" අත්හදා බලමින් ඉන්න කාලයක්... චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව... ඔය බල තුන සමාන කරලා තියාගත්තේ නැත්නම් "වස්තුව " බිමට කඩාගෙන වැටෙනවා. ඒ නිසා දේශපාලන වාසි ගන්න බොරු ඇමෙරිකන් විරොධයක් මවාපාන්නේ නැතුව වැඩේ ගෙනියන්න වෙනවා. ගෝඨාභය දිනපු හැටියේ කලාපයේ අනිත් සහ අපට ඇහැගහගෙන ඉන්න අනිත් රටවල්වල හැසිරීම දිහා විමසිල්ලෙන් බලන්න මොකද්ද වෙන්නේ කියලා...
තමන්ගේ අතකොලුවක් වෙන රටක නායකයෙක් වෙනවා දකින එක තරම් ප්‍රීතියක් තව කොහේද නේද? බලන්නකෝ මුහුණේ තියෙන සතුට...
මොන දේ කළත් එජාපයේ කුහක අදහස් දැක්කම අප්‍රසන්න හැඟීමක් නේද එන්නේ...?
2005 වෙනකල් ඇමරිකාවේ සාමාන්‍ය රස්සාවක් කරගෙන හිටපු ගෝඨාභයට ඔය තත්වයේ කට්ටිය හම්බ වුණාම මොනවා හිතෙන්න ඇතිද?
කොහොමත් MCC ගිවිසුම අත්සන් කරනවා. අත්සන් කරනකොට මැතිවරණ කොමසාරිස්තුමා කියපු මාධ්‍ය ආයතන ගිවිසුම ගැන මේ රටේ ජනතාවට සාධාරණීය කරලා ජනතාවගේ ඔලුවට දමනවා.
අපේ රටට එවපු පිල්ලියක් වෙන්නත් බැරි නැහැ...
ෂුවර් එකටම අර ගිවිසුම අත්සන් කරන්න කියන්න වෙන්න ඇති...
ඔබ සහ මම
නව රාජ්‍ය නායකයෙක් පත්වූ පසු සම්ප්‍රදායික හමුවීමක් තේරුම් ගන්න බැරි පණ්ඩිතයන්.
නොයෙක් දෙනා නොයෙක් කමෙන්ට්ස් දානවා. මොනවා කළත් ඔය MCC අත්සන් කරන්න නොවේ ඔබට බලය දුන්නේ. එ්ක අත්සන් කළොත් එදාට අපි පාරට බහිනවා.
පාරෙ බැහැලා කඩේකට, ගමනක් බිමනක් යන්න වෙන්න ඕනෑ... වීරවංශ, ගම්මන්පිල යුවල කුමන්ත්‍රණත්, සංඝ සමාජය බෞද්ධකමත් මතක් කළ පසු සියල්ල සතුටින් විසිරයනු ඇත.
ගෝඨාභය මහත්මයා, කරුණා කරලා කොළපාටින් වෙන්න ගියදේ කුරක්කන් පාටින් කරන්න එපා.. (ඔබ ද්විත්ව පුරවැසියෙක් නම් සහ දේශපාලන චරිතයක් බැවින්) මේ රට විනාශ වෙන්න ගත්තොත්, ඔබට ඕනෑම රටකට යන්න පුළුවන්... යන්න බැරිව නිරා දුක් විඳින ඔබට ඡන්දය දුන් මිනිස්සු ගැන කරුණා කරලා දෙවරක් හිතන්න.. මෙච්චර කල් පත් වුණු කාලකන්නින්ගේ ගොඩට වැටෙන්න එපා. කරුණා කරලා...!!!