(සටහන සහ ඡායාරූප - රඹෑව-මනුල වික්‍රම)
රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍යය වන්දනා කිරීම සඳහා දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටියි. අද (23) සහ හෙට (24) එය දිවා රාත්‍රී රුවන්වැලි සෑ මළුවේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. එය 25 වැනිදා මහසෑයට පළඳවන අතර ස්වරණාලේපිත කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය නිරාවරණය කෙරෙන්නේ ලබන 26 වැනිදායි.
සැදැහැවතුන්ට සුදුවතින් සැරසී පැමිණෙන ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරත්න නාහිමියෝ ඉල්ලාසිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චූඩා මාණික්‍යය වන්දනා කිරීමට සැදැහැවත්හු අනුරපුරයට එති
lakvidu Saturday, 23 November 2019 07:57 AM
චූඩා මාණික්‍යය වන්දනා කිරීමට...? බෞද්ධයන් වන්දනාමාන කළ යුත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය මිසක්, චූඩා මාණික්‍යය නොවේ.
බණ්ඩාර Saturday, 23 November 2019 08:24 AM
ස්වර්ණමාලි ස්තුප රාජයාට පළඳවන චුඩා මාණික්‍යය යනු.. අපගේ බුදුරජාණන් වහන්සේට කරන උත්තම පූජාවක්... ඒවගේ පිනක් අනුමෝදන් වෙන්නත් පින්කරපු හදවතක් තියෙන්න ඕනෑ... පුළුවන් නම් පොඩ්ඩක් නිහතමානී වෙලා පිදිය යුත්තන් පිදීම අනුමෝදන් වෙන්න.. සාදු! සාදු! සාදු!
lakviduSaturday, 23 November 2019 01:20 PM
පින්වත, ඔබ හොඳටම අතරමං වෙලා. අපි මල් වට්ටියට වන්දනා කරනවද? පොල්තෙල් පහනට, හඳුන්කුරට , ගිලන්පසට වන්දනා කරනවද? නැහැ නේද? ඒවා පුජකරලා බුදුන්ට වන්දනා කරනවා. මෙතන කියලා තියෙන්නේ චූඩා මාණික්‍යය වන්දනා කිරීමට..... කියල. ඔබතුමාගේ පිළිතුර මේකට ගැලපෙන්නේ කොහොමද කියල මගේ පුංචි මොලේට නම් තේරෙන්නේ නැහැ. වරදක් වුණා නම් සමාවෙන්න.
reksSaturday, 23 November 2019 01:29 PM
අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ මහත්තයෝ, එතකොට ඔය චූඩා මාණික්‍යය සහ කොත් කැරැල්ලට හයිකරන ෆ්ලෑෂ් ලයිට් වලටත් වන්දනා කරන්න ඕනෑද?
janahitha UAE Saturday, 23 November 2019 08:06 AM
බුදු සසුන චිරාත් කාලයක් පවතීවා...!!!
EKANAYAKA THENNAKOON Sunday, 24 November 2019 06:10 AM
මෙය ඉතා අගනා මහත්ඵල මහානිශංස දෙන පින්කමක්. සියල්ලන්ටම තෙරුවන් සරණ වේවා! සැමදා බුදු සසුන බැබළේවා !