’’රංජන් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනික පලිගැනීමක් නැහැ’’ රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පලිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධීපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක දේශපාලන පළිගැනීම් නොකරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය. 11 January 2020
ගැටුමට මුල් වූ සරසවි සිසුන් 12දෙනා රිමාන්ඩ් සිසු ගැටුමක් හේතුවෙන් තුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද (11) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට නියම විය. 11 January 2020
සෑම මාසක ම 15 වැනිදා සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර සෑම මාසකම 15 වැනි දින විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර මාසික දීමනාව ලබාගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) ප්‍රකාශ කළේය. 11 January 2020
අසර්බයිජාන්හිදී මියගිය සිසුවියන්ගේ සිරුරු ගෙන්වීමට පියවර අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි. 11 January 2020
නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි 49,800ක් සමඟ අයෙකු අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රට දුම්වැටි තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(11) හලාවත සිංහපුර මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 11 January 2020
’ලංකාවේ විදෙස් අධ්‍යාපන ආයතන නියාමනය කරනවා’ ලංකාවේ පිහිටි විදේශීය අධ්‍යාපන පහසුකම් සලසා දෙන ආයතන නියාමනය කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය සහ කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) සඳහන් කළේය. 11 January 2020
යුක්රේන ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය පිළිගනී ඉරානයේ හමුදා ප්රකාශනයක් උපුටා දක්වමින් යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. 11 January 2020
පකිස්ථානයේ පල්ලියක සිදුවූ පිපිරීමකින් 13 ක් මරුට පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් 13 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 10 January 2020
රිෂාඩ් හිටපු හමුදාපතිට බලපෑම් කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂණ අරඹයි පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්රස්තාවදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 10 January 2020
අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට අසර්බයිජානයේ නිවසක සිදුවූ ගෑස් කාන්දුවකින් ලාංකික සිසුවියන් තිදෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. 10 January 2020
ඉන්දියාවට ලකුණු 78ක ජයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (10) පූනේහිදී පැවැති 3වැනි වි20 තරගයෙන් ඉන්දියාව ලකුණු 78කින් ජයග්‍රහණය කළේය. 10 January 2020
‘‘රට සංවර්ධනය කරන්න බුද්ධි ගලනය පාලනය කළ යුතුයි‘‘ රටේ වේගවත් සංවර්ධනයක් සිදුකිරීමටනම් බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පැවැසීය. 10 January 2020
ශ්‍රී ලංකාවට ලකුණු 202 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පූනේහිදී දැන් පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබාගත්තේය. ලක්ෂාන් සඳකැන් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත්තේය. 10 January 2020
ඊ.ටී.අයි ගැනත් හොයන්න ජනපති කොමිසමක් ඊ.ටී.අයි සමාගමේ සිදුව ඇතැයි කියන වැරදි ක්‍රියා , අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසන් සභාවක් ස්ථාපිත කරනු ලැබ ඇත. 10 January 2020
දේශපාලන පළිගැනීම් වලට ලක්වූ නිලධාරීන් ගැන හොයන්න කොමිසමක් යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රජයේ නිලධාරීන් පිළිබඳව සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසමක් පත්කරනු ලැබ ඇත. 10 January 2020
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා විසඳන්න කමිටුවක් විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස්.ආර් ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. 10 January 2020
පොලිස් කොට්ඨාස දෙකකට නව අධ්යක්ෂවරු පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසට සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයට පොලිස්පතිවරයා විසින් නව අධ්යක්ෂවරුන් පත්කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 10 January 2020
අලුවිහාරේ උප තැපැල් කාර්යාලයට මුද්‍රා තබයි මාතලේ අලුවිහාරේ උප තැපැල් කාර්යාලයේ සිදුව ඇතැයි කියන මුල්‍ය වංචාවක් හේතුවෙන් එම කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි මුද්‍රා තැබීමට පියවර ගත් බව මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී අනුර රත්නායක මහතා පැවසීය. 10 January 2020
ශ්‍රී ලංකාව පන්දු යවයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (10) පූනෙහිදී පැවැත්වීමට නියමිත 3වැනි වි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 10 January 2020
පහරදීමේ සිද්ධියකට සරසවි සිසුන් 12 ක් අත්අඩංගුවට කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට විද්‍යාල පරිශ්‍රයේ දී පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දී සිසුන් 12 දෙනෙකු අද (10) කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 January 2020
නව උපාධි පාඨමාලා 8 ක් ක්‍රියාත්මක කරන්න පෞද්ගලික ආයතන 2 කට අවසර උපාධි පිරිනමන පෞද්ගලික ආයතන දෙකකට නව උපාධි පාඨමාලා අටක් ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ. 10 January 2020
රජයේ පිළිතුර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය ලබාදෙන පිළිතුර සැළකිල්ලට ගෙන ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සලකා බලන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 10 January 2020
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගනිද්දී ස්ථිර මිලක් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ දී විදුලි ඒකකයකට ස්ථීර මිලක් ගෙවිය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ. 10 January 2020
පෝදා වැඩි මිලට මත්පැන් විකිණූ අයෙක් අත්අඩංගුවට දුරුතු පෙහෝදා වැඩිමිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු තොගයක් නීතිවිරෝධීව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (10) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. 10 January 2020
සති අන්ත නිවාඩුවට ශ්‍රීපාදයට යන්න මහ සෙනඟක් සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද (09) සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 10 January 2020
ඇලිස් වෙල්ස් ශ්‍රී ලංකාවටත් එයි ශ්‍රී ලංකාවෙි නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජි.වෙල්ස් මහත්මිය ලබන සඳුඳා (13) දිවයිනට පැමිණෙන බව ටි්රබියුන් ඉන්දියා පුවත් වෙබ් අඩවිය අද (10) වාර්තා කළේය. 10 January 2020
කොළඹ ප්‍රදේශ කිහිපයකට රාත්‍රී 10 සිට ජලය අත්හිටුවයි කොළඹ අවට ප්‍රදේශ කිහිපයක අද රාත්‍රී 10 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලාපවාහන මණ්ඩලය කියයි. 10 January 2020
හඳුනා නොගත් ප්‍රහාරයකින් ඉරාක හමුදාවක 8 ක් මරුට නැගෙනහිර සිරියාවේ ආධාරක භට පිරිසක් ඉලක්ක කරගනිමින් එල්ල කළ හඳුනා නොගත් ගුවන් ප්‍රහාරයකින් ඉරාකයේ ශෂාඩ් අල්-සහාබි ආධාරක හමුදාවේ සාමාජිකයන් 8 දෙනකු මියගොස් තිබේ. 10 January 2020
‘මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි‘ ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සියලූම මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබද විධිමත් සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 10 January 2020
චීන විදේශ ඇමැති සඳුදා ලංකාවට චීන විදේශ කටයුතු අමාතය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ලබන සඳුඳා (13) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 10 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026