(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇද්ද යන්න සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින් රිෂාඩ් බදියුදීන් මහතා රජයේ නිලධාරියෙකුට බලපෑම් කළේද යන්න පිළිබඳව කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් එවකට පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.
හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා එම වකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ අමාත්‍යවරයා එම දුරකතනයෙන් පුද්ගලයෙක් නමක් කියා තොරතුරු විමසූ බවත් ඔහු සම්බන්ධයෙන් මා හට කුමක් කළ හැකිදැයි විමසා සිටි බවත්ය.
දෙහිවලදී එවැනි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධයෙන් වසර 1 1/2 කට පසු තොරතුරු විමසන ලෙසත් දැනුම් දුන් බව හිටපු හමුදාපතිවරයා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හොයන්න ඕන ඒවා. එදා හමුදාපතිතුමා නියම උත්තරය දුන්නා නේද? තවත් මොනව හොයන්නද? කෝ බැඳුම්කරය මහින්දානන්ද කියන සත්ගුණවත් මහතා කියන ටොප් ටෙන් වංචා? ඒ වෙනුවෙන් පිහිටුවන අධිකරණය? 69 ට තේරෙනවද? 62ට උනදේම වෙන බව, 3% තමයි හරි බව
එහා පැත්තෙනම් ඔහු බලපෑම් කරලා තියෙනවා. මේ පැත්තේ නම් කිසිම බලපෑමක් කරලා නැහැ. හැබැයි, මේ පොලිස් මහත්තුරුත් තමන්ගේ සහෝදර නිලධාරීන්ගේ ඉරණම දිහාත් බලයි නේද?
මේ වගේ කමකට නැති දේවල් වලට කාලය කා දමමින් මේ රජයත් මේ කරන්නේ යහපාලන රජය කළ දෙයම තමා. අන්තිමට ඒ අයත් එකයි මේ අයත් එකයි කියන්න වෙන තැනට ගෝඨා මහත්තයත් පත් වෙනවා මෙහෙම ගියොත්. ජෝකර් ඇමතිලාට ඕනේ මගුලක් කරගන්න ඇරලා ඔබතුමාවත් රටේ දැවෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කැබිනට් බලකායක් හදන්නේ නැතිද?
හමුදාපතිම කිව්වා බලපෑම් කරේ නැහැ කියලා මොකක් හරි කාරණයක් එපාය. රිෂාඩ්ගෙනුත් පළිගන්න.
එනවා එනවා. ළගදීම පෙන්වනවා...........රිෂාඩ් සහ හමුදාපති අලුත්ම චිත්‍රපටිය......එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම ෆිල්ම් නෑ.. හා හා දැන් නම් ලෝකේ මොන ප්‍රශ්න තිබ්බත් වැඩියෙන්ම හිනාවෙලා ඉන්න ජාතිය අපිද කොහෙද.