(දසුන් රාජපක්ෂ)
ලංකාවේ පිහිටි විදේශීය අධ්‍යාපන පහසුකම් සලසා දෙන ආයතන නියාමනය කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය සහ කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) සඳහන් කළේය.
එම ආයතන මගින් මෙරට දරුවන්ට ලබාදෙන පහසුකම් සහ ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකි නොහැකි බැවින් මෙම තීරණය ගත් බව අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ තිබූ මාධ්‍ය සාකජාවකදී ඒ මහතා පැවසීය.
එම ආයතනවලට යම් යම් සීමා පනවා ඒවා නියාමනය කිරීමට අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙහි මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරයා පැවසීය.
අසර්බයිජානයේ දී ලංකාවේ ශිෂ්‍යාවන් තිදෙනෙකු ගින්නකට අසුවී ජීවිත්‍යක්ෂයට පත්වීම වැනි ඛේදවාචකයන්ට දරුවන් අනාගතයේදී ගොදුරු නොවීමට තමා වගබලා ගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසර්බයිජානයට යන්නේ මොනවා ඉගෙන ගන්නද?
ලෝකේ පිළිගත්ත විශ්වවිද්‍යාල වර්ගීකරණ ක්‍රම තියෙනවා. අන්තර්ජාලයෙන් ඒවා බලාගන්න පුළුවනි. අවශ්‍ය නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ තොරතුරු වෙබ් අඩවියක් මගින් හෝ පුවත්පත් මගින් ප්රසිද්ධකර රුපවාහිනී වැඩසටහන් වලින් ප්‍රචාරය කළානම් දරුවන් සහ දෙමාපියන් නිස්කාරනේ බාල පාඨමාලා වලට මුදල් ගෙවන්නේ නැහැ. අනික පිළිගත් විශ්වවිද්‍යාල වල ශාකත් ලංකාවේ අරින්නට ඉඩදී, දේශීය විශ්වවිද්‍යාල පාඨමාලා වලටත් මිලක් නියම කරලා, නිදහස් අධ්‍යාපනයට වෙන්කරන මුදල් දරුවන් අතට දුන්න නම් ඔවුන් තමන් කැමති ඒවගේම රැකියා වෙළඳපොළක් ඇති නිසි ප්‍රමිතියේ පාඨමාලා තොර ගනීවි. රජයේ විශ්වවිද්‍යාල වලට යද්දී රජයෙන් දෙන මුදල ප්‍රමාණවත් වෙන ලෙසට මිල නියම කළානම් ඉවරයි. ඒ විශ්වවිද්‍යාල පවත්වාගැනීමට මදි පාඩුවක් ඇතිනම් රජයෙන් ඒ මුදල වෙන් කළ හැකියි. ඒ මුදල් ආධාර දීම උපරිම වසර හතරකට සිමා කොට පන්තිවලට පැමිණීමේ ප්‍රතිශතය අනුව මුදල් නිදහස් කරලා, නිසි ප්‍රතිශතයකින් පන්තිවලට සහභාගී නොවුවන්ට පොලි මුදලක් එකතුවන ක්‍රමයක් සකස් කළානම් ඔය වර්ජන, පන්ති වලට සහභාගී වීම් දියත් නවතිනවා. ඇමෙරිකාවේ අධ්‍යාපන ආධාර ක්‍රමය මේ සඳහා හොඳ ආදර්ශයක්.
විශ්ව විද්‍යාල ඇගයීම සඳහා පිළිගත හැකි තත්ත්ව දර්ශක දෙකක් තිබේ (1) පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකයින් (2) විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකයන්. 1 හෝ 2 හි සාමාජිකත්වය දරන සියලුම විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනී. උසස් අධ්‍යාපන ආයතනවල පාලනය ප්‍රායෝගික විසඳුම් නොවේ. පවත්නා රජයේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව රජය වැඩි කළ යුතු අතර, නව රජයේ විශ්ව විද්‍යාල පිහිටුවිය යුතු අතර නව විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා පෞද්ගලික ආයතනවලට සහාය ලබා දිය යුත්තේ මෙම ගැටලුවට විසඳුම් පමණි.