(දසුන් රාජපක්ෂ)
සෑම මාසකම 15 වැනි දින විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර මාසික දීමනාව ලබාගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) ප්‍රකාශ කළේය.
මේ වන විට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙහි රුපියල් බිලියන 10.5ක් තිබෙන අතර ඉදිරි වසර පහ තුළ එම ප්‍රමාණය බිලියන 20 දක්වා වැඩි කර සෑම මාසයකදී ම විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට රුපියල් 10,000 ක ශිෂ්‍යාධාර පිරිනැමීමට රජය සැලසුම් කර ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය .
මෙතෙක් මෙම ශිෂ්‍යාධාරය ලබා දීමට නිශ්චිත දිනයක් නොතිබුණු අතර ශිෂ්‍යාධාර දීමනා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අතට පත්වූයේ ප්‍රමාද වී බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙකට අදාලව ගෙවීමට නොහැකි වූ හිඟ ශිෂ්‍යාධාර සමග ජනවාරි මාසයට අදාළ ශිෂ්‍යාධාරය මෙම 15 වැනි දින සිසු සිසුවියන්ට ලබාගත හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි. පසුගිය රජයෙන්නේ මේවා වැඩිකළේ....ඒ අතරම අරහේ පැය 24 න් අල්ලනවා කියපු මහබැංකු හොරු කෝ? ඒවා තියලා රථවාහන නඩු පටන් අරගෙන ඉවර උන නඩු නැවත අවුස්සලා. එහෙනම් තාජුඩීන්, එක්නැලිගොඩ ඇතුලු වංචා නඩුත් අල්ලන්න පටන් ගමු. මොකද හොරු සහ මිනීමරුවෝ නිදැල්ලේ................
මේ මුදල් සඳහා දුප්පත් පොහොසත් භේදයකින් තොරව මහජනයා විසින් ගෙවන බදු මුදලින් ලැබෙන බවත් සිසුන් දැන ගත යුතුයි.
ඔය ගමන්ම විශ්ව විද්‍යාලවල මද්‍යසාර පරීක්ෂණ ඒකකයකුත් ඔය දවස් දෙක තුනට වත් දමන්න. බැනල කොමෙන්ට් දමයි. ඒත් ඇත්ත. බොහෝ නුසුදුස්සන්ට මහපොළ දෙනවා. එහෙත් අඩු පඩි ගත්තත් රජයේ සහ පුද්ගලික අංශයේ සේවක දරුවන් බොහෝ දෙනෙක්ට අකැපයි.
හුගක් අයට මාස 5 ක් මහපොළ හම්බෙලා නෑ. මේ සල්ලි වලට මොකද වෙන්නේ ? ඒවා හරියට ඔඩිට් වෙනවද?
අනේ අපේ බදු සල්ලි.
නියාමනය කරනවට වඩා මේ වෙබ් අඩවි ගැන ජනතාව දැනුවත් කළානම් වටිනවා.
ඔබතුමා කට ඉස්සර කරගත්තද මන්දා? ඔය බිලියන ගාන ළමයින්ට දීම කෙසේ වෙතත් සුනාමි සල්ලි වලට වෙච්ච දේ වෙයිද දන්නේ නෑ.