(රංජන් කස්තුරි)
යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රජයේ නිලධාරීන් පිළිබඳව සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසමක් පත්කරනු ලැබ ඇත.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ය.
ඒ අනුව 2015 වසරේ ජනවාරි මාසයේ 8 වැනි දින සිට 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ රජයේ නිලධාරීන් , රාජ්‍ය සංස්ථාවල සේවකයින් , සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයින්ට සිදුව ඇති දේශපාලන පළිගැනීම් සෙවීමට එම කොමිසමට බලය පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් පැවැති ආණ්ඩුව කාලයෙන්ම පටන් ගත්තොත් තමයි වටින්නේ. ඒ කාලේ ඔහොම දේවල් වුනේ ඕසෙට...
එක්සත් ජාතික පක්ෂයට බැරිවුණා දෙපාරක් බලයට ඇවිල්ලත් 1994 -2002 අතර කාලයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුණ තම පාක්ෂිකයන්ට සහන සලසන්න.
දේශපාලුවන්ගේ නියෝග පිළිපැදීම නිසා හැම තරාතිරමකම නිලධාරීන් අමාරුවේ වැටෙනවා. බලයට පත්වන ආණ්ඩුව කලින් ආණ්ඩුවෙන් තමන්ගේ හිතවතුන්ට වූ පළිගැනීම් නිවැරදි කරන්න යයි කියා කොමිෂන් දමනවා. ඒ අතරතුර තමන්ගේ හිතවතුන්ට පෙර ආණ්ඩුව කාලේ කරදර කළා යයි හිතන නිලධාරීන්ගෙන් පළිගන්නවා. ඊළඟට එන ආණ්ඩුවත් ඔය ටිකම නැවත කරනවා. දැන් සිදුවෙන්නෙත් ඒකමයි. සිරිසේනලා කළෙත් ඒකමයි. නමුත් සියලුම ආණ්ඩු පෙන්වන්න හදන්නේ යුක්තිය ඉටුකරන්නේ තමන් පමණක් බවයි. අපේ වහල්ලු මාරුවෙන් මාරුවට ඒ ලණුව ගිලිනවා.
හරි කට්ටියනේ දාල තියෙන්නේ. සමහර අයට නඩුත් තිබුන නේද? අපිට අමතකයි කියලා හිතුවද? හොරු අල්ලන කොමිසමේ වැරදි හොයන්න හොරු දාලා කොමිසමක් හදලා ලෝක වාර්තාවක් තියලා.
නියමයි.............ජය වේවා !
ඔය කොමිසමේ ඉන්න තුන් දෙනාම සුදුසු අය නෙවේ. ඒ තුන් දෙනා ගැන හොයල බැලුවොත් දැන ගන්න පුළුවන්. සාධාරණ පරීක්ෂණයක් නම් කොහෙත්ම වෙන්නේ නෑ.