පිටරට සිට පැමිණෙන පිරිසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක් ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක් යන තුරු නිවෙස්වලම රැඳී සිටින්නැයි විදේශ රටවල සිට ශ්‍රීලංකාවට පැමිණෙන්නන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 09 March 2020
මුදල් කොල්ලකෑමේ සිද්ධියට කොස්තාපල්වරු තිදෙනාගේ වැඩ තහනම් බණ්ඩාරගම අටළුගම ව්‍යාපාරිකයකු සතුව තිබු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිරිහාන පොලීසියේ කොස්තාපල්වරුන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි නිහාල් මහතා පැවසීය. 09 March 2020
සමගි බලවේගයේ දොර එජාපයට විවෘතයි නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත් සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(09) පැවසීය. 09 March 2020
ඉන්ධන මිල අඩුකිරීමට රජයේ අවධානය පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අනිද්දා(11) රාත්රියේදී අඩුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 March 2020
රටවල් තුනක සිට එන ගුවන් මගීන් හෙට සිට නිරෝධායන මධ්‍යස්ථානවලට දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමේ කටයුතු හෙට (10) සිට ආරම්භ වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 09 March 2020
ශ්‍රී ලාංකිකයන්ට කටාර් රාජ්‍යයෙන් තාවකාලික තහනමක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට අද ( 09) සිට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 09 March 2020
ශ්‍රී.පො.ජ.ස. නාම යෝජනා පත් සැකසීම මේ සතියෙන් අවසන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා පත්‍ර සැකසීම මෙම සතියේදී අවසන් කරන බව එහි ජ්‍යෙෂ්ඨයෙක් ලංකාදීපයට අද (9) පැවැසීය. 09 March 2020
උතුරුමැද අධ්‍යාපනයට දේශපාලනඥයෝ ඇඟිලි ගසති උතුරු මැද පළාතේ පාසල් සඳහා නව විදුහල්පතිවරුන් අනුයුක්ත කිරීමේදි දේශපාලන මැදිහත්වීම් හේතු කරගෙන පාසල් තුළ පරිපාලන ගැටලු රැසක් පැන නැගී ඇතැයි ගුරු සංගම් නියෝජිතවරු චෝදනා කරති. 09 March 2020
සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද(9) විවෘත කෙරිණ. 09 March 2020
වතුකරයේ වෙනම විශ්වවිද්‍යාලයක් අරඹන බව උසස් අධ්‍යාපන ඇමැති කියයි හැටන් කොටගල ප්‍රදේශයේ වතුකරයේ විශ්වවිද්‍යාලය සදහා තේරී පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 March 2020
දඹදිව වන්දනා ගමන් තාවකාලිකව නවත්වන්නැයි උපදෙස් දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවන්නැයි වන්දනා ගමන් සම්බන්ධව කටයුතු සංවිධානය කරන ආයතන සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 09 March 2020
වරෙන්තුවට දෙදිනයි:රවී ගෙදරත් නෑ යන එන තැන්වලත් නෑ ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර දින දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඔහු තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. 09 March 2020
ඉතාලියේ 366ක් වයිරසයෙන් මිය ගිහින් කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 366 දක්වා ඉහළ ගොස් ඉතාලි බලධාරිහු පවසති. 09 March 2020
සමගි බලවේගය දිසා 22 ටම දුරකතනයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂය මහ මැතිවරණය සඳහා දුරකතනය ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. 09 March 2020
තල්දෙන රිය අනතුරකින් 19ක් රෝහලේ බදුල්ල, තල්දෙන 9 කණුව ප්‍රදේශයේදී බවුසරයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 19දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බදුල්ල පොලිසිය කියයි. 09 March 2020
ලුණුගම්වෙහෙරදී රිය අනතුරකින් 6ක් මරුට:3ක් රෝහලේ ලුණුගම්වෙහෙර, 22 කණුව අසළදී අද (09) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි. 09 March 2020
ෆේස් බුක් සාදය වටලා 77 ක් අත්අඩංගුවට පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 77 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 08 March 2020
40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ භටයින් ගාලු මුවදොරට යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් අද (08) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. 08 March 2020
ලංකාවට එන ගුවන් මගීන් සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් නව කොරෝනා තදින් පැතිර යමින් තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කිරීම සඳහා හෙට (09) නව මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 08 March 2020
කුවේටය ලංකාව ඇතුළු රටවල් 7 ක ගුවන් ගමන් තාවකාලිකව නවත්වයි කොරෝනා වෛරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් සමඟ කුවේටය පැවැත්වූ සියලු ගුවන් ගමන් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට කුවේට් බලධාරීන් තීරණය කර ඇතැයි එරට පළවන ඇරැබ් ටයිම්ස් පුවත්පත ඊයේ (08) වාර්තා කළේය. 08 March 2020
‘පක්ෂය දෙකට බෙදුණොත් පාක්ෂිකයින් හතරකට බෙදෙනවා‘ එක්සත් ජාතික පක්ෂයේ කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇතැයි එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය. 08 March 2020
උසස් අධ්‍යාපනයට කැනඩාවට යවනවැයි මුදල් වංචා කළ ආයතනයක් වටලයි කැනඩාවේ උසස් අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ දෙහිවල ගාලු පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක් වටලා එහි කළමණාකාරවරිය අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. 08 March 2020
ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකක් නිවාසවල කොටුවෙති මාරාන්තික කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ. 08 March 2020
තවත් ස්වාධීන කණ්ඩායම් 15ක් ඇප මුදල් තැන්පත් කරති මහ මැතිවරණයට තරග කිරීම සඳහා තවත් ස්වාධීන කණ්ඩායම් 15ක් මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ. 08 March 2020
මාලදිවයිනේ දූපත් අතර ගමනාගමන කටයුතු සීමාකරයි කොරෝනා ආසාදිතයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ දූපත් කිහිපයක ගමනාගමන කටයුතු සීමා කිරීමට මාලදිවයිනේ බලධාරීහු අද (8) පියවර ගත්හ. 08 March 2020
පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු ත්‍යාග මුදල් මිලියන 496 අඩුවෙන් ගෙවලා 2016 වසරේ සිට වසර තුනකදී පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු ත්‍යාග මුදල්වලින් රුපියල් මිලියන 496ක් අඩුවෙන් ගෙවා ඇති බව පොලිස් ත්‍යාග අරමුදල් සම්බන්ධයෙන් කළ විශේෂ විගණනයකදී ආනාවරණය වී තිබේ. 08 March 2020
ලංකාදීප පුවත්පත 14 වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් සම්මාන දිනාගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්රකාශනය වන ’ලංකාදීප’ පුවත්පත සමත් විය. 08 March 2020
කච්චතිව් මංගල්‍යයට ගිය යාත්‍රා 7 ක් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිහින් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට අයත් කුඩා ඩිංගි යාත්‍රා 7 ක් ඉන්දියානු මුහුදු සීමාවට ගසාගෙන ගොස් තිබිය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකාවක් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දී තිබේ. 08 March 2020
ඉතාලියේ පොදු ස්ථාන වසාදමයි කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා තිබෙන කෞතුකාගාර, රංගශාලා සහ සිනමාශාලා මෙන්ම අනෙකුත් පොදු ස්ථාන වසා දැමීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත. 08 March 2020
ඉතාලියේ වසා දැමුණු නගරවල සිටින ලාංකිකයින් ගැන වැඩි අවධානයක් කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යාමෙන් ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොම්බාඩි පළාත සහ තවත් ප්‍රාන්ත 14ක් වසා දැමීමත් සමඟ එම නගරවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී. 08 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026