ඉන්දියාවෙන් දිනක් තුළ ආසාදිතයන් 20,000 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) පළමු වරට 20,000ඉක්මවා ගියේය. 03 July 2020
පාස්කු ප්‍රහාරකයාට තඹ දෙන්න කිව්වේ රජයේ උසස්ම නිලධාරීන් දෙන්නෙක් මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුදල් යෙදවූ කොලෝසස් පුද්ගලික සමාගම සිදුකළ නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඊට ලබාදෙන ලෙස එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ දේවිකා ලියනගේ මහත්මිය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත දැනුම් දී තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක මහතා පැවසීය. 03 July 2020
මා ඔයේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට ගිරිඋල්ල යකාබැඳි ඇල්ල ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අද (03) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 03 July 2020
නාවලපිටිය රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ලොරියක් සමඟ ගිලා බසී නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් අද (3) පස්වරු 5 ට පමණ ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 03 July 2020
සහරාන්ගේ අන්තවාදී වැඩ 2018දී අධිකරණයට කිව්වා කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නමැත්තා සිදුකළ මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳව 2018 වර්ෂයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට තමා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ සමයේ බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතා ඊයේ (2) ප්‍රකාශ කළේය. 03 July 2020
සිබිල් නැන්දා අවසන් ගමනේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක සහ ළමා පොත් කතුවරියක වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද(03) පස්වරුවේදී සිදුකෙරිණි. 03 July 2020
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි කඩවත මංකඩ පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කඩවත පොලිසිය පවසයි. 03 July 2020
‘පෝස්ටර් නීතිය වෙනස් කරන්න යැයි ගම්මන්පිල ඉල්ලයි‘ මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණ නිසා මෙරට පරිසර දූෂණය වැඩිවන්නටත් මැතිවරණ ප්රචණ්ඩත්වය වැඩිවන්නටත් හැකියාව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් කරමින් අද (3) කියා සිටියේය. 03 July 2020
නවගත්තේගමින් දුර්ලභ බෝදිලිමෙක් හමුවෙයි වදවියාමේ තර්ජනයට ලක්වී ඇති විශාල බෝදිලිමෙක් නවගත්තේගම මැද්දාව ප්‍රදේශයෙන් හමුවි වනජීවි නිළධාරින්ට භාර දි ඇති බව කියයි. 03 July 2020
රැඳවියකුට මත්කුඩු දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට දන්තාලේප ඇසුරුම් තුනක් තුළ සුක්ෂම අයුරින් සඟවා මත්කුඩු ග්රැම් 05 ප්‍රමාණයක් රැදිවියෙකු ට ලබාදිමට උත්සාහ කළ අයෙකු අද (03) වැනි දා පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය පවසයි. 03 July 2020
ජනාධිපතිට වැඩ කරන්න බැරි පාර්ලිමේන්තුවක් තිබුණොත් පාඩුව රටට‘ ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක ජනාධිපතිවරයාට වැඩ කරන්න බැරිවෙන ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(3) පැවසීය. 03 July 2020
ජනාධිපති කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගනී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) දහවල් කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණියේය. 03 July 2020
බන්ධනාගාර බුද්ධි අංශයේ 61 ක් වෙනත් රාජකාරිවල යෙදවීමෙන් වැටලීම් අඩපණයි බන්ධනාගාර බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් 83 දෙනා අතරින් 61 දෙනකුට වෙනත් විවිධ රාජකාරී සඳහා යොදවා ඇති බැවින් ඊට අදාළ වැටලීම් කටයුතු මේ වන විට අඩපණ වී ඇතැයි වාර්තා වේ. 03 July 2020
අවශේෂ කැලෑ චක්‍රලේඛය අහෝසි නොකරන්නැයි ජවිපෙ ඉල්ලයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් කුඩා වනාන්තර පිළිබඳ බලය එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර දිසා ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් කැලෑ ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වී යාහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි. 03 July 2020
මැතිවරණ ප්‍රචාරණයට ආගමික ස්ථාන යොදා නොගන්නැයි පැෆරල් ඉල්ලයි මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතයට ගැනීමෙන් වළකින ලෙස පැෆරල් සංවිධානය නිවේදනක් නිකුත් කරමින් කියාසිටී. 03 July 2020
දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය. 03 July 2020
2011 ලෝක කුසලාන පාවාදීමේ පරීක්ෂණ අවසන් වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 July 2020
‘ජුලි 17 ට පෙර එන හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඡන්දෙට පෙර දෙනවා’ මෙම මස 17 දාට පෙර දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් සඳහා පමණක් හදිසි අවශ්‍යතාවයන් ලෙස සළකා ලබන මහ මැතිවරණයට පෙර හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 03 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 192ට බසී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 36දෙනෙක් සුවය ලබා අද(03) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 192 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 03 July 2020
නීතිපති දේශනය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා කුඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවත්වන ලද දේශනය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එහි කලබලයක් ඇති විය. 03 July 2020
ජින්තුපිටියේ පාසල් වසන්නැයි ගුරු සංගම් ඉල්ලයි ජින්තුපිටිය හා ඒ අවට ඇති පාසල් 11ක් තවදුරටත් වසා තබන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි. 03 July 2020
මරණ දඬුවම් නියම වූ රැඳවියන් සිටින සිර මැදිරියකින් ජංගම දුරකතන-මත්කුඩු වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේ ජී 3 සිර මැදිරියේ මරණ දඬුවම් වින සිව්දෙනකුගෙන් යුත් 96 දරණ සිර කුටියේ පොළොව යට වළලා තිබූ ජංගම දුරකතන තුනක් හා මත්කුඩු මිලි ග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි. 03 July 2020
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ. 03 July 2020
ජින්තුපිටියෙන් හමු වූ කොරෝනා ආසාදිතයා රෝහලට නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 03 July 2020
රට රැකියාවල ආදායම් ඉහළ නංවන්න සැලැස්මක් හදන්න සය පුද්ගල කමිටුවක් විදේශ රැකියා ක්ෂෙත්රයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය. 03 July 2020
කුලී ගමන් යන මුවාවෙන් ගංජා රැගෙන ගිය ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් (02) පස්වරුවෙදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 03 July 2020
නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ළඟ තබාගෙන සිටින රජයේ නිලවාහන පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම හිටපු රාජ්‍ය ඇමැතිවරුන් නිල වාහන බාර නොදී මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා බවට කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ද අප පුවත්පත වාර්තා කළේය. 03 July 2020
පොලිසිය එන්න එපා කිව්වාත් මහේල සාක්කි දෙන්න යයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද (3) පැමිණියේය. 03 July 2020
ජපානයේ රැඳී සිටි ලාංකිකයන් 261 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද(03) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 03 July 2020
පොලිසිය මහේලට අද එන්න එපායි කියයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. 03 July 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026