(ටී.කේ.ජී.කපිල)

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  ජපානයේ රැදී සිටි ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන්  යානයක් නරීටා සිට අද(03)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන්  ජපානයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.

ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන විශේෂ ගුවන් යානයෙන්  ජපානයේ නරීටා සිට අලුයම 3.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.