ගෙවුණු මාස 6 දී කේරළ ගංජා කිලෝ 3000කට ආසන්න ප්‍රමාණයක් උතුරු මුහුදෙන් අත්අඩංගුවට මේ වසරේ ගෙවුණු මාස 06 තුළ කාලයේදී පමණක් නාවික හමුදාව විසින් පමණක් කේරල ගංජා කිලෝ 2,915 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි. 02 July 2020
මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයෝ 178ක් මත්තලට එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(02) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 02 July 2020
‘පටු වාසි වෙනුවෙන් ක්‍රීඩාව-ක්‍රීඩකයින් සමඟ දේශපාලනය කරන්න එපා‘ තමන්ගේ පටු වාසි අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව සහ ක්‍රිඩකයන් සමඟ දේශපාලනය කරන්න එපා කියා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී අද(2)පැවසීය. 02 July 2020
50,000ක් වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු දැලේ සංවිධානාත්මක අපරාධවල නියැලුණු බව කියන පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් 50,000කට ආසන්න හෙරොයින් මත්කුඩු සමග කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 02 July 2020
පාතාල සාමාජිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට පාතාල සාමාජිකයින් තිදෙනකු හෙරොයින් සමඟ පැලියගොඩ හා මෝදර යන ප්‍රදේශ වලින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ. 02 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 216ට බසී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙක් සුවය ලබා අද(02) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 216 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 02 July 2020
ලුණු සංස්ථාව පාඩු ලැබීම රටටම ලජ්ජාවක් මේ රටේ සංස්ථා අතුරින් ලුණු සංස්ථාව (1998ට පෙර) බිහිවන්නේ වාසනාවන්ත සංස්ථාවක් වශයෙනි. රට වටේම මුහුද තිබෙන, වසරේ දින 365න් දින 300ක් පමණ හොඳින් හිරු එළිය වැටෙන රටකට ලුණු සංස්ථාවක් හරිනම් දෙයියො දුන්න සම්පතක් විය යුතුය. එහෙත් අවාසනාවක මහත! 1998 වනවිට එවකට පැවැති රජය ලුණු සංස්ථාව විකුණා දැමීමට පිඹුරුපත් සැකසුවේය. 02 July 2020
බඹරු ඇන 13 ක් රෝහලේ මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ 02 July 2020
රටවල් තුනක සිර වී සිටි ශ්‍රී ලාංකිකයෝ 91 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 91 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානා 04 ක් අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 02 July 2020
හෝමාගම නිවසකින් තවත් ගිනි අවි උණ්ඩ රැසක් සොයා ගැනේ හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසකින් ටී-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර ගිනි අවි , පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි . 02 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් 12ක් අත්අඩංගුවට කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම්වලින් ලබාගත් හෙරොයින් කූට ලෙස විකිණූ බව කියන සිද්ධියට අදාළව එම කාර්යංශයේ තවත් පොලිස් නිලධාරීන් 12දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගෙන තිබේ. 02 July 2020
අනතුරකින් රියදුරු අසුනේ සිරවූ තරුණයාගේ දිවි බේරාගනි අනතුරකට ලක්වී කුඩා ලොරි රථයක සිරවී සිටි තරුණ රියදුරෙකු එම ලොරි රථයේ දොරවල් කඩා මහත් පරිශ්‍රමයකින් එළියට ගෙන දිවි බේරීමේ සිදුවීමක් වැලිපැන්න හිදම්පල ප්‍රදේශයෙන් අද (02) උදැසන වාර්තා විය. 02 July 2020
ගඟට වැටුණු දුරකතනය ගන්න ගිය කොස්තාපල් ගිලී අතුරුදහන් නිල්වලා ගඟේ අතු ගංගාවකට වැටුණු තම ජංගම දුරකතනය ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ගඟේ ගිලී අතුරුදහන්ව ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි. 02 July 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙලා ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 02 July 2020
ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 47,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (30) දිනයේදී වාර්තා විය. 01 July 2020
කේරල ගංජා කිලෝ 200 ක් සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 201 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මැදවච්චිය මන්නාරම මාර්ගයේ පෙරියකට්ටු ප්‍රදේශයේදී අද(01) අත්අඩංගුවට ගෙන තිබේ. 01 July 2020
එයාර්බස් සමාගමේ රැකියා 15,000 කප්පාදුවක් ලොව විශාලම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන යුරෝපයේ එයාර්බස් සමාගම එම සමාගමේ රැකියා 15,000ක් පමණ කපා හැරීමට තීරණය කර ඇත. 01 July 2020
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 955 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් පේදුරුතුඩුව නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අද(01) අත්අඩංගුවට ගෙන තිබේ. 01 July 2020
දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්රචාරක කටයුතු සඳහා තම ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. 01 July 2020
විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට රජයේ අවධානය කෝවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඇඳිරිනීතිය පනවා තිබූ මාස කිහිපයේ වැඩි වී ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. 01 July 2020
එම් .සී.සී කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට සහශ්‍ර අභියෝගිතා ගිවිසුම (එම් .සී.සී) ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. 01 July 2020
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව සංශෝධනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 July 2020
බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර බන්ධනාගාර රැදවියන් බැලීම සඳහා අද (01) සිට යළිත් අනුමැතිය ලබා දුන් බව බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 01 July 2020
වරාය සේවකයින් තිදෙනෙක් දොඹකරයකට නැග විරෝධයක චීනයෙන් ගෙන් වූ ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වරාය සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, ගැන්ට්‍රි දොඹකරයකට නැගී විරෝධතාවක් ආරම්භ කර තිබේ. 01 July 2020
තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනි නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කළ 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසලදි පිලි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය පැවසිය. 01 July 2020
ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයෝ 63 සිය රට එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (01 ) සවස චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 01 July 2020
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු සංඝණනයක් අරඹයි විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංඝණනයක් ආරම්භ කර තිබේ. 01 July 2020
කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් අදත් ජංගම දුරකථනයක් හමුවෙයි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සඟවා තිබී ජංගම දුරකථනයක්, සිම්පත් හතරක් හා චාජරයක් බන්ධනාගාර බුද්ධි අංශ හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අද (01) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 01 July 2020
මහ මැතිවරණයේ අපේක්ෂකයෝ 5000 ක් වෙනත් වාසි සොයති මහ මැතිවරණයේ තරඟ වදින්නට අපේක්ෂකයන් 7452 දෙනෙක් සිටියත් සැබැවින්ම තරඟ කරන්නේ 2,000 කට ආසන්න පිරිසක් පමණකැයි පැෆරල් සංවිධානය කියයි. 01 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ 36 ක් වසා දමයි ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙල්බර්න් අවට ප්‍රදේශ 36ක් වසා දැමීමට බලධාරීන් නියෝග කර තිබේ. 01 July 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026