ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙල්බර්න් අවට ප්‍රදේශ 36ක් වසා දැමීමට බලධාරීන් නියෝග කර තිබේ.
ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ප්‍රදේශයේ 320,000ක පමණ පිරිසකට ලොක් ඩවුන් නියෝග පැනවෙනු ඇත.
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇඩෲස් පවසා සිටියේ මෙම නියෝග සති හතරක කාලයක් දක්වා බලපැවැත්වෙනු ඇති බවයි.
එම කාල සීමාව තුළ පාසැල් වසා දැමෙනු ඇති අතර පදිංචිකරුවන්ට නිවසින් බැහැර වීම තහනම් කෙරේ.
සියලුම ගුවන් ගමන් වෙනත් ප්‍රාන්ත වලට යොමු කිරීමට ද වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන ඇත.
පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 64 දෙනකු වාර්තා වී ඇති අතර ඊට පෙර දිනයේ නව ආසාදිතයින් 75දෙනකු වාර්තා වි තිබිණි.
සති දෙකකට පෙර සිට වික්ටෝරියා ප්‍රාන්තයේ අසාදිතයින් වැඩිවීමට පටන් ගත් බව බලධාරීහු පවසති.
කෙසේ වුවද අසල්වැසි නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින් නව ආසාදිතයන් වාර්තා වී නොමැත.
ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,800ක් වන අතර 104 දෙනකු මියගොස් තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ 36 ක් වසා දමයි