නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ආසාදිතයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇතැයිද ඒ මහතා පැවසීය.
ඊයේ දිනයේදී ආසාදිතයකු ලෙස හඳුනාගත් මෙම රෝගියාගෙන් කෝවිඩ් 19 වයිරසය සමාජයට ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි රැල්ලක් ඇතිවීමට ඉඩ නොදී සුදුසු පරිදි ක්‍රියාකොට මේ රෝගයෙන් රට හා ජනතාව බේරාගන්න.
නිවාස නිරෝධායනයට කෙනෙක් යොමුකරන විට පවුලේ අනෙක් අය නිරෝධායනයට ලක් කරන්නේ නැද්ද? මෙච්චර ආශ්‍රිතයින් ඉන්නේ කොහොමද?
දෙවැනි රැල්ල දියවන්නාවට ගැහුවට නම් කමක් නැහැ.