ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක් ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහත්වරුන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ගොනු කර ඇත. 19 April 2021
මුලතිව් කැලෑවකින් ආයුද තොගයක් මතුවේ මුලතිව් පොලිස් වසමට අයත් චලෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 19 April 2021
කේරළ ගංජා සමග තිදෙනෙක් සැකපිට මන්නාරම මුලංකාවිල් මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 86ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 19 April 2021
කිරින්දෙන් මුහුදු ගිය ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන් එක් දින යාත්‍රාවක නැගී කිරින්ද ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකු මුහුදේ අතුරුදහන් වී ඇතැයි කිරින්ද පොලිසිය පවසයි. 19 April 2021
දුම්රිය අනතුරුවලින් තිදෙනෙක් මරුට දුම්රිය අනතුරුවලින් ඊයේ (18) දින පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 April 2021
මෙම 21 වැනි දා රටපුරා විශේෂ ආරක්ෂාවක් පාස්කු ප්‍රහාරයට වසර 2 සපිරෙන මෙම මස 21 වැනි දින දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 April 2021
අද දින වැසි තත්ත්වයේ අඩුවක් මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (19) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 April 2021
මුරලි හදිසි ශල්‍යකර්මයකට ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසි ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කළේය. 19 April 2021
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. 19 April 2021
‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘ ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 18 April 2021
‘‘පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයේ අතකොලුවක්‘‘ පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ආගමික අන්තවාදය විසින් සිදුකළ එකක් නොව ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක් විසින් කළ එකක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 18 April 2021
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 23 දා සිට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙනුයේ පළමු මාත්‍රාව දී සති දහයකින්ද සති දොළහකින්ද යන්න අද (19) තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. 18 April 2021
මොරටු සරසවියේ ආචාර්යවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක මොරටුව විශ්ව විද්‍යාලයට නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. 18 April 2021
තරුණියකට බලපෑම් කළැයි ක්‍රිකට් ක්‍රීඩකයාට චෝදනා මාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 18 April 2021
මාස තුනක් මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින්ට නිදහස මාස තුනකට ආසන්න කාලයක් මියන්මාරයේ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකාවේ ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇතැයි මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. 18 April 2021
කොවිඩ් නිසා විදෙස් රටවල සිට එන අය සීමා කරන්න වේවි විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අතර කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හෙයින් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසීය. 18 April 2021
පරවි පඤ්ඤාන් වැවේ දියනෑමට ගිය සිසුන් දෙදෙනකු මරුට තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතාන “ පරවි පඤ්ඤාන් වැවේ“ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (18) පෙරවරුවේ දියේ ගිලි මියගිය බව පොලිසිය කියයි. 18 April 2021
රුපියල් පන්දහසේ දීමනාව රුපියල් පන්දහසේ දීමනාව මෙතෙක් ලබා නොගත් අඩු ආදායම්ලාභීන්ට එම දීමනාව පිරිනැමීම හෙට (19 ) සිට යළි අරඹන බව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කියයි. 18 April 2021
වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සළකා බැලීම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (19) සලකා බැලීමට නියමිතය. 18 April 2021
කුරුණෑගල ගම්මානයක් හුදකලා කරයි කොවිඩ් ආසාදිතයන් 29 දෙනකු හඳුනාගැනීමෙන් කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානය අද ( 18) සිට හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබීය. 18 April 2021
බඹරබොටුව ගගේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට වේවැල්වත්ත බඹරබොටුව ගගේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසුවි 18 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇතැයි වේවැල්වත්ත පොලීසිය කියයි. 18 April 2021
චිත්‍රපට සංස්ථාවේ-පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් කොප් කමිටුව හමුවට රජයේ චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව ( කෝප්) හමුවට ලබන සතියේදී කැඳවන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 18 April 2021
වැඩ ප්‍රමාද නම් ජනාධිපති කාර්යාලයට “ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්තා කළ යුතු බවට සදහන් කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 18 April 2021
දාපනේ ගැමියෝ පරට බසිති සංවර්ධනය කිරීමට නියමිතව තිබෙන කොලොන්න දාපනේ ක්‍රිඩා පිටියට වෙන්කිරීමට නියමිතව තිබෙන රුපියල් පන් ලක්ෂයක මුදලක් කොලොන්න ප්‍රාදේශීය සභාපතිවරයා විසින් වලක්වා ඇති බව පවසමින් ගැමියෝ දාපනේ මන්සංධියේදී විරෝධතාවයක නිරත වූහ. 18 April 2021
සුරාබදු පනත සංශෝධනයට වසර එකසිය අටක් පැරණි සුරාබදු ආඥාපනත සංශෝධනය කිරිමට සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ. 18 April 2021
රජයේ සහ අනුබද්ධ පාසල් දෙවැනි වාරය හෙට ඇරැඹේ රජයේ සහ අනුබද්ධ පාසල් හි දෙවැනි වාරය හෙට( 19) ආරම්භ කිරීමට නියමිතය. 18 April 2021
කොස්ගොඩ තාරකගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ තාරකගේ සමීපතමයකු බැව් කියන පුද්ගලයෙකු ගිනි අවියක් සහ ජීව උණ්ඩ 6 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි. 18 April 2021
ලක්ෂ 50 හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හොරෙයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 18 April 2021
සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨ කීපයක් හෙට සිට ඇරැඹේ සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨ කීපයක අධ්‍යයන කටයුතු හෙට (19) සිට ආරම්භ කරන බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා සඳහන් කරයි. 18 April 2021
ගෑස් ‘ගෑස් පෙන්වන්න’ යයි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026