දැව ජාවාරම්කරුවෝ සෙබළුන් දෙදෙනකු අනතුරට ලක්කර පළා යති වව්නියාව ඕමන්ත යුදහමුදා මාර්ග බාධකයකදී අණනොතකා ධාවනය වූ කැබ් රථයක් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුද අනතුරට ලක් කර පලා ගොස් ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි. 18 April 2021
ගිනි අවි-පතුරොම් සමඟ අයෙක් අත්අඩංගුවට පතිරාජගම නිවසක සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතුරොමක් , හිස් කොපු දෙකක් සමඟ 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය කියයි. 18 April 2021
විස බවට හඳුනාගත් ඉතිරි පොල්තෙල් තොගයත් ප්‍රතිඅපනයනය කරන්න යයි ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් ඉතිරි පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා ඉදිරි සතිය තුළ රේගු දෙපාර්තමේන්තු බාරයට ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 18 April 2021
කොග්ගල වෙළඳකලාපයේ තවත් 6 කට කොරෝනා කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක තවත් සේවිකාවන් හය දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 18 April 2021
පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිතය. 18 April 2021
දික්ඔය වතු නිවාස රැසක් ජලයෙන් යටවෙයි කාසල්රී ජලශයේ පෝෂක ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පහත් බිම් ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 26 ක් ජලයෙන් යට වු බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 18 April 2021
තිහගොඩ නවයකට කොරෝනා තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි නම දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට ඊයේ (18) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 18 April 2021
‘‘රටට හිතකර තීන්දු පක්ෂයක් හැටියට අප ගන්නවා‘‘ වරාය නගරය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ යම් සංවාදයක් ඇතිව තිබෙනවා යැයි පරිසර ආමත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 18 April 2021
රිවෝල්වරයක් සමග සැකකරුවෙක් සැකපිට මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් ඇප මත සිටින පුද්ගලයකු රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ හයක් සමඟ වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 18 April 2021
දින පහට බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට බීමත්ව රිය පැදවූ රියැදුරන් 1834 දෙනකු ඉකුත් දින 5 තුළ අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 18 April 2021
අද දවසේ කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (18) දින ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 April 2021
ලක්ෂ හැත්තෑවක කුඩු සමග තරුණයෙක් සැකපිට රුපියල් ලක්ෂ හැත්තෑවකට ආසන්න වටිනා හෙරොයින් ම කුඩු තොගයක් සමග 26 හැවිරිදි තරුණයෙක් අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 April 2021
අලි අම්මයි පැටවයි විදුලි සැර වද්දා මරා දමාලා බුත්තල ඔක්කම්පිටිය මිනිපුරගම හේනක දී ඇතින්නක හා පැටිවකු විදුලිසැර වැදිමට සලස්වා මරා පැටවා මැණික් පතලකට දමා ඇතින්න ගිණිතබා පුලුස්සා දැමිමට උත්සහදැරු පුද්ගලයෙක් මොනරාගල වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 April 2021
සෞදියේ සිර කර සිටින ගෘහ සේවිකාවෝ ඉක්මනින් මෙරටට සෞදි අරාබියාවේ රියාද් නුවර පිහිටි රැදවුම් කදවුරක රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 17 April 2021
භික්ෂු වෙස් ගත් අයෙක් සොයා කහල්ල රක්ෂිතය පීරයි භික්ෂූවක් ලෙස පෙනී සිටි අයකු රැස්වෙහෙර රජමහා විහාරයට ඇතුළු වීමට තැත් කළ අයකු සොයා පොලීසිය සහ ගම් වැසියන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මීගලෑව පොලිසිය පවසයි. 17 April 2021
දැරණියගල ප්‍රා.සභාපති රිමාන්ඩ් ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය. 17 April 2021
කුරුණෑගල සෞඛ්‍ය අංශ කොරෝනා අවදානමක් ගැන යළි අනතුරු අඟවයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු හඟවති. 17 April 2021
කුඩු ජාවාරමෝ 10ක් අල්ලති සුරියවැව නගරයේ සිදු කළ විශේෂ වැටලිමකදී හෙරොයින් ජාවාරමේ යෙදුනු ප්‍රධාන ජාවාරම්කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයන් 10 දෙනකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 55ක් සමග අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය කියයි. 17 April 2021
හිසතෙල් ගෑමේ ජාතික උත්සවය හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදි අද (17)ට යෙදී තිබූ සුබ නැකතින් පැවැත්විණි. 17 April 2021
සුබ නැකතින් හිස තෙල් ගල්වති සිංහල අලුත් අවුරද්දේ චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ සුභ හෝරාව අදට යෙදි තිබුණි. එහි ජාතික උත්සවය ජනාධිපති හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි. 17 April 2021
අකුණුවලින් පරිස්සම් වන්නැයි කාලගුණය අනතුරු අඟවයි මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ප්‍රබල අකුණු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 April 2021
මත් කුඩු සමග කතක් සැකපිට බොරැල්ලේ දී කාන්තාවක හෙරොයින් සහ රුපියල් ලක්ෂ 4 කට ආසන්න සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 April 2021
ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා.සභාපති අල්ලයි ජාතික ජල ජල සම්පාදන මණ්ඩලයට අයත් වූ දැරණියගල කුඹුරුගම ගබඩාවෙන් අතුරදන් වූ ජල මාපක 98ක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 17 April 2021
කොරෝනාවෙන් වැඩිම මරණ වයස 40ට වැඩි අය කොරෝනා රෝගයෙන් මෙතෙක් මියගොස් සිටින 608 දෙනා අතුරින් 570 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. 16 April 2021
‘‘ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න‘‘ පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබෙිදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දුන්නේය. 16 April 2021
අපේ පලතුරු ඕමානයේ ජනප්‍රිය වෙයි ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් , ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ යැයි ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා පවසයි. 16 April 2021
හිසතෙල් ගෑමේ නැකත හෙට පෙරවරු 07.16ට මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී හෙට (17) ට යෙදෙන සුබ මොහොතින් පැවැත්වේ. 16 April 2021
කොරෝනා ආසාදිතයන් තවත් 159ක් හඳුනා ගනී කොවිඩ්-19 ආසාදිතයින් තවත් 159 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 16 April 2021
වෘත්තිය සමිති පොටකට එන හැඩ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙස බලකරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි වෘත්තිය සමිතිවල අවධානය යොමු වී ඇතැයි වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි. 16 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026