(ඉන්දිකා රාමනායක)
ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් දැරණියගල කුඹුරුගම ගබඩාවෙන් අතුරදන් වූ ජල මාපක 98ක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ව්‍යාපෘති කාර් කාර්යාල ගබඩාවේ තිබී ජල මාපක 477 ක් උපකරණ තොගයක් මාර්තු 30 වැනි දින කිසියම් පිරිසක් සොරා ගෙන ගොස් තිබිණි
ඒ අනුව එම ගබඩාවේ ප්‍රධාන ලිපිකරු රියදුරු ඇතුළු තිදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී ගබඩාවෙන් සොරාගත් ජල මාපක වලින් 98ක සභාපතිවරයා බාරය තිබේ සොයාගත් බව අජිත් රෝහණ මහතා කීය .
මෙම භාණ්ඩ පොදු දේපල බවත් පොදු දේපල දේපළ පනතේ ප්‍රතිපාදන අනුව සැකකාර සභාපතිවරයා අද (17) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකේ වටිනාකම දන්න නිසයි ඒවා අරන් තියලා ඇත්තේ.. මොකද වටිනාකම නොදන්න අය ඕවා දෙකයි පනහට පරණ බඩු එකතු කරන අයට දීලා දායි. ඕවායේ වටිනාකම දන්නේ ඔය සභාපති හැර වෙන කවුද? ඇල්ලුවා වගේ බඩුත් එක්කම ගිහින් දාන්න. පින් සිද්ද වෙයි.. ඕං මං කිව්වා...
මෙන්න තවත් නිදොස්කොට නිදහස් වෙන නඩුවක්...
කළින් එක්කෙනා වතු අධිකාරී කෙනෙක්ව මරලා ඇතුළට ගියා. දැන් මෙයා. මොනවා වුණත් දැරණියගල ජනතාව ගැන සතුටු වෙන්න ඕනෑ. දිගින් දිගටම මේ වගේ අයවම සතුටු කරනවට...
පොහොට්ටු පිපිලා.. රටට සුවඳ බෙදනවා..
දැරණියගල අපරාධකරුවන්, සොරුන් විශාල ලෙස ගැවසේ.. තම නායකයන්, දාමරිකයන් බව සිතන අසරණ ජනතාවක්... එසේත් නැතිනම් මන්ද බුද්ධික වෙන්න ඕනෑ.
ලොකු අයම හිට්ලර්ව ඉල්ලන කොට පල්ලෙහා පොඩි අය ඔහොම වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...
රටේ ඉහලම නායකයාගේ සිටම හොරුන් ඉන්නා රටක මේ ප්‍රාදේශීය කුක්කෙක් ඔය චුටි හොරකමක් කලාට මොකද...?