(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙස බලකරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි වෘත්තිය සමිතිවල අවධානය යොමු වී ඇතැයි වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධව රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති රාශියක් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ප්‍රබල වෘත්තිය සමිති කිහිපයක ප්‍රබලයන් කිහිප දෙනෙකු ලංකාදීපයට පැවැසූහ.
එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වා රජයට බලපෑමක් එල්ල කිරීමට ද එම කෙටුම්පත අකුලා ගැනීමට රජය සූදානම් නැතිනම් අඛණ්ඩ වර්ජනයකට එළැඹීමට ද සූදානමින් සිටින බව ඔවුහු කීහ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ දී රජයේ ප්‍රතිචාර මොනවාද යන්නත් දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සඳහා ලැබෙන තීන්දු පිළිබඳවත් සළකා බලා එකී වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු වැඩි දුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් ඉක්මණින් කළ යුතුය. නැතිනම් 2/3 ඔලුගෙඩි ගණන් කරලා රටම විකුණන්න වුණත් ඉඩ තියෙනවා.
3% වැඩ පටන් අරගන්න යන්නේ...
මේ අයගේ ආකාරයට බැලුවොත් අප රට තුළ ඇති සියළුම නිදහස් කලාප වෙනම රාජ්‍යයන්ය...
ආ... රට පාලනය කරන්නේ වෘත්තීය සමිතිද?
ලංකාවට අඩු චීන නීතිය විතරයි. උතුරට තේසවලාමේ නීතිය. බටහිරට රෝම ලන්දේසි නීතිය. නැගෙනහිරට ඉස්ලාම් නීතිය. දකුණට සිංහල නීතිය. රට මැද උඩරට නීතිය. චීනෙ එක අතකට සාධාරණයි කියලා හිතෙනවා. අලුතින් භූමියක් හදාගෙනම චීන නීතිය ගේන එක. ලංකාවට එක රටක්, එක නීතියක් කියන එක කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒකීය රටක් කළ හැක්කේ රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන් පමණයි. පොර්ට් සිටි එක ව්‍යාපාරයක්. එය 15වෙනි සියවසේ අග වෙනකම් දකුණු ඉන්දියාවද? 16 වෙනි සියවසේ සිට 20 වෙනි සියවස අග වෙනකම් යුරෝපයද? ලංකාවේ ව්‍යාපාර සිදුකරා මෙන්, 21 වෙනි සියවසේ චීනය ලංකාවේ ව්‍යාපාර සිදුකිරීම සඳහා ගත් පියවරක්. රට තුළ මොන ව්‍යාපාරික නීති තිබුණත් ඒකීය රටක් වීමට එක රාජ්‍ය භාෂාවක් තිබුණොත් හොඳයි කියලා හිතනවා.