(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් , ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ යැයි ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා පවසයි.
ශ්‍රී ලාංකික අපනයන සමාගම් කැරෙෆෝර් වැනි ජනප්‍රිය ජාත්‍යන්තර සුපිරි වෙළද ජාලයන් හයිපර් සමඟ සෘජුව සම්බන්ධ වීම, ඕමාන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ පළතුරු හා එළවළු අපනයනය ඉහළ නැංවීමට උපකාරී වී තිබෙන බවද ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කියයි.
ඕමාන සුල්තාන් රාජ්‍යයේ අලෙවිසැල් 12 කට ශ්‍රී ලංකා පළතුරු හා එළවළු වර්ග අපනයනය කිරීම ඉහළ නැංවීම සඳහා කැරෙෆෝර් ඕමාන් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් අටක් අතර අන්තර්ජාලය ඔස්සේ පැවති අන්තර් ව්‍යාපාර රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මේ බව සඳහන් කළේය.
ට්‍රැඩ්ලංකා ඇග්‍රිකල්චරල් එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම, එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම, නිඩ්‍රෝ සප්ලයි (පුද්ගලික) සමාගම, දේශාන් ඉන්ටර්නැෂනල් ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම, නෙල්නා සමූහය, සීආර් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම, ජැග්‍රෝ පුද්ගලික සමාගම සහ ඩිවෙලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් පුද්ගලික සමාගම යන ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් සීමාසහිත කැරෙෆෝර් ඕමාන් සමාගම සමඟ මෙම අන්තර් ව්‍යාපාර රැස්වීමට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පළතුරු හා එළවළු ඒකාබද්ධ තොග අපනයනය කිරීම සඳහා මෙහිදී එකඟ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිල අඩු වැඩියෙන් වැවෙන ඇඹුල් කෙසෙල්වලට යුරෝපයේ අය ඉතාමත් කැමතියි. ලාංකීය අපනයන ආයතන ඒ ගැන දැනුවත් කරන්න. රටට අවශ්‍ය විනිමය ලබාගත හැකිවේ.
ලංකාවේ අපට කන්න අවශ්‍ය එළවලු, පලතුරු හිඟ වෙලා තිබෙන අවස්ථාවක පලතුරු පිටරට යැවීම හොඳ දෙයක් නොවේ. රටේ එළවලු සහ පලතුරු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මිලක් ගනියි. මේවා පිටරට යවන්න පටන් ගත්තොත් මිල තව ඉහළ යාවි. ්එතකොට දුප්පත් මිනිස්සු කන්නේ මොනවාද?
මෙන්න ඉන්දියාවෙන් පුවතක්... ‘‘අපේ ඇපල් ලංකාවේ ජනප්‍රියයි‘‘