( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (19) සලකා බැලීමට නියමිතය.
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් , බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය , එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු , ඇන්ටන් මාකස් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම පෙත්සම් ගොනු කළහ.
මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කල යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බව පෙත්සම් වල සදහන් වේ.
කොළඹ වරාය නගර කොමිසම යටතේ වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනදීම, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම හා මුල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැළසීම, වසර 40 ක් දක්වා බදු විරාම පැවරීම යනාදිය මෙන්ම වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිරින් පිහිටුවීම යනාදී කරුණු තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි කර ඇති බව පෙත්සම්වල සදහන් වේ.
මෙම කොමිසම පිහිටුවීම මගින් රටේ ජාතික ආරක්ෂාව ට සහ ජාතික ආර්ථිකයට තර්ජනයක්වන බවද පෙත්සම් මගින් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සද්භාවයෙන් කළයුතු වන්නේ අවැසි නම් පනත් කෙටුම්පතට සංශෝධන, යෝජනා කිරීමයි. සියලුම දේට අකුල් හෙලීම නොවේ. ඇයි නම්‍යශීලී නොවන්නේ...! ඔවුන්ට අනුව සියලුම වෙළෙඳ කලාපයන් වෙනම රාජ්‍යයන් ලෙස අපට ද සැලකිය හැකිය. සාමාන්‍ය කෙනෙකුටද එම වෙළඳ කලාපයන් වලට ඇතුල් විය නොහැක. ප්‍රතික්ෂේප වූ අඩුපාඩු සහිත ඇඟලුම් නම් කලාතුරකින් එළියෙන් මිලදී ගත හැක. එහෙත් වරාය නගරය එසේ නොවේ. අදාල බදු වටිනාකම ගෙවා භාණ්ඩ මිලදී ගත හැක. මෙවන් නගර ලෝකයේ දියුණු රටවල බොහෝ ඇත.
ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටකට විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කළ හැක්කේ ආයෝජකයින් හට දීර්ඝ කාලීන බදු සහන ලබා දීම, ඔවුන් උපයන මුදල පහසුවෙන් ඔවුන්ගේ මව්රටට ගෙනයාමට හැකිවීම වැනි දිරි ගැන්වීම් දීමෙන් පමණි. මෙවැනි ආයෝජනවලින් රටට ඇතිවන වාසිය නම් අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාවීමයි. මෙවැනි දේට විරුද්ධ වන බොහෝ දෙනාගේ අදහස, අද විදේශීය ආයෝජකයින්ට ලංකාව හැර වෙන කිසිම යෝග්‍ය තැනක් ආසියාවේ නොමැති බවයි. ඒ අදහස දුපත් මානසිකත්වය නිසා ඇතිවූ සිහිනයක් පමණයි.
කට්ටියටම ඕනෑ මේකේ නම විනාශ කරන්න. එතකොට කවුරුත් ආයෝජකයින් එන්න කැමති වෙන්නේ නැහැනේ... හෙටම විභාග කර තීරණයක් දුන්නා නම් හරි. නැත්නම් හම්බන්තොට වරායට කරපු දේ, මේකටත් කරනවා. තිබ්බ ගලකුත් නැහැ. අන්තිමට වරායත් නැහැ. කෑ ගහන කවුරුත් සිංගප්පූරු මුදල් වලට යට වෙලා කියලයි මම හිතන්නේ.
කොහොමත් බටහිර ධනවත් ආයෝජකයින් මේ පොට්සිටි එකේ ආයෝජනය කරන්නේ නැහැ.ඔවුන් චීනා ගෑවුන තැනකවත් ආයෝජනය කරන්නේ නැහැ.දුපත ණයට හැදුවටත් පස්සේ තමයි අපේ මෝඩයින්ට ආයෝජකයින් සොයා ගන්නේ කෙසේද කියලා කල්පනා වුණේ
රාජපක්ෂවරු රටට මොනවා කළත් කමක් නෑ.. මේක සිංහල ආණ්ඩුවක් කියාගෙන හිටියොත් එක ඇති