IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොස්ගොඩ තාරකගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි

(සුමිත් ප්‍රේමතිලක  සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ තාරකගේ  සමීපතමයකු බැව් කියන පුද්ගලයෙකු  ගිනි අවියක්  සහ ජීව උණ්ඩ 6 ක් සමඟ  අත්අඩංගුවට ගත් බව  කළුතර අපරාධ කොට්ඨාසය කියයි.

පෞද්ගලික  ඔත්තුකරුවෙකු ගෙන් ලද තොරතුරක් මත බොන්දුපිටිය ප්‍රදේශයේදී  සැකකරු පොලිස් භාරයට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා  කිරීමේදී නිදන කාමරයේ මෙට්ටය යට සගවා තිබූ ත්‍රී එයිට් වර්ගයේ ගිනි අවිය සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව පතුරම් 6 ක්  සොයාගෙන ඔහු සන්තකයේ තිබූ  ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.

2015 ඔක්තෝම්බර් 25 දා  කන්දේවිහාරය ආසන්නයේ දී ගාමිණී ආනන්ද නොහොත් රාළ නැමැත්තාට සහ එම කාලසීමාවේම කොස්ගොඩ තාරක ගේ ඥාති  සොහොයුරකු වන ලොකූ නැමැත්තාට වැලිපැන්න  5 කණුව ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු 2 ක් විභාගවන බවත්, ඇපමත සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් පැවසීය.

සැකකරු කොස්ගොඩ තාරක සමග සමීප සම්කබන්ධතාවයක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මීට ප්‍රථම ගිනි අවි 3 ක් සමගින් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව ඇති බවත් පොලිස් නිළධාරියෙක් පැවසීය.

පොලිස් භාරයට ගෙන ඇති ගිනි අවිය වෙනත් අපරාධ සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් නිලධාරීයෙක් කීය.

 

 



අදහස් (0)

කොස්ගොඩ තාරකගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site