පුතුගේ උපන් දිනයට ගුරු අම්මාගෙන් මත් සාදයක් තම පුතකුගේ උපන්දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යාන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. 25 April 2021
නුවරඑළියට අදත් මහ සෙනඟක් කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා අද (25) දිනයෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයෝ විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටිහ. 25 April 2021
කොරෝනා ආසාදිතයන් 650ක් කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 650 දෙනෙකු අද (25) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇත. 25 April 2021
අයි.ඩී.එච්. රෝහල කෙරෝනා රෝගීන්ගෙන් පිරෙයි කොරෝනා ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච්.රෝහල පිරීගොස් ඇතැයි ම රෝහල් ආරංචි මාර්ග කියයි. 25 April 2021
එතෙරදී එන්නත් දෙකම ගත්තොත් මෙතෙරදි නිරෝධායනයක් නෑ විදේශයන්හි සිට කොරෝනා මර්දන එන්නත් දෙකම රැගෙන පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කින් තොරව පී සි ආර් පරීක්ෂණයක ප්‍රතිඵල මත මුදා හරින බව කොවිඩ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 April 2021
‘‘සෞඛ්‍ය නීතිවලට අනුව මගුල් කන්න පුළුවන්‘‘ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව සඳහා පමණක් අවසර ලබා දෙන බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 25 April 2021
‘‘පාසල් වහන්නේ නෑ‘‘ රජයේ සහ අනුමත පාසල් කළින් සැලසුම් කළ ආකාරයට අඟහරුවාදා (27) සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 25 April 2021
ගුවන්තොට අමුත්තන්ට තහනම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයට අමුත්තන්ගේ පැමිණිම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ගුවන් තොටුපල පරිපාලනය අද (25) පස්වරුවේ තීරණය කරයි. 25 April 2021
මුලතිව් කැලයේ පිපිරීමකින් තරුණයෙක් මරුට:තව තරුණයෙක්ට තුවාල මුුලතිව් ප්‍රදේශයේ ළඳු කැළෑවක පිපිරීමකින් තරුණයකු මියොගාස් තවත් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 25 April 2021
අයිස් මත් කිලෝ හතක් සමග හතරක් සැකපිට යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී රුපියල් කෝටි 07ක් වටිනා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෝ සිව් දෙනෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබූහ. 25 April 2021
රාජ්‍ය උත්සව අද සිට තහනම් ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු ම රාජ්‍ය උත්සව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කර ඇත. 25 April 2021
කොටගල පෞද්ගලික පන්ති දෙකක් නවත්වයි හැටන් කොටගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් නතර කිරිමට හැටන් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු සහ දිඹුල පතන පොලිසියේ නිලධාරිහු කටයුතු කරනු ලැබුහ. 25 April 2021
දඹුල්ල ආර්ථිකයත් වසයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සේවකයන් 42කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය පැය 72කට වසා දැවූ බව වෙළෛඳ සංගමයේ යූ.බී ඒකනායක මහතා පවවසයි. 25 April 2021
අ‘පුර රෝහලේ පරීක්ෂණගාරයේ දෝෂයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් පී.සී.ආර්. සාම්පල 3000ක් පමණ ගොඩ ගැසී ඇතැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. 25 April 2021
‘‘රට අගුලු දැමීමක් හෝ ඇඳිරි නීතිය පැනවීමක් කරන්නේ නෑ‘‘ කොවිඩ් උවදුර විසඳීම සඳහා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කරන අගුලු දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට කළ නොහැකි යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි . 25 April 2021
කොරෝනා නීති කැඩූ 22ක් පුත්තලමෙන් අල්ලයි මුඛ ආවරණ නොමැතිව පුත්තලම නගරයේ සැරිසැරූ 22 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 25 April 2021
මුන්දලම විදුලි පාරිභෝගිකයේ අයෙක්ට කොරෝනා මුන්දලම කිරියන්කල්ලිය විදුලි පාරිභෝගක හා නඩත්තු ඒකකයේ සේවකයකුට කෝවිඩ් ආසාධිත විමත් සමග ඉතිරි සේවකයින් නිරෝධායනයට ලක්කර කාර්යාලය වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 25 April 2021
හේනේගම පාසල් දෙකක සිසුවියෝ දෙකකට කොරෝනා හේනේගම පාසල් දෙකක සිසුවියන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ටි.ඩී.සුරවීර මහතා පවසයි. 25 April 2021
කොරෝනා මඩින්න පොලීසියත් පාරට කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන පිරිස් සොයා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා පොලීසිය මගින් ආරම්භ කර ඇත. 25 April 2021
දෙමටගොඩ චමින්දගේ මස්සිනා කුඩු සමග අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මස්සිනා බව කියන අයකු රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමග මට්ටක්කුලිය සමිත්පුර නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 25 April 2021
කොරෝනා මරණ හතරක් අද වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනකුගේ මරණ අද (25) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 642 ක් දක්වා ඉහළ ගියේය. 25 April 2021
කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සුදු අලියා බාර දෙයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට වැඩි මුදලක් ගෙවා ඇතැයි අලුත්ම ගණනය කිරීම් වලදී තොරතුරු හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බ් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසී ය . 25 April 2021
පොලිසිය කොරෝනා නීති තද කරයි සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ව අනුමැතිය නොමැතිව කිසිඳු ආගමික හෝ වෙනත් උත්සවයකට පොලිසියේ අනුමැතිය නොදෙන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 25 April 2021
රිෂාඩ්ලාගෙන් දින 90 ප්‍රශ්න කරන්න යයි පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය මරාගෙන ත්රස්තවාදීන්ට ආධාර සහ අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුයුදීන් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ රැඳවුම් නියෝගයක් ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 25 April 2021
කොටි බෝම්බ යාපනයෙන් මතු වෙයි යාපනය වැල්වැටිතුරෙයි පොලිකණ්ඩි ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ හඳුනානොගත් බෝම්බ ඇතුලු බිම් බෝම්බ තොගයක් අද (25) සොයාගත් බව පොලිසිය කියයි. 25 April 2021
අනුරාධපුුර සහ පොලොන්නරුව පාළුවෙයි තුන්වන කොවිඩි රැල්ලත් සමගම අනුරාධපුර සහ පොලොන්රුව නගරයේ පූජනීය සිද්ධස්ථානවලට සැදැහැවතුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 25 April 2021
මීගහවත්ත පොලිසිය වසයි මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපතිට සහ එම පොලීසියේ තවත් නිලධාරියකුට කෝවිඩ් 19 රෝගය ආසාදනය වීම නිසා එම පොලීසිය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය කියයි. 25 April 2021
සිරියානු නාවිකයා කොරෝනාවෙන් මරුට සිරියානු ජාතික නාවික කපිතාන්වරයකු කොරෝනා වයිරසය ආසාදනය වී මහනුවර ජාතික රෝහලේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 25 April 2021
ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග ළඟදීම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . 25 April 2021
පළාත් හතකට තද වැසි බස්නාහිර, මධ්‍යම, ඌව, උතුරුමැද, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලට අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026