කොවිඩ් ආසාදිතයෝ අද තවත් වැඩි වේ කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් 796 දෙනෙකු අද (23) දිනයේ මේ වන විට හඳුනාගෙන ඇත. 23 April 2021
ඇතුළේ අර්බුද නම් තරඟ බෑ භ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 23 April 2021
උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. 23 April 2021
නැගෙනහිරත් අනතුරු අඟවයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇති හෙයින් හැකිතාක් එම දිස්ත්‍රික්කය තුළ සංචරණය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිට පළාත් ආණඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය. 23 April 2021
හපුගල ඉංජිනේරු පීඨයේ දෙකකට කොරෝනා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් දෙදෙනකුට සහ කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් හය දෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධණ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. 23 April 2021
පළාත් රැසකට අද රාත්‍රියේ අකුණු සමග තද වැසි දිවයිනේ පළාත් කිහිපයක අද (23) රාත්රියේදී තද වැසි සහ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 April 2021
රන්ජන් වෙනුවෙන් ගීතා ඉදිරිපත් වෙයි රන්ජන් රාමනායක කලාකරුවාට සමාව දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය(පොපෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 23 April 2021
වරාය නගරයේ තීන්දුව කතානායකට වරාය නගර ආර්ථික කොමිෂන් පනත මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කරන්නැයිද අදාළ කොමිෂන් පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලමින් ඉදිරිපත් කොට පෙත්සම සම්බන්ධ තීන්දුව කතානායකවරයාට දැනුම් දෙන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය. 23 April 2021
ගිරවුන් හතරක් ළඟ තබාගත් හතරක් සැකපිට වදවි යෑමේ තර්ජනයට ලක්ව ඇති සහ ඒක දේශික ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් පුද්ගලයන් සිව්දෙනෙක් සිංහාරජ අඩවි වනජිව් නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 23 April 2021
රට සැර වයිරස පහක් සොයන්න නව උපකරණ අද හෙටම ලංකාවට ලෝකයේ විවිධ රටවල ඇති වෙනස් විකෘති වයිරස් ප්‍රභේද පහක් ශ්‍රී ලංකාවේ පවතින්නේ දැයි සොයා ගැනීමට විශේෂිත පී.සී.ආර් උපකරණ කට්ටලයක් ගෙන්වාගැනීමට ඇනවුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ,ආසාත්මිකතා ,ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජවන්දර මහතා පවසයි. 23 April 2021
කතානායකගෙන් අනිල් ජාසිංහට උපදෙස් දියවන්නා ඔයේ ජලය අපවිත්‍ර වීම සහ අවපැහැ ගැන්වීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් පත්කර කඩිනම් පියවර ගන්නයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ට උපදෙස් දුන්නේය . 23 April 2021
ගනේවත්තෙන් කොරෝනා තවත් රෝගීන් 32ක් ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (23) සවස වනවිට වාර්තා වූ කෝවිඩ් ආශ්‍රිතයින් 32ක් සමග එම ප්‍රදේශයෙන් වාර්තාව වූ මුළුු කොවිඩ් ආසදිතයන ගණන සංඛ්‍යාව 215 දක්වා ඉහල ගොස් ඇති බව එම කාර්යාලය කියයි. 23 April 2021
‘‘කිසිදු ලෙසකින් රට වසා දමන්නේ නෑ‘‘ මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 23 April 2021
හොරොව්පතාන රෝහලේ වාට්ටු දෙකක් වහයි හොරොව්පොතාන රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත් කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද( 23) වාර්තා වීමත් සමග එහි කාන්තා වාට්ටුව සහ ළමා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 23 April 2021
මැතිසබයට විනාඩියකට ලක්ෂයක් මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක මුදලක් වැයවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 23 April 2021
කොරෝනා අස්සේ තවත් ලෙඩක් මෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති අතර ඊයේ (22) දිනයේදීද එක් ආසාදිතයකු වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි. 23 April 2021
හරීන් බලන්න රුවන් යයි රෝහල්ගතව සිටින සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (23) පෙරවරුවේ එහි ගියේය. 23 April 2021
රක්වාන බස් පොළේ බුදු පිළිමයට හානි කරලා රක්වාන ප්‍රධාන බස් නැවතුම්පොලේ කාර්යාල පරිශ්‍රයේ තිබූ බුද්ධ ප්‍රතිමාව අද අලුයම රෑ කඩාබිඳ විනාශ කර ඇතැයි රක්වාන පොලිසිය පවසයි . 23 April 2021
‘‘සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා‘‘ අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුළ කොවිඩ් 19 වෛරසය සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැනුම් දුන්නේය. 23 April 2021
මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත. 23 April 2021
යන දුම්රියෙන් පැන්න රන්මාල හොරාට බේරුමක් නෑ කොටුව සිට රඹුක්කන දෙසට ධාවනය වූ මගී දුම්රියක ගමන්ගත් කාන්තාවකගේ රන්මාලයක් කඩාගෙන ධාවනය වූ දුම්රියෙන් පැන්න මංකොල්ලකරුවකු දුම්රිය මගිහු පිරිසක් අල්ලා දුම්රිය ස්ථානාධිපතිවරයාට අද දහවල් බාර දුන්හ. 23 April 2021
මැති සබයේ ගාලගෝට්ටියක් පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනාවක් කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා මැති සබයේ ලොකු ගාලගෝට්ටියක් ඇතිවිය. 23 April 2021
තැපෑලට 3000ක් බඳවා ගනී තැපැල් දෙපාර්තමේන්තුවට ආදේශකයන් බඳවා ගැනීමේ කටයුතු වලින් සියයට 70 ක් අවසන් යැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි. 23 April 2021
පාපන්දුවෙන් කෝටි හතක දඬුවම් පහරක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ රුපියල් කෝටි හතකට අධික මුදලක් අවභාවිතය කළේ යැයි චෝදනාව පිළිබඳව කරුණු විමසීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන මනිලාල් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර තිබේ. 23 April 2021
සිරකරුවන් බැලීම සති දෙකකට නවතී බන්ධනාගාර ගත සිරකරුවන් බැලීම අද (24) සිට සති දෙකක කාලයකට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 23 April 2021
ත්‍රිකුණාමලයේ පාසල් තුනක් වසයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස කීපයක පාසල් තුනක් දින නියමයක් නැතිව වසා දැමූ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පවසයි. 23 April 2021
මිනුවන්ගොඩ පාසල් සිසුහු දහයකට කොරෝනා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකින් කොරෝනා ආසාදිතය සිසු සිසුවියන් 10 දෙනකු අද උදෑසන වාර්තා වූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජා මහතා පවසයි. 23 April 2021
කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසයි හලාවත කොස්වත්ත පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරුවීමෙන් පසු කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා එහි කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයට රැගෙන ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 April 2021
පාර්ලිමේන්තු ගුටි කෙළිය ගැන සොයන කමිටුව නම් කරයි මැති සබයේ සහ මැති සබයෙන් පිටත පසුගිය විසි එක් වෙනිදා සිදු වූ නොහික්මුණු සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 23 )පැවැසීය. 23 April 2021
පානදුර පාසලක් වසයි පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවිකාවක් කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම පාසල වසා දැමීමට එහි පරිපාලනය තිරණය කර ඇති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. 23 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026