(පැතුම් දර්ශන)
හොරොව්පොතාන රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත් කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද( 23) වාර්තා වීමත් සමග එහි කාන්තා වාට්ටුව සහ ළමා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
හොරොව්පොතාන කිව්ලේකඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති අතර , ඇය උණ සහ කැස්ස ඇති බව පවසමින් ඉකුත් (20) ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ වෛද්‍ය උපදෙස් මත නේවාසික ප්‍රතිකාර ලබාගෙන තිබිණි.
ඇයගේ රෝග ලක්ෂණ වල තිබූ පරස්පරතා හේතුවෙන් ඉකුත් (21) වන දා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
ඒ අනුව එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (23) අනාවරණය කරගෙන තිබිණි.
කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍ය වරයෙකු සහ රෝහල් කාර්ය සහයකයකුද නිරෝධානය කිරීමට පියවර ගෙන තිබෙ.
වාට්ටු දෙක වසා තැබුනද රෝහලේ අනෙකුත් සියලු කටයුතු නිසි පරිදි සිදුවන බවත් විසබීජහරණය කිරීමෙන් පසු ඉතා ඉක්මනින් වසාදැමූ වාට්ටු දෙක විවෘත කරන බවත් අප කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd