මාර්තු උද්ධමනය ඉහළට උද්ධමනය, පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය. 22 April 2021
අවුරුදු සමයේ දුම්රියත් ගානක් හොයා ගනී උත්සව සමයේ ගතවූ දින 10ක කාලය තුළ රුපියල් කෝටි 13ක් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවැසීය. 22 April 2021
කොරෝනා අවදානම ගැන මැති ඇමැතින්ට නිවේදනයක් මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ දි හා ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය සහ කොරෝනා නීති සම්බන්ධයෙන් ඔවුන්ට යළි සිහි කැඳවීම් කෙරෙන නිවේදනයක් කතානායකවරයාගේ උපදෙස් අනුව ඉදිරි දිනවල නිකුත් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 22 April 2021
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22) සංචරණ සීමා පැනවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 22 April 2021
සුහුරු පන්ති කාමර හදන රටේ මේත් පන්ති කාමරයකි වලස්මුල්ල ‘රළුව’ ප්‍රාථමික විද්‍යාලයේ 05 වැනි වසරේ සිසුන් ඉගෙණුම ලබන පොල්අතු සෙවිලි කළ පංති කාමරය වෙනුවට නව ගොඩනැල්ලක් ලබා දෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද (22) දහවල් රළුව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 22 April 2021
අධිවේගයේ මදාවි ගමනේ ගිය පස් දෙනාට ඇප දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක දොර කවුළු මත නැගී අපරික්ෂාකාරි අන්දමින් ගමන් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රිමාන්ඩ් ගතව සිටි සැකකරුවන් පස් දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (22 ) නියම කළේය . 22 April 2021
ආබාධිත රණවිරුවෝ සයුර තරණය කරති ආබාධිත රණ විරුවන් පිරිසක් හික්කඩුව ගැඹුරු මුහුදේ කිමිදීමේ පුහුණුවකට එක් වූහ. ආසියාවේ මෙවැනි පුහුණුවක් පවත්වා ඇත්තේ ප්‍රථම වතාවටය. 22 April 2021
‘‘යහපාලනය පලිගැනීම ජාතික කලාවක් කළා‘‘ යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක් බව පත්කළ මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 April 2021
ගංජා ඇද්ද බස් රියැදුරා - කොන්දොස්තර කූඩුවට රියැදුරු අසුන පිටුපස සඟවා ගෙන ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 425 ක් ප්‍රවාහනය කලැයි සැකපිට අත්අඩංගුවට ගත් වලස්මුල්ල - මහනුවර පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර වරයා අප්‍රේල් 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියම කළේය . 22 April 2021
වැඩකට නැති කතා 119ට එපා 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පුද්ගලික කාරණ සම්බන්ධයෙන් ඇමතුම් ලබා දීමෙන් වළකින ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 22 April 2021
පාර්ලිමේන්තු ගැටුම ගැන පරීක්ෂණයක් හරින් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවූ ගුටිබැට හුවමාරුව සහ හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට තහනම් ද්‍රව්‍ය කීපයක් රැගෙන ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් පත් කිරීමට තමා තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ අද (22 )පැවැසී ය. 22 April 2021
යාපනයේ දෙපිරිසක් ගැටේ: අයෙක් මරුට:පහකට තුවාල යාපනය පේදුරුතුඩුව අල්වායි උතුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් පස් දෙදෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. 22 April 2021
අම්බරුවෝ යකඩ යකාට බිලි වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී සීග්‍රගාමී දුම්රියේ ගැටී මී ගවයින් 16 දෙනකු අද අලුයම (22) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. 22 April 2021
දස වසරකදී රිය අනතුරු බිලි ගත් ජීවිත වසර 10කදී රිය අනතුරු වලින් 22000ක පිරිසක් මියගෙස් ඇති අතර වසර 30ක් පැවති යුද්ධයෙන් මිය ගොස් ඇත්තේ 29000ක් බව ඇමති සරත් වීරසේකර මහතා කීය. 22 April 2021
ගම්පහට කොරෝනා අවදානමක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 22 April 2021
විශ්ව විද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි කොරෝනා අවදානම හේතුවෙන් රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසී ය . 22 April 2021
යාපනය පොලිසියේ 20කට කොරෝනා යාපනය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 11 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසයි. 22 April 2021
පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ වයඹ උතුරුමැද පළාත්වල අද (22) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 April 2021
ලී කර්මාන්ත ශාලාව ගිනි රකුසාට බිලි වස්කඩුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක අද (22) අලුයම ගින්නක් හටගෙන ඇති බව කළුතර උතුර පොලීසිය කියයි . 22 April 2021
හොර වැලි ට්‍රැක්ටරයකට හමුදාවෙන් වෙඩි යාපනය චාවකච්චේරි පොලිස් වසමේ පාලාවි ප්‍රදේශයේ යුද හමුදා අන නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන් පිරිසකට යුදහමුදාව අද (22) අලුයම වෙඩිතැබීමක් සිදු කළ බව චාවකච්චේරි පොලීසිය පවසයි. 22 April 2021
දිවුලපිටියෙන් දෙදිනකදී කොරෝනා රෝගීහු 73ක් දිවුලපිටියේ ගම්මාන දෙකකින් පසුගිය දින දෙකක් තුළ කොරෝනා ආසාදිතයන්හැ 73 දෙනකු වාර්තා වී ඇතැයි දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 22 April 2021
දඹුල්ලේ ඇළකින් නාඳුනන මළ සිරුරක් බෝවතැන්න ජලාශයෙන් කණ්ඩලම ජලාශයට ජලය රැගෙන යන ඇළ මාර්ගයක පාවෙමින් තිබූ නාදුනන පිරිමි අයකුගේ මළ සිරුරක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 22 April 2021
අම්බරුවන් පාරට යැව්වොත් දඩ වව්නියාව නගර සීමාව තුළ අයාලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට නගර සභා කටයුතු යොදා ඇත. රිය අනතුරු අවම කරගැනීම මෙහි මුලික අරමුණ බව ද වාර්තා වෙයි. 22 April 2021
දෛනික ආසාදිතයෝ 500 ඉක්මවති කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 516 දෙනකු අද (21) හඳුනාගෙන ඇත. 21 April 2021
කුරුණෑගල තිත්තවැල්ගල හුදකලා කරයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසම ඊයේ (21) රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 21 April 2021
ශ්‍රී ලංකන් සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ ගිවිසුමක ශ්‍රී ලංකන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන Uga Escapes Walkers සහ Taru Villas සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. 21 April 2021
සැම්සුන් ගැලැක්සි A52 සහ A72 දැන් ශ්‍රී ලංකාවේ Samsung නවතම Galaxy A52 සහ Galaxy A72 ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කර තිබේ. ප්‍රබල කැමරා ආකර්ෂණීය නිමාව සහ අලංකාර තිරයක් සමගින් එන නවතම Galaxy A Smart දුරකථන පෙළ ස්මාර්ට් දුරකථන පරිශීලකයකු අපේක්ෂා කරන සියලු පහසුකම් ආකර්ෂණීය මිලකට ලබාදෙන බව එම සමාගම කියයි. 21 April 2021
ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් විශේෂ ගමන් ගාස්තු ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයන්ට ප්රතිලාභ ලබා දීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව මෙම විශේෂ ගාස්තු සහිත ප්‍රවේශපත් වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිත කිරීමේ අවස්ථාව මෙන්ම ප්‍රවේශපත්‍රවල වලංගු කාලය වසර තුනක් දක්වා දීර්ග කිරීමේ සහනය පාරිභෝගිකයන්ට ලබා දී ඇත. 21 April 2021
ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය සියයට125 කින් නංවයි. ජුනි මාසය වන විට සියැට් ට්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව එම සමාගම සඳහන් කරයි. 21 April 2021
විකිරණ නෞකාව වරායෙන් එළියට ’යුරේනියම්’ නැමැති විකිරණය ගබඩාකර ඇති බව හෙළි නොකර හම්බන්තොට වරායට ඇතුල්වූ චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේ වන විට වරායෙන් පිටතට යවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (21) පස්වරුවේ පැවසීය. 21 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026