
ශ්‍රී ලංකන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන Uga Escapes Walkers සහ Taru Villas සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.
මෙම නව සංචාරක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකන් හොලිඩේස් බලාපොරොත්තු වෙයි. තව ද මෙරට සංචාරක ක්ෂේත්රයේ දැවැන්තයන් තිදෙනකු සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සිය ගනුදෙනුකරුවන්ට හෝටල් සඳහා ආකර්ශනීය මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ද උදා වනු ඇති බව ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුප්‍රකට සිරි ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධව සිදුකරන තක්කඩි හෝටල් මාෆියා ජාලාව බංකොලොත් වේවා යන්න ජනතාවගේ ප්‍රාර්ථනයයි!! ඔබලා අසරණ ජනතාවගේ රීරි මාංශ උරා බොමින් දැනටමත් සිදුකරන නීච නින්දිත හොර, තක්කඩි, වංචාව ගැන අපට නම් ඇත්තේ පිළිකුලක්. ඒ වංචා කරන මුදල්වලින් කිසිදිනෙක වගතුවක් නම් වෙන්නේ නැහැ කවදාවත්... ඔය ගසාකන සාහසික ක්‍රියාව ඔබ සමාගම පිටත්, ඒ අයුතු ලෙස හම්බකරනා මුදල් වලින් වැජඹෙන සියලු දෙනාටත් ශාපයක්ම වේවා, යන්න අපගේ පැතුමයි...!!!