බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 70වක් හෙට සිට බස්නාහිර පළාත තුළ හෙට (28) සිට දුම්රිය ගමන් ගමන්වාර හැත්තෑවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 27 June 2021
‘‘කාබනික පොහොර භාවිතයට තැබූ පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නෑ‘‘ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය හමුවේ අද සඳහන් කළේය. 27 June 2021
පොලීසියේ හොරු අල්ලන්න අලුත් ඒකකයක් පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට තමා බලාපොරොත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 27 June 2021
හොරෙන් ගවමස් ගෙන ගිය තිදෙනෙක් බදුල්ලේදී මාට්ටු නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව ගවමස් කිලෝ 700ක් හොරෙන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් සහ වෑන් රථයක් සමඟ සැකපිට පුද්ගලයන් තිදෙනකු අද (27) අලුයම බදුල්ල පිටපොල මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි . 27 June 2021
‘‘ජනපති ජාතිය ඇමතීමේන් සිදු වුණේ අසමත්කම ප්‍රදර්ශනය වීමයි‘‘ දුෂ්කර කාලයේ දී ජනතාව ජනාධිපතිවරයාගෙන් නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම අඩුපාඩුකම් වසා ගැනීමට ජනතාවට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් බව ප්‍රදර්ශනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 27 June 2021
ගාල්ල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් බස්නාහිර 425කට එන්නත් දීලා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 632 දෙනාගෙන් 425 දෙනකුම බස්නාහිර පළාතෙන් පැමිණි අය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ගාල්ල පොලීසියට ලබා දුන් නාම ලේඛනයේ සඳහන් වන බව වාර්තා වෙයි. 27 June 2021
අලුත්ගම සතොස තාවකාලිකව වසයි අලුත්ගම සතොස ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු තවත් සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට සතොස ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 27 June 2021
කුඩ්ඩෝ හතරක් කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියෙන් පනිති කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියේ තාවකාලිකව රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් සිවු දෙනකු අද අලුයම පලාගොස් ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 27 June 2021
උපාධිධාරීන්ට පොලිස් පරීක්ෂක තනතුරු උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 27 June 2021
රජරට ගොවිහු පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති මෙවර යල්කන්නය සදහා රජය මගින් පොරොන්දු වු පරිදි සහනාධාර පොහොර දෙන්නැයි ඉල්ලා එප්පාවල හා තඹුත්තේගම ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා දෙකක් එප්පාවල හා තඹුත්තේගම නගරවලදි අද පැවැත්විණි. 27 June 2021
රට රැකියාවට යන අයට කඩිනමින් කොරෝනා එන්නත් විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 27 June 2021
සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා රජය පනවා ඇති සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට විවෘත කරන බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි. 27 June 2021
පෝරකයට නියම වූ සිරකරුවෝ 10ක් බන්ධනාගාර වහළට නඟිති මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් වශයෙන් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් දස දෙනකු නැවතත් අද උදෑසන සිට වැලිකඩ බන්ධනාගාර වහළය මත නැගී උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 27 June 2021
එළවළු බෙදන්න බලපත් ගෙන කුඩු ඇද්ද දෙකක් මාට්ටු එළවළු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගෙන එම බලපත්‍ර අවභාවිතා කරමින් කැබ් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු මැදිරිගිරිය කළගෙඩි පාලම අසලදී මත්කුඩු ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 60 සමඟ අද අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 27 June 2021
ගණිකා නිවාසයක් වටලා 6 ක් අත්අඩංගුවට යාපනය නල්ලූර් ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුලු 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 27 June 2021
කසල ගොඩක පිපිරීමකින් අයෙක් රෝහලේ මුලතිව් පොලිස් වසමේ ස්වාමිතොට්ටම් ප්‍රදේශයේදී සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට මුලතිව් පොලීසිය පවසයි. 27 June 2021
දහම් පාසල් අධ්‍යාපනය ඔන්ලයින් හරහා කොරෝනා වසංතය හේතුවෙන් නැවැතී ඇති දහම් පාසල් අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කළ බව දහම් පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසයි. 27 June 2021
කොළඹ පිරිසකට ඇස්ට්‍රා සෙනිකා හෙට සිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිට සිදුකරන බව කොළඹ මහ නගර සභාව පවසයි. 27 June 2021
පොහොර ඉල්ලා මීගලෑවේ ගොවීහු උද්ඝෝෂණයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් මීගලෑව මහවැලි කොට්ඨාසයේ වැලියාව ගොවි සංවිධානයේ ගොවිහු පිරිසක් වැලියාව කුඹුරු යායේ උද්ඝෝෂණයක් පැවැත් වූහ . 27 June 2021
කොරෝනා ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි කොරෝනා වයිරසය වැළඳී නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතාකාර ලැබූ තරුණයක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි . 27 June 2021
රජයේ රෝහල්වලින් එන්නත ලබාදීමට වැඩපිළිවෙලක් දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය . 27 June 2021
වැඩිමිලට සහල් විකුණන්නන්ට වැඩ වරදී රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 27 June 2021
කෝටි 3ක කේරළ ගංජා-මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය පුනරීන් සීතාකුඩිඉරිප්පු කලපුව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා සහ නිතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි. 27 June 2021
ලක්ෂ 9 කට එන්නත් මාත්‍රා දෙකම විදලා ශ්‍රී ලාංකිකයන් නව ලක්ෂයකට ආසන්න (880,143) සංඛ්‍යාවක් ‘කොවිඩ් 19’ මර්දන එන්නත් මාත්‍රා දෙකකම ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විද්‍යා ඒකකය පවසයි. 27 June 2021
‘තව අවුරුදු දෙකක් යනතුරු වාහන ගෙන්වන්නේ නෑ‘ තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය . 27 June 2021
ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් රාජගිරිය නගර මධ්‍යයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි . 27 June 2021
දිස්ත්‍රික්ක තුනක ග්‍රාමසේවා වසම් 5 ක් හුදෙකලා කරයි කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවරු 6.00 සිට හුදකලා කළේ යැයි ‘කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 27 June 2021
නිරෝධායන නීති කැඩූ 361ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 361 ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 27 June 2021
කපුවාට අපහාස කළැයි කුරුසියේ තබා ඇණ ගහලා බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත . 27 June 2021
තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි. 27 June 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026