(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් නව ලක්‍ෂයකට ආසන්න (880,143) සංඛ්‍යාවක් ‘කොවිඩ් 19’ මර්දන එන්නත් මාත්‍රා දෙකකම ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විද්‍යා ඒකකය පවසයි.
මෙහිදී ‘ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 372,868 ක් ද, ‘සයිනෝෆාම්’ දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 492,850 ක් ද, ‘ස්පුට්නික් වී’ දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 14,425 ක් ද, ඊයේ (26) වැනිදා දිනය අවසන් වන විට ලබාගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් 2,435 ක් ද ‘සයිනෝෆාම්’ දෙවැනි මාත්‍රාව ද ලබාගෙන තිබේ.
‘ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ පළමු එන්නත ලබාගත් පුද්ගලයන් 552,374 ක් මේ දක්වා දෙවැනි එන්නත ලබාගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd