(සුජිත් හේවාජුලිගේ )
තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය .
රටේ ආර්ථිකය ස්ථාවර තත්වයකට එනතුරු අපහසුවෙන් වුව එවැනි තීන්දු වලට යෑමට සිදුවන බව කී රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් වසංගතය හමුවේ රට ඉදිරියට ගැනීමට සෑම දෙනකුම කැපවීම් කළ යුතු බවද සඳහන් කළේය.
පසුගිය යහපාලන රජය සමයේදී වාහන ආනයනයට අසීමිත බදු සහන ලබා දීම නිසා දේශීය වාහන කර්මාන්තය විශාල වශයෙන් බිඳ වැටුණු බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණේ මැතිඇමතිතුමාලාටත් අදාල විය යුතුයි. අපි එහෙම නම් හවතින්ම එකඟයි..
පසුගිය යහපාලන රජය සමයේදී වාහන ආනයනයට අසීමිත බදු සහන ලබා දීම නිසා දේශීය වාහන කර්මාන්තය විශාල වශයෙන් බිඳ වැටුණු බව. දේශීය වාහන කර්මාන්තය කෝ...?
අපි සතුටින් හිටියා ... වාහන ගෙන්වීම නතර කරලා ලංකාවේ හදයි කියලා. එතකොට සාධාරණ මිලකට හැමෝටම ගන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒකේ අනික් පැත්ත දැන් වෙලා තියෙන්නේ. හරියට කහ වගේ... කළින් රුපියල් 500ට තිබුණේ... කිලෝ එක... දැන් 5000ක් වෙලා.. හැමදෙයක්ම අසමත්...
ඔබතුමාලත් දේශිය වාහන නේ පාවිච්චි කරන්නේ
යහපාලනය නෙමේ යමපාලනය කාලෙදී වුණත් සාමාන්‍ය මිනිස්සුන්ට නම් අසීමිත බදුසහනවත් අඩුවට වාහන හම්බ වුනේවත් නැහැ. හම්බවෙච්ච අය ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න..
යහපාලන සමයේදී වාහනවල තිබිච්ච බදු දෙගුණයකින් විතර වැඩි කළා මිස අඩුකරපු බවක් නම් මතක නැත. මේ ඇමතිතුමා මොනවද මේ කියන්නේ...?
අනේ නිකං බොරු නොකිය යන්න අමුඩගම, 226ට ගත්ත ඒවා කාටත් හොරෙන් එයි අගේට... බොරු කීම කලාවක් නම් රාජපක්ෂවරු එහි පිකාසෝලා වෙති. ඇදගෙන නෑම කලාවක් නම් ලාංකික අපි එහි පිකාසෝවරු වෙති.
මේක හරි සරලයි.. හම්බ කරන ගාණට වඩා වියදම් කළොත් ඕන කෙනෙක් බංකොළොත්... ලංකාවට වෙලා තියෙන්නේ ඒක...
අමුතුවෙන් කියලා ආයේ ගෙන්වන්න දෙයක් නැහැනේ. ඕනකරන උදවිය කවුරු කවුරුත් මේ වෙනකොට සැපවාහන ගෙනැල්ලා ඉවරයිනේ...
ඉස්සෙල්ලාම පුතාණෝ රජකරලා ඊට පස්සේ ලැම්බෝගිනි ගෙන්වන්න නේද ඔය සැලසුම ගහන්නේ.. හොඳයි කාලා වරෙන්කෝ...
ලක්ෂපතියන්ට වාහන ගන්න මුදල් තිබුණාට අපට සල්ලි නෑ දේශීය වාහන කර්මාන්තය නගා සිටුවා තම අතේ මුදලට වාහන ගත්තට කමක් නැත. එය නගා සිටුවනවා කියා වාහන ගෙන්වීම නැවැත්වීම ජනතාවගේ අයිතිය උදුරා ගැනීමකි. කහවලට වුණු දෙයම තමයි වෙන්නේ. පොහොර වලටත් ඒකමයි වෙන්නේ. එකපාරටම මෙය කිරීම සාමාන්‍ය ජනතාවට කරන අසාධාරණයකි. හැම දෙයටම හරි වැඩ පිළිවෙළක් තිබිය යුතුයි.
ඒ්ක දන්නැ කට්ටය ඒකතු වෙලා වාහන කලින් ගෙනාවේ
සල්ලි විසි කරලා ඇමැතිකම් ගත්තාම ඔහොම කතා කියන්න තමයි දන්නේ. මේ අය මොනවද දේශපාලනය ගැන දන්නේ? ඔක්කොම කුණු පසුගිය ආණ්ඩුවට දාලා මෙතන වැලළෙන්න හදනවා. එහෙනම් අප්‍රේල් මාසේ සුපිරි වාහන 227ක් ම ගෙන්වන්න වැඩ පටන් ගත්තේ... සාමාන්‍ය ජනතාවට වැඩට යන්නද? ලියලා දුන්නු දෙයක් ඔහේ කියවනවා. මොලේ කළඳක් නැති බව තමයි ප්‍රදර්ශනය කරන්නේ...