(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් රාජගිරිය නගර මධ්‍යයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .
සංචරණ සීමා පැවති පසුගිය කාලයේදී අවස්ථා තුනක දී මෙම ස්ථානය වටලා කාන්තාවන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බව ද පොලිසිය කියයි.
සම්භාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට රජය මගින් දැනුම් දී තිබියදී මෙම ස්ථානය නැවත නැවතත් ව්වෘත කර තිබෙන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී එහි හිමිකරු රැදි නොසිටි අතර ඔහු බාහිර ස්ථානයක රැඳී සිටිමින් ජංගම දුරකථනය හරහා ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වූ බව පැවසේ..
තවදුරටත් විමර්ශනය කිරීමේදී අන්තර්ජාලයේ ඇප් එකක් හරහා , කාන්තාවන්ගේ ඡායාරූප හා ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු පළ කොට ,ඊට සම්බන්ධ පුද්ගලයින් නියමිත මුදල් විද්‍යුත් ක්‍රම හරහා ගෙවීමෙන් පසුව දිනයක් හා ස්ථානයක් ලබාදී මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගත් රාගම (41) කෑගල්ල (22) පදිංචි කාන්තාවන් දෙදෙනා සහ රාජගිරිය (47) බොරලැස්ගමුව (26) පුද්ගලයින් දෙදෙනා අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට